බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්
ඉස්සෙල්ලම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක හේතු වාදින්ට නෙමෙයි බෞද්ධයන්ට..
අපි දන්නවා බුද්ධත්වය පතන බෝධිසත්වවරුන් අප්‍රමාන කරුනාවන්ත මිනිසුන් ඇතුලු සියලුම සතුන්ට කිසිම ආත්මාර්ථ කාමි කමකින් තොරව පිහිටවන පිංවත් පිරිසක් බව. මේ අතරින් මෛත්‍රී බෝධිසත්වයන් ගැන තමයි අපි වැඩිපුර අහලා තියන්නේ. ජනතාව අතර තියන විෂ්වාසයක් තමයි නාථ දෙවියන් කියන්නේ මතු බුදුවන මෛත්‍රී බෝසතානන් වහසේ කියලා නමුත් ඒක වැරදි පිලිගැනීමක් බවයි පෙනෙන්නට තියන්නේ. මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විස්තර වල සඳහන්ව ඇත්තේ මෛත්‍රී බෝසතනානන් වහන්සේ මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා නමින් දෙව්ලොව වැඩ වාසය කරන බවය. පොත පතෙහි සඳහන් වන්නේ නාථ දෙවියන් යනු අවලෝකිතේෂ්වර නමින් බුදුවීමට පෙරුම්පුරන දෙවි කෙනෙක් බවයි.
වරක් දෙවන පරාක්‍රමබාහු රජ කාලෙ රටේ ලොකු නියං සායක්යාඑති වුන අතර ඒරාවස්ථාවේ මහත් සෘද්ධිබල තියෙන නාථ හා මෛත්‍රී දෙවිවරුන්ට පූජා පවත්වල සෙත් පිරිත් සඡ්ජායනා කරවල දළදා වහන්සේත් නුවර පැදකුණු කරවල වැසි ලබාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා. නාථ දෙවියන් යනු ඉතා කුඩා සතුන්ට පවා කරුනාව දක්වන දෙවි කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ.
ඉතින් මෙවැනි බෝසත් දෙවි කෙනෙක් හට පිං පෙත් අනුමෝදන් කරනවානම් එම දෙවිවරුන්ගෙන් ලෞකික දියුනුවට උපකාරත් ආපදා අනතුරු වලින් ආරක්ශාවත් ලැබෙන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් පිහිට ලබන්නට නම් ඔවුන් පංචශීලය රකින ප්‍රථිපත්ති රකින අයවලුන් විය යුතු බවයි..
නාථ දෙවියන් හට වඳින ගථා ස්ත්රෝත්ර කීපයක්
නාථ ශ්‍රී සර්ව මංගල්‍ය
යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූපේන
නාථ ස්වාමි නමෝ වරම්
෴..෴..෴
දාන සීල භාවනාදී පාරමිතා පූර්ණං
දාන ශාන්ති සෞඛ්‍ය සම්ප්‍රදාන් ජනාන භුවනම්
තාවතිංස රම්‍ය දිව්‍ය වාසභනව නිත්‍යං
නාථදේව රාජ පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං
මයිත්‍රී කරුණා-උපේක්ෂ මුදිතාකර සදෘශං
නයික ලෝක වාස සත්ව කල්ප වුක්ෂ සදෘශං
දයිතයා දිත්‍ය තයාගී චින්තන සංයුක්තං
මෛත්‍රී දේවාභිදාන ආසන ප්‍රවිෂ්ටං
අනඝ මති මනෝඤ්ං ධර්ම චින්තා නිධානම්
අනභි මුඛං ශාස්ත්‍රං අග්‍රලෝකාග්‍ර සත්-ත්වං
අමිල රුචිර දෙහං පූජනීයාන බුද්ධෝ
අමරධිපති නාථං දේවරාජං නමාමි
෴..෴..෴
දකුණු අතේ ගන රන්මිණි කලස දරන වට
ලකුණු ඇතුව හෙළා දිෂ්ටි තුසිත පුරේ සිට
දකුණු වලාසද මඩලක් සේම උදා කොට
දකුණු වාසලෙන් එළි බැස මල් දොරගාවට
රනේ කිරුළු තුංගව් දිග සළුව අදින්නේ
පෙනේ විදුලි සැර මල්දම් කරේ දිලෙන්නේ
ගෙනේ දකුණු හස්තෙට රං කලස දරන්නේ
අනේ නාථ දෙවියනි මල් අස්න වඩින්නේ
අතේ දේවගණ රන් මිණි කලස දරලා
ගතේ චන්ද්‍ර සූර්යා ආලෝක වඩාලා
ලතේ දිෂ්ටි ජනෙල් දොරෙන් කරුණා කරලා
රතේ පිටින් එන්ඩ මෙමල් මධුර බලාලා
සදුන් සුවද මල්පිනි දිය කස්තුරී කපුරූ
මුදුන් වියන් තිර ජවනික සේසත් පැතූරූ
යොදුන් ගණන් මිහිතල් වැට පන්දම්
උතුන් මෙ නවරත්න තිලක සුරවර කුමරූ
පාත කැළණි පුර ලක්දිව බාරව සිටගති
භූත යකුන් හට ගිනි ගිනි කියා වදා රති
මෑත කපට බුදුවන්නට විවර ලැබගති
නාථ දේව රත්න තිලක සුර පුරයෙන් එති
෴..෴..෴
මෙහ් වෙලාව තියනවනම් මගේ බ්ලොග් එකට ගිහින් පරන ලිපි බලහල්ලා...

Last edited: