ජෙප්පො වගේ කුහක නොවෙමු වැරැද්දට වැරදියි කියන්න පුරුදුවෙමු....
මේක නම් පට්ට පජාත වැඩක්,,, සක්කිලිකම මතුවෙනවා පොඩ්ඩ පොඩ්ඩ....
March 5, 2023 at 12:44 pm | lanka C news
2023 රාමලාන් (රාමසාන්) සමය 2023 මාර්තු 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වන දින අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කියා සිටියේය.
ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.
ඒ අනුව සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදී ය හැකි වන පරිදි වැඩමුර සකස් කර දිය යුතුයි. මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමටද මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැකිය.
රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී