නාන්නේ_පරිස්සමින්

Podi minihatama tama ohoma wenne

Salli tiyena aya pool gihin nagannawa

Salli nathi eka gangaka oyaka naala jeewithet nathi karagannawa

අනේ ගොනා. :lol: යකෝ පූල් එකක නානවා වගේද ගඟක, ඇලක, වැවක, මුහුදක නාන එක. තෝ නම් වැස්සට වත් නාපු එකෙක් නෙවේ. වැස්සේ නාන එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්.
 

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    apita kittui,,ada mini genawa,,gewal dekama eka langa,,,anith lamai dennage bodies ada ude hambawuna kiyanawa,,,,hamotama padamak meka
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අනේ ගොනා. :lol: යකෝ පූල් එකක නානවා වගේද ගඟක, ඇලක, වැවක, මුහුදක නාන එක. තෝ නම් වැස්සට වත් නාපු එකෙක් නෙවේ. වැස්සේ නාන එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්.

    Onna pissek

    Kiyawala terum ganna bari godak ewun dan pora wenna hadanawa....

    Isella kiyawanna igena ganna...

    Eeeta passe kata karanna igena ganna...

    Pradarshana bandayak wenna epa
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    REP added
    ඔව් අපි අවුරුදු කීපයකට කලින් කළුතර පැත්තෙ දිය ඇල්ලක (මට නම මතක නෑ) කට්ටිය එක්ක නානකොට වහින්න ගත්ත, ඒ දවස් වල ටිකක් වැස්ස. අපි වැස්ස එච්චර ගනං ගත්තෙ නෑ, වැස්සෙම ආතල් එකේ නෑව. එක පාරටම ගමේ මිනිහෙක් ඇවිල්ල අපහ කෑ ගහල කිව්වා අන්න උඩහට වහිනව වතුර වැඩිවෙන්න පුලුවන් ඉක්මනට යන්න කියල. සමහර අපේ අය කැමති වුනේ නෑ ඒක් කොහොම හරි වතුරෙන් ගොඩට ආව. ඇවිල්ල යන්න ලෑස්ති වෙනකොට මට මතකයි දිය ඇල්ල එක්ක තිබිච්ච දොල පාරෙ වතුර ටිකක් වැඩි වුනා ( අවදානම් මට්ටමක නැති වුනත්). ඒ වෙලාව සුළු වතුර වැඩිවීමක් වුනත් යම් විනාශයක් කරන්න තිබුන මොකද සමහර විට කට්ටිය කොටු වෙන්නත් පුළුවන් ඒවගේම පැනික් වෙලත් කරදර සිද්ධ වෙන්න පුලුවන්. අද නිව්ස් වල දැක්ක දෙයින් පස්සෙ තමයි මට ඒ සිද්ධියේ බරපතල කම ගොඩක්ම තේරුනේ

    උඹ මේ කියන්න කළුතර තුඩුගල ඇල්ල ගැන ද ?
    එතන නම් පුතේ වැස්ස කාලෙට පරිස්සමින් .
    එකපාරක් අපි බලන් ඉද්දිම තත්පර ගානක් ඇතුලත් මහ වතුර පාරක් ආවා ඇල්ලෙ උඩ ඉඳල.
    ඔය ඇල්ලෙ යටින් එන්න පුලුවන් ගුහාවක් තියෙනවා. කට්ටිය ආතල් එකට ඒක අස්සෙත් යනවා.. ඕක ඇතුලෙ ඉන්න වෙලවක මෙහෙම වතුර පාරක් ආවොත් නම් ඉතින් ආයෙ ඉවරටම ඉවරයි.
    පරිස්සමින් මචන්ලා
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    චගු;22453486 said:
    උඹ මේ කියන්න කළුතර තුඩුගල ඇල්ල ගැන ද ?
    එතන නම් පුතේ වැස්ස කාලෙට පරිස්සමින් .
    එකපාරක් අපි බලන් ඉද්දිම තත්පර ගානක් ඇතුලත් මහ වතුර පාරක් ආවා ඇල්ලෙ උඩ ඉඳල.
    ඔය ඇල්ලෙ යටින් එන්න පුලුවන් ගුහාවක් තියෙනවා. කට්ටිය ආතල් එකට ඒක අස්සෙත් යනවා.. ඕක ඇතුලෙ ඉන්න වෙලවක මෙහෙම වතුර පාරක් ආවොත් නම් ඉතින් ආයෙ ඉවරටම ඉවරයි.
    පරිස්සමින් මචන්ලා
    අන්න ඒක තමයි තැන අර පරණ රබර් ෆැක්ටරිය තියෙන පොට් එක නේද?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අන්න ඒක තමයි තැන අර පරණ රබර් ෆැක්ටරිය තියෙන පොට් එක නේද?

    ඔව් .. ඔතන නාන්න යනව නම් මේ දවස් වල බොහොම පරිස්සමින්. භයානක තැනක් මචන්
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    චගු;22453808 said:
    ඔව් .. ඔතන නාන්න යනව නම් මේ දවස් වල බොහොම පරිස්සමින්. භයානක තැනක් මචන්

    දැන් තුඩුගල අර පූල් එක වගෙ පොට් එකේ නාන්න බෑ නේද? අපි ලගදි ගියා, එතන වහල, ඒ ඉඩම මොකක්හරි කම්පැනියකින් අරගෙන, දැන් ගල් වැඩපලක් දාලද කොහෙද,, ඊට එහාට ගිහින් නාන්න වෙන්නෙ!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වතුරේ ඇතිවෙන සුළු වෙනස්වීමක් ගැන උනත් සෙවිල්ලෙන් ඉන්න ඕනේ ... අපි හුගක් වෙලාවට යන්නේ ඔය වගේ තැන් වලට බිලා නාන්න නේ ..... මමත් මුහුණ දුන්න ඔය වගේ 3 පාරක් වතුර වැඩි වෙලා .... කොච්චර බිලා හිටියත් වතුර ගැන අවදානයෙන් හිටපු නිසා බේරුන.

    හැබැයි අදටත් ඒ නාපු තැන් තුනේ නම් දන්නේ නැ ..... වැඩිය යන්න එන්නේ නැති පට්ට සැපක් ගන්න පුළුවන් තැන් 3ක් ..... හැබැයි පට්ටම භයානක තැන්
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද ආරංචි උනා ගෙවල් ගාව කොල්ලෙක් උන්ගේ ගෙදරටත් හොරෙන් ගෙවල් කිට්ටුව තියෙන ඔයක නාන්ඩ ගිහින්, ගහගෙන ගිහින්. අද උදේ හම්බවෙලා තියෙන්නේ. මිනිය හම්බවෙද්දී, ඔලුව වතුර යටට හිටින විදියට ඔලුවෙන් හිටන් වගේ ඉඳලා තියෙන්නේ. මූන මාළු කාලා ලු. මේ දවස් වල නම් වතුර පාරවල් වලට නිකමටවත් බහින්ඩ හොඳ නෑ.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අද ආරංචි උනා ගෙවල් ගාව කොල්ලෙක් උන්ගේ ගෙදරටත් හොරෙන් ගෙවල් කිට්ටුව තියෙන ඔයක නාන්ඩ ගිහින්, ගහගෙන ගිහින්. අද උදේ හම්බවෙලා තියෙන්නේ. මිනිය හම්බවෙද්දී, ඔලුව වතුර යටට හිටින විදියට ඔලුවෙන් හිටන් වගේ ඉඳලා තියෙන්නේ. මූන මාළු කාලා ලු. මේ දවස් වල නම් වතුර පාරවල් වලට නිකමටවත් බහින්ඩ හොඳ නෑ.

    :sorry:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    පන්විල, කොස්ගම ප්‍රදේශයේ දී දළුත් ඔයේ දිය නෑමට ගිය හංවැල්ල ඇඟලුම් කම්හලක විධායක ශ්‍රේණියේ නිලධාරින්
    පස්දෙනෙකු පෙරේදා (7) තද වර්ෂාවත් සමග ගලා ආ සැඩපහරට අසුව ගසාගෙන ගොස් දියේ ගිලී මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවෙයි.
    මියගිය පිරිසට විධායක නිලධාරිනියන් තිදෙනකු හා නිලධාරීන් දෙදෙනෙකු අයත්ව තිබේ.
    දහනව දෙනකුගෙන් යුත් මෙම පිරිස පෙරේදා (7) පෙරවරුවේ
    පන්විල කොස්ගම ප්‍රදේශයට පැමිණ ඇති අතර පෙර දින එම ප්‍රදේශයේ නවාතැන් ගත් ඔවුන් එදින පස්වරු 2.00ට පමණ හුළුගගේ
    අතු ගංගාවක් වන දළුක් ඔයේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.හංවැල්ල ප්‍රදේශයේ

    ඇගලුම් කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ නිලධාරීන් 19 දෙනකු වූ ඔවුන් මෙම විනෝද චාරිකාවට එක්වී ඇත්තේ වාර්ෂික තිවාඩුව නිමිත්තෙනි.
    පැවැති වැසි බර කාලගුණය නිසා ඔයට නොබසින ලෙස නවාතැන්පොළ හිමිකරුවන් වරින්වර මෙම පිරිසට අවවාද කර ඇතත් ඔය ඉවුරේ සිට දිය නාන බව පවසා ඔවුන් පිටව ගොස් ඇත.
    මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ප්‍රදේශයේ වැහි බර කාලගුණයක් තිබුණ ද වර්ෂාවක්
    නොපැවැති බවත් ඔය ආරම්භ කරන හෝර්ටන් තැන්නට ඇතිවූ තද වර්ෂාවත් සමග ඇතිවූ විශාල ජල පහරක් එකවර පහළට ගලා ආ නිසා මෙම අනතුර වන්නට ඇතැයි අසළ සිටි අය පවසති.
    දැඩි බෑවුම් සහිත දළුක් ඔයේ එතරම් ජල පහරක් මින් පෙර කිසි දිනක තමන් නොදුටු බැව් එහි වැඩිහිටියෙක් පැවැසීය. එම ජලපහර වෙනදාට වඩා අඩි හතරකට වඩා උස බවද ඔහු කීය.
    ජලපහරත් සමග තරුණයන් දෙදෙනකු හා තරුණියන් තිදෙනකු දියමැද පිහිටි විශාල ගලකට

    කොටු වූ බවත් සෙසු පිරිස ඔයේ දකුණු ඉවුරට ගොඩවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
    ඔයේ වතුර ටිකෙන් ටික වැඩිවෙද්දී ඔය මැද වූ කළු ගල යටකර තවත් විශාල ජලපහරක් ආ බවත් ගලමැද
    කොටුවූ පිරිස එකවර ගසාගෙන ගිය බවත් ඇසින් දුටුවෝ පවසති.

    සිද්ධිය වී විනාඩි කීපයක් ඇතුළත එතනට ආ ප්‍රජා පොලිස් ඒකකය ද ප්‍රදේශවාසීන් ද එක්වී පිරිස
    බේරාගැනීමට උත්සාහ කර ඇතත් ඔයේ දැඩි ජල පහර ඊට හරස් වූ බව ද පොලිසිය පවසයි. දැඩි බෑවුම සහ විශාල කළුගල් සහිත මෙම ඔයේ ගසාගෙන යද්දී මෙම සිරුරුවලට දැඩි හානි සිදුවී ඇතැයි ද ගම්වාසීහු පවසති. දියේ ගිලුණු පිරිස බේරාගැනීමට ගිය සෙනරත් සිල්වා මෙසේ කීය.
    "දිය නාන්න ගිය පිරිසක් ගසාගෙන යන බවට අපව දැනගත්ත ලැබුණා. අපි කට්ටියක් එම ස්ථානයට ගියා. මුලින් කාන්තාවකගේ සිරුරක් හමුවුණා. පස්සේ නැවත ජල පහර වැඩිවුණා. ඊට පස්සේ ජලපහර අඩුවුයාම ඉතිරි සිරුරුත් සොයාගත්තා"
    මියගිය පිරිසගේ සිරුරු සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ පහළ ප්‍රදේශයේ
    ස්ථාන දෙකක තිබී සිද්ධිය වී පැය දෙකකට පසුව සොයා ගන්නා ලදී.‍ මෙම හුළුගඟේ ඉදිකර ඇති පෞද්ගලික විදුලි බලාගාරයක ජල පිවිසුම් දොරටුව අසල තිබී සිරුරු දෙකක් හමුවී ඇති අතර අනෙක් සිරුරු තුන ඊට මීටර් 500ක් පමණ දුරින් ගල් දෙබොක්කක සිරවී තිබිය දී සොයාගත් බව ප්‍රදේශවාසීහු පවසති.
    මෙසේ මියගොස් ඇත්තේ මහනුවර අම්පිටියේ පදිංචි ෂර්ලින් ඇන්ඩ්‍රියා(26), මොරටුවේ පදිංචි ගජනා සිවනාදන් (26).රත්මලානේ පදිංචි පදිචි නුෂාන් නියාස් (27), මංජුල සුසිල් (30) සහ කිරිඳිවැල මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර (28) යන පස් දෙනාය.
    පාතදුම්බර උඩගම්පහ කෝරළේ හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මහතා සිද්ධිය වූ
    ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයකින් පසුව පස් දෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීම මහනුවර රෝහලේ වෛද්‍ය විශේෂඥවරයා වෙත යොමුකරන ලදි. පන්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.