නාමල්ගෙන් මාධ්‍යයට තර්ජන
එමිල් කාන්තන්ගේ පුවත ප්‍රචාරය නොකරන ලෙස නාමල්ගෙන් මාධ්‍යයට තර්ජන
දේශීය 2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 22:56
පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් හෙළිදරව් කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සහ කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය අංශ ප්‍රධානී එමිල් කාන්තන් අතර සිදුවූ ගනු දෙනුවේ පුවත ප්‍රචාරය නොකරන ලෙස නාමල් රාජපක්ෂ ජනමාධ්‍ය ආයතනවලට තර්ජනය කර තිබේ.
ඒ අනුව මාධ්‍ය ආයතන බොහොමයක් එම පුවත විකාශය කිරීමෙන් වැළකුණු අතර එය විකාශය කළ නාලිකාද පුවත තුළ නාමල් රාජපක්ෂ මහතාගේ නම හෝ එමිල් කාන්තන් සමග සිටින ඡායාරූපයේ නාමල් රාජපක්ෂ මහතා සගවා පෙන්වීමට කටයුතු කර තිබිණි. එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවේදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සහ මංගල සමරවීර මන්ත්‍රීවරයා තාරුණ්‍යයට හෙටක් සංවිධානය පිළිබඳව හා නාමල් රාජපක්ෂ පිළිබදව සිදුකළ ප්‍රකාශ කිසිවක් පළ නොකිරීමට එම මාධ්‍යායතනවලට සිදුව තිබුණි.