නාමල්ගේ-රේස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහනුවර නගරයේ වීථිවල මෝටර් රථ
    රේස්‌ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක්‌

    - උඩුගම ශ්‍රී බුද්ධරක්‌ඛිත මහ නාහිමියෝ පොලිස්‌පතිට කියති

    සිරිල් විමලසුරේන්ද්‍ර

    මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්‍රි කාලයේ මෝටර් රථ "රේස්‌" පැවැත්වීම අමනෝඥ ක්‍රියාවකැයි අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌�ත ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ.

    1331531699Kandy%20Night%20Race%20copy.jpg

    මහනුවර නගරයේ වීදිවල රාත්‍රි කාලයේ මෝටර් රථ ධාවන තරගයන් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ඉතාම නුසුදුසු ක්‍රියාවකැයි අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ එසේ පැවසුවේ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්‌ථාවේදීය.

    පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා අදහස්‌ දක්‌වමින් පොලිස්‌ සේවය විධිමත් ලෙස පවත්වාගෙන යැම සඳහා පොලිස්‌ නිලධාරීන්ට පුහුණුවක්‌ ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව කීවේය.

    අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා අපරාධ සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සඳහා උපරිම පියවර ගන්නා බවද පොලිස්‌පතිවරයා පැවසීය.

    දැනට පොලිස්‌ සේවයේ නියුක්‌ත සංඛ්‍යාව 81,000 ක්‌ පමණ වන බවද හෙතෙම පැවසීය.

    මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමට ද පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ගියේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගනේගම යන මහත්වරුද සහභාගි වූහ.

    මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ උභය මහා විහාරයේ දී බැහැදැකීමට පෙර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා මහා සංඝරත්නය වෙත මහා දානයක්‌ පිරිනැමීමටද පොලිස්‌පති ඉලංගකෝන් මහතා සහභාගි විය.

    http://www.divaina.com/2012/03/17/news26.html
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොක්ක කාර් රේස් එකක් නිකංම රන් වෙන්නේ නෑ නේද
    සද්දෙට සිංදු දාගෙන... etc.
    ඔය වගේ දේවල් මහනුවර නගරේ කරන්න හොඳ නෑ :yes:

    :yes::yes::yes::yes::yes:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලංකාවේ මිනිස්සු නිකන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ, ලිඳ ඇතුලෙම තියෙන දේවල් දැක දැක ඉන්න ඕනි නෑනේ බං... එහෙම මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් දුන්නම මොකද වෙන්නේ.. මගෙනම් අදහස මේකේ එහෙම ලොකු වරදක් නැහැ කියන එකයි.. :) ඒක මගේ අදහස... සමහරවිට ඒ අදහස වැරදි වෙන්නත් පුළුවන්...
     
    Feb 25, 2012
    112
    14
    0

    na machan ube adahasa hari :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු නිකන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ, ලිඳ ඇතුලෙම තියෙන දේවල් දැක දැක ඉන්න ඕනි නෑනේ බං... එහෙම මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් දුන්නම මොකද වෙන්නේ.. මගෙනම් අදහස මේකේ එහෙම ලොකු වරදක් නැහැ කියන එකයි.. :) ඒක මගේ අදහස... සමහරවිට ඒ අදහස වැරදි වෙන්නත් පුළුවන්...
    :yes::yes::yes:
    ඔයාගේ කතාව ඇත්ත , අපි ඉස්සරහට යන්න ඕනි ලෝකෙත් එක්ක.
    ඒත් මචන් අපි තාම දුප්පත් රටක් , කරන්න වැඩ ගොඩක් තියෙද්දී ඔයවගේ දේකට සල්ලි පුච්චල දාන එක පාපයක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නුවර ටවුමේ රෙස් තියන එක විහිළු වැඩක්,අනික පිහිටිම අතින් ගත්තත් භයානකයි ඔක කොරන්න