ඉස්සර වගේම මට ආදරෙයිද’ හිරුණිකා ජනපතිගෙන් අහලා
January 18, 2014 at 11:35 am | lanka C news
මැද කොළඹ ශ්රිලනිප සම ආසන සංවිධායක ධුරය ලබා ගත් හිරුණිකා පේ්රමචන්ද්ර මෙනවිය එම ධුරයේ පත්වීම් ලිපිය ලබා ගැනීම සඳහා පසුගියදා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ උදෑසන ආහාර ගැනීමෙන් පසු සියලූදෙනා එතැනින් පිටතට පැමිණෙද්දී ජනාධිපතිවරයාට කීවේ ‘මට ඔබතුමත් එක්ක තනියම කතා කරන්න ඕනෑ’ කියාය.
එසේ කියා නිකම්ම නොසිටි හිරුණිකා පුංචි කාලයේ ජනාධිපතිවරයාගේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන්ම ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන පසෙකින් තිබූ සැටියක් වෙත ජනාධිපතිවරයා කැදවාගෙන ගියාය.
ජනාධිපතිවරයාගේ සැටියේ වාඩිවූ පසු හිරුණිකා එතැනම බිම දණ ගසා වාඩි වූවාය.
එසේ වාඩි වූ ඇය ජනාධිපතිවරයාගේ මුහුණ දෙස බලාගෙන ‘ඉස්සර වගේම මට ආදරේද?’යැයි ඇසුවාය.එවිට ජනාධිපතිවරයා ඉතා සංවේදීව කීවේ ‘මොකද මම ඔයාට ආදරේ නැත්තේ, දුලා නැති අපේ පවුලේ දුව ඔයානේ’ කියාය.
එසේ කියා ජනාධිපතිවරයා මොහොතක් නිහඩව සිට යළිත් කතා කරන්නට පටන් ගත්තේය.‘ඒත් පසුගිය කාලේ ඔයා මටයි ආණ්ඩුවටයි හොදටම දොස් කිව්වානේ. ඒකයි මම ටිකක් සද්ද නැතුව හිටියේ ’යැයි ජනාධිපතිවරයා කියද්දී, හිරුණිකා කීවේ ‘මම මගේ තාත්තාට කොච්චර ආදරෙයිද කියලා ඔබතුමා දන්නවනේ. නඩුව තියෙන හැම දවසකදීම මම මගේ තාත්තාගේ මිනීමරුවෝ දකිනවා. මම කොහොමද ඒක ඉවසන්නේ ’කියාය