නාමල් ආ විට රැඳවියෝ බිමට බසිති
2014 ජනවාරි 06 11:45 a.m
Bogambaraඉකුත් සිකුරාදා ඇරඹි උපවාසය නතර කරමින් බන්ධනාගාර රැදවියෝ බෝගම්බර වහළයෙන් බිමට බැස තිබේ. හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එහි ගිය අතර ඔවුන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග එම පිරිස වහළයෙන් බැස ඇත. ජනාධිපතිවරයා එතෙර සංචාරය නිමවා මෙරටට පැමිණිවිට මෙම සිරකරුවන්ගේ ගැටලු ඉදිරිපත් කැර විසඳුමක් දෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ. මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පිරිසක් ඉකුත් සිකුරාදා (03) පෙරවරුවේ සිට බෝගම්බර සිරගෙදර වහළ මතට නැග උද්ඝෝෂණයක නිරත වී සිටි අතර මොවුන් රජයට බලකර සිටින්නේ මරණ දඬුවම ක්රියාත්මක නොවන්නේ නම් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවම දක්වා ලිහිල් කරන ලෙසයි.
ගයා වන්නිආරච්චි
http://www.lakbima.lk