නාමල් ගේ සදාකාලික ජනපති සිහිනය..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉදිරි ජනාධිපතිවරණ සටනේ දී ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිවාදියකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම නම් වන සාධකය පදනම්ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩනඟා ගත හැකි බව පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පදවිය ලැබීමෙන් පසු පැවසූ නාමල් රාජපක්ෂ ඒ මානසික පන්නරය පදනම්ව පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පවා ඉක්මවා යමින් ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරනු දක්නා ලදී. ඒ රනිල් වික්‍රමසිංහට සමාන්තරව සිය දේශපාලනමය පෞරුෂය හා ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට සිතා විය යුතු ය. එහෙත්, ජනතාව හමුවේ සිංහනාදයක් වනු ඇතැයි ඔහු සිතා සිටි එම හඬ එතරම් ප්‍රබල නොවූ බව මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය හා සම්බන්ධ ජනතා සහභාගීත්වයෙන් මනාව සනාථ විය.ඊට එක් වූ බොහෝ දෙනකු කියා සිටියේ මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළියට එක් වූ පිරිස අනුව රැළියක් මිස පෙළපාලියක් නොපැවැත්වීම මත එපමණකින් හෝ ජාම බේරා ගැනීමට තමනට හැකි වූ බවකි.

    ඉන් පසුව මෙවර ජනපතිවරණය සඳහා තම දෙටු පුත් නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බවත්, ඔහුට ඒ සඳහා තව කල් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද වැල්ලවත්තේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යය කළ විමසුමකදී කීය. නාමල් රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය දේශපාලනයට එක්ව හිඳින තවත් එක් පුද්ගල චරිතයක් පමණක් නොවේ. ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ තමන්ටම ආවේණික සුවිශේෂ මාදිලියක් නියෝජනය කරන්නෙකි. මෙම සටහන අනුන් ගේ ඕපාදූප සෙවීම නම් වන පටු බොළඳ සීමාවෙන් මුදවා ගත හැක්කේ නාමල් රාජපක්ෂ නියෝජන කරන එම මාදිලිගත භූමිකාව හා වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලනය අතර ඇති අවියෝජනීය සම්බන්ධය නිසා ය.

    ලත් තැන ලොප් වූ නාමල්ගේ "දසබල සේනා"​

    මේ වන විට ජනතාව වෙතින් ශීඝ්‍රයෙන් දුරස් වෙමින් පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි නඟා සිටුවීම සඳහා නාමල් රාජපක්ෂ විසින් ඉකුත් ජනවාරියේ ”දසබල සේනා” නමින් විශේෂ වැඩසටහන් දාමයක් ක්‍රියාවට නංවන ලදී. ඒ යටතේ ඔහු දිවයින පුරා සියළු මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල පක්ෂ ක්‍රියාකාරීන් මුණ ගැසීමට නියමිතව තිබිණ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වල ප්‍රධානතම ක්‍රියාන්විතය වූයේ ද මෙම “දසබල සේනා” වැඩසටහන ය. එක් ග්‍රාම සේවා වසමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු බැගින් තෝරාගෙන ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීම පිණිස බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව පසුගිය ජනවාරියේ මොරටුවෙන් මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ නාමල් රාජපක්ෂ කීය. එහෙත්, පසුව ඔහුට මෙය දීප ව්‍යාප්ත මට්ටමින් ගෙන යාමට එරෙහි වූ ප්‍රධාන බාධකය වූයේ “දසබල සේනා” සඳහා එක් ගමකින් ක්‍රියාකාරී සාමාජිකයන් දස දෙනකු වත් සොයා ගැනීමේ අසීරුව බව ගම් මට්ටමේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. විශේෂයෙන් නාමල් රාජපක්ෂ නායකත්වය දෙන මෙම “දසබල සේනා” වැඩසටහන හා එක් වන තරුණයන් සෙසු ගැමි තරුණ ප්‍රජාව වෙතින් අපහාස උපහාස වලට ලක් වීම මත ඔවුන් බොහෝ දෙනකු ඊට එක් වීම ප්‍රතික්ෂේප කළ බව පැවසෙයි. නාමල් රාජපක්ෂගේ නොවිධිමත් දේශපාලන භාවිතය ඊට හේතු වන්නට ඇති බව අපගේ අනුමානයයි.

    බුදුන්ට හිමි නම් හොරකම් කරලා..​

    පසුව මෙම දසබල සේනා වැඩසටහනේ අසාර්ථක බව සම්බන්ධ සමාජයේ විවිධ පාර්ශව වලින් විවිධ කරුණු ඉදිරිපත් විය. ඉන් අප ගේ විශේෂ අවධානයට යොමු වූ කරුණක් වූයේ එම දස බල සේනා යන නම පවා බරපතල ලෙසින් දෝෂ සහගත බව ගම් මට්ටමින් ඇතැමුන් විසින් පෙන්වා දී තිබීම ය. දසබල යනු හුදෙක් බුද්ධත්වයට පමණක් ආවේණික දස බල ඥානය පදනම් කොට ව්‍යවහාර වන බුද්ධ වාචී වදනක් බවත් ඒ අනුව බුදුන් හඳුන්වන දස බලධාරී යන සුවිශේෂ නාමය අප ජන සංස්කෘතිය තුළ මනාව ස්ථාපිත වී ඇති බවත් එම පාර්ශවයන් පෙන්වා දී තිබේ. ත්‍රිපිටකයේ මජ්ජිම නිකායට අයත් මහා සීහනාද සූත්‍රයේ බුදුන්ට පමණක් සුවිශේෂ වූ මෙම දශබල ඥාන ශක්තියට අමතරව බුදුන් සතු සද්දන්ත ඇතුන් දස දෙනකුගේ කාය බලයක් සම්බන්ධයෙන් ද පසුකාලීන ග්‍රන්ථ වල ලියැවී ඇත.

    නාමල් බේබි සහ දහ බලු සේනා..​

    “බුදුන්ට හිමි නම් හොරකම් කරලා දාගෙන කරන ඔය වගේ වැඩ කොහොමත් සාර්ථක වෙන්නේ නැහැ.මොකද? ඕවා වස් වදින වැඩ. හැබැයි අපේ ගම්වල දහ බලු කියලා වෙනම වචනයක් නම් තියනවා. ඒකෙන් කියැවෙන්නේ බල්ලෝ ළඟ තියන බලුකම් දහයක් ගැන”. නාමල් රාජපක්ෂ ගේ දසබල සේනා වැඩසටහන ගැන තම අදහස් දැක්වූ ගැමියන්ගේ පොදු අදහස එවැන්නකි. වැඩවසම්වාදී නොවන ප්‍රජාතාන්ත්‍රික සමාජයක දේශපාලනඥයෝ ජනතා පුත්‍රයන් ලෙස හැඳින්වෙති.ඒ ඔවුන් සාමාන්‍ය ජනතාව අතුරින් දේශපාලනයට අවතීර්ණ වූ බැවිනි. එහෙත්, නාමල් රාජපක්ෂ එවැනි ජනතා පුත්‍රයකු ලෙස සිහි මොළේ ඇති කිසිවකුත් පවසනු ඇතැයි අපට නොසිතේ.ඒ මහින්ද රාජපක්ෂගේ දෙටු පුත්‍රයා ලෙස ඔහුට හිමිව ඇති ප්‍රතිරූපය කෙසේ වත් සිඳ බිඳ දැමීමට නොහැකි බැවිනි. නාමල් රාජපක්ෂ තවමත් ජනතාව හමුවේ පාරාවෝ රජවරුන් මෙන් "රාජපක්ෂ වරුන්" ලෙස මහත් අභිමානයෙන් තම පිය පරම්පරාව හඳුන්වා ගැනීම තුළ ඔහුගේ වයස කෙසේ වෙතත් මනැස යල් පැන ගිය ආචීර්ණ කල්පික අදහස් වලින් පිරී ඇති බවට කදිම නිදසුනකි.එමෙන්ම අදටත් "නාමල් බේබි" යනුවෙන් ඔහු හඳුන්වන පිරිසක් සිටීම නාමල් රාජපක්ෂලාගේ මහේශාඛ්‍ය දිවි පෙවෙත ගැන යම් අදහසක් ලබා ගත හැක.

    යල් පැන ගිය විකට ඇඳුම..​

    නූතන සමාජයීය බුද්ධි පරිනාමය හමුවේ අවලංගු සාධකයක් ලෙස විශේෂයෙන් කැපී පෙනෙන පරම්පරා දේශපාලනය මහත් අභිමානයක් සේ සළකන නාමල් රාජපක්ෂ එය රැක ගැනීම පිණිස තවමත් පරම්පරා සාටකය ලෙස ඔවුන්ම නම් කොට ඇති රෙදිකඩ මහත් උජාරුවෙන් ගෙල පැළඳ හිඳිනු පෙනෙයි. භාරතීය ආර්ය වංශය නියෝජනය කෙරෙන ඉන්දියානු සම්ප්‍රදායට අයත් පළඳනාවක් පසුව ආර්ය සිංහල ඇඳුම හෙවත් ජාතික ඇඳුමට එක් වනු ලදුව කුරහන් පැහැයෙන් යුතුව කරලාගෙන හිඳීම තම පරපුරේ අභිමානයක් ලෙස රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ සිතති.එහෙත්, ඔවුන් විසින් ආරූඪ කරගත් මෙම ප්‍රභූත්වය අතීතයට විහිද යන්නක් නොවන බවත් වීරකැටියේ බුද්දියාගම වලව්වේ පාරම්පරික හිමිකරු වූ දොන් කොන්ස්ටන්ටයින් ද සිල්වා වනිග චින්තාමනී මොහොට්ටි නම් ප්‍රභූ වරයා 1874 මරණයට පත් වූ පසු එම වලව්වේ හිමි කාරත්වය රාජපක්ෂ පරම්පරාවට හිමි වීමත් සමඟ ඇරඹුණු එකක් බවත් දකුණු පළාතේ ගිරුවා පත්තුවේ පාරම්පරික ගැමියෝ කියති. නමුත්, වර්තමානයේ කුරහන් බෝගයේ සේම ඔවුන් මහත් අභිමානයෙන් පළඳින සාටකයේ ද යල් පැන ගිය බවක් මිස ජාතික වශයෙන් තුට්ටුවක වත් වැදගත් කමක් නැති බව පැරණි රාජපක්ෂලා සේම නාමල් රාජපක්ෂ තරුණයා ද දැන හිඳින බවක් පෙනෙන්නට නැත. එමෙන්ම නූතන සමාජය නියෝජනය කරන ”ඉසෙඩ්” පරපුර හමුවේ තමන් අනුගමනය කරන එම යල් පැන ගිය පාරම්පරික විලාසිතාව විකට ඇඳුමක අගය නොඉක්මවන බව නාමල් රාජපක්ෂට නොවැටහීම අපට නම් අදහා ගත නොහැකි පුදුමයකි. එහි විස්මයට කරුණ වන්නේ ජාතික ඇඳුම හා සම්බන්ධ පළඳනාවක් ලෙස යොදාගත යුතු එය ටී ෂර්ට් වැනි නවීන ඇඳුම් හා පළඳින්නට තරම් ඔහු තුළ ඒ සාටක ඇබ්බැහියාව ප්‍රබල වීම ය. ඒ අනුව තමන්ට දේශපාලන රජ මාවතට පිවිසිය හැකි ගමන් බලපත්‍රයක් සේ නාමල් රාජපක්ෂ සිතන ඒ යල් පැනගිය පළඳනාව ඔහු නූතන දේශපාලන ධාරාවෙන් කැළයට ඇද දැමීමට සමත් ගෝත්‍රික සළකුණක් බව අපගේ වැටහීම ය.

    'රජ කුමරාට' ඇඳ ගැනීම..​

    නාමල් රාජපක්ෂ අනුගමනය කරන දේශපාලන ධාරාව ප්‍රභූ දේශපාලනය (Elite Politics) බව ඔහුගේ කතා බහ ඇතුළු සියළු කල්ක්‍රියාවලින් පෙනේ. එය ද නූතනය හා කෙසේවත් නොසැසඳෙන්නක් බව අතිශයින් පැහැදිලි ය.වැඩවසම් යුගයේ සමාජ උරුමයක් වූ ප්‍රභූ දේශපාලනයෙන් ඔබ්බට සංවර්ධනය වූ නව දේශපාලන න්‍යායන් ලොව බොහෝ සමාජයන් කෙරෙන් දක්නට ලැබේ. ඒවා ප්‍රවර්ධනය වන තරමට ප්‍රභූ දේශපාලනයේ අගය හීන වීම අතිශය ස්වභාවික සංසිද්ධියකි.මෙය ද “දසබල සේනා” අසාර්ථකත්වය හා සසඳා බැලිය යුත්තකි.ජනතා පුත්‍රයකු නොවන හා සිය උරුමයෙන් දේශපාලනයට පිවිසෙන නාමල් රාජපක්ෂ මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසෙනුයේ 2010 මහ මැතිවරණයෙනි. එවකට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි. 2009 වසරේ එල් ටී ටී ඊ යුද්ධය හමාර කිරීම සම්බන්ධ රාජ්‍ය පාලකයා වීම මත තුන් හෙළය එක් සේසත් කළ මහරජු ලෙස සිය පාක්ෂිකයන් විසින් මහින්ද රාජපක්ෂ හැඳින්වෙන ලදුව නාමල් රාජපක්ෂ ඊට සමානව 'රජ කුමරා' හෝ 'රජ පැටියා' ලෙස ස්වභාවික ලෙසම හැඳින්වෙන්නට ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලත් අලුතම තම පියා ගේ බලයෙන් එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ ජ්‍යෙෂ්ටයන් අබිබවා රටේ ප්‍රබල දේශපාලනඥයන් හා සම අසුන් දැරීමටත් සියළු රාජ්‍ය උත්සව ආදියට ඔවුන් හා හරි හරියට එක්වීමටත් පොළඹන ලද්දේ හුදු නාමල් රාජපක්ෂ සතු ප්‍රභූ දේශපාලන උරුමය අනුව මිස අන් කිසිදු හේතු සාධකයක් මත නොවේ.එමෙන්ම වැඩවසම්වාදී යුග වල මෙන් පියාගෙන් පුතාට පාලන බලය හිමිවීම මත අනාගතයේ හිමි වන අප රටේ ජනපති පදවිය මහ බඹු විසින් ඔහු ගේ ගේ නළළේ කොටා ඇති බව එම පවුලේ සාමාජිකයන් සේම ඔවුන් ගේ අනුගාමිකයන් ද සිතන්නට ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කටපාඩමින් කියන්න බැරි "නීතිඥයා"​

    මේ පසුබිම යටතේ මඳ කලක් විදේශීය අධ්‍යාපනය ලද ඔහු එහි සාර්ථකත්වය කෙසේ වුවද නාමල් රාජපක්ෂ2009 වසරේ ශ්‍රී ලංකා නීති විද්‍යාල අවසන් විභාගයට මුහුණ දුන් ආකාරය එවක රට පුරා මහත් ආන්දෝලනයට ලක් වූයේ නීති විද්‍යාලයේ විදුහල්පති ගේ විශේෂ අනුග්‍රහය යටතේ නාමල් රාජපක්ෂ අන්තර් ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සමීපයේ තබා ගෙන විශේෂ කාමරයකට වී විභාගයට තනිව මුහුණ දුන් බැවිනි. නීති විද්‍යාල සේම සමස්ත විභාග පටිපාටියට මුලුමනින්ම පරිබාහිර වූ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගේ සමකාලීන නීති ශිෂ්‍යයකු පොලීසියේ පැමිණිල්ලක් කොට පසුව එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද ගෙන ගොස් තිබිණි. එහෙත්, එම සිසුවාගේ එම උත්සාහය ව්‍යවර්ථ කරමින් නාමල් රාජපක්ෂ 2011 දෙසැම්බර් 15 දා එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක හමුවේ නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. එමෙන්ම ඔහුගේ නීතිඥ සුදුසුකම පසෙක තිබිය දී නීතිය පිළිබඳ දැනුම පසුව පාර්ලිමේන්තුවේ ද දැඩි විවේචන වලට ලක් වූ අතර නීතිඥ වෘත්තික ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැකි නම් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කටපාඩමින් පවසන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අභියෝග කිරීම පිළිබඳව ද මාධ්‍ය මගින් වාර්තා කරන ලදී.

    ඉතා බරපතල ලෙස මහජන මුදල් අවභාවිතා කරන නාමල්..​

    මෙම තත්වය යටතේ දේශපාලනඥයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් විශේෂ ජනතා සේවයක් ඉටු නොකළ ද විශාල ලෙස මුදල් වැය කරමින් විදේශයන් හි විනෝද චාරිකා වල පවා යෙදෙමින් අති සුඛෝපභෝගී දිවියක් ගත කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ආදායම් වියදම් විෂමතා අනුව ඔහු ඉතා බරපතල ලෙසින් මහජන මුදල් අවභාවිතා කරන්නකු බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. එහෙත්, ඒ චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා කියා සිටියේ තමන් හෝ තම පවුලේ සාමාජිකයන් අයථා ලෙස ඉපැයූ වත්කම් නොමැති බවකි. නමුදු මේ සම්බන්ධ සමාජ කතිකාව මේ සටහන ලියන මොහොතේ ද නිමා වී නැත.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    අපහාස උපහාසවලට අතිරේක දිගුවක් හදා ගැනීම..​

    මේ අතර වැඩවසම්වාදී අදහස් තවමත් සිතින් ඉවත් කර ගත නොහැකි හා ප්‍රභූ දේශපාලනයට නතු මානසිකත්වයකින් යුතු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසක ගැමි ජනතාව රාජපක්ෂ පවුලට දක්වන භක්ත්‍යාදරය පදනම් ව එම ප්‍රදේශ වල වයෝවෘද්ධ ස්ත්‍රී පුරුෂයන් පවා නාමල් රාජපක්ෂට හිස් පහත් කොට දෑත් ඔසවා ආචාර කරන සහ ඔහු ඔවුනට ආශිර්වාද කරන ආකාරයේ ඡායාරූප විශාල ප්‍රමාණයක් ඉකුත් කාලයේ සමාජ මාධ්‍ය වල දැකිය හැකි විය. ඒ හුදෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ මනැස තුළ ඔද්දල් වෙමින් පවතින ප්‍රභූ මානසිකත්වය නිසා ය. ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස පැන නැඟි සමාජ අප්‍රසන්නතාව හමුවේ ඉන්පසු ඔහු කුඩා තේ කඩවලින් තේ පානය කරන, ස්වභාවික ආපදා වලින් වියපත් පුද්ගලයන් බේරා ගන්නා හා සාමාන්‍ය ගැමි තරුණයන් හා එක්ව වෙහෙස මහන්සි වී කටයුතු කරන ඡායාරූප සමාජ මාධ්‍ය වලට යොමු කොට ඒ තමන් වෙත එල්ල වූ සමාජමය අපහාස උපහාසවලට අතිරේක දිගුවක් ද සකසා ගෙන තිබේ.ඒ බව සමාජ ජාල පරිහරණය කරන කිසිවකුටත් රහසක් නොවේ.

    තාජුඩීන් ගේ මිනී මරුවා..​

    මේ අතර 2012 මැයි 17 වනදා සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් කොළඹ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනය අසල තම මෝටර් රථය තුළ පිළිස්සී මිය යාම පළමුව හදිසි අනතුරක් බවට නිගමනය වී පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වසා දමන ලද සූක්ෂම මිනීමැරුමක් බව සොයා ගන්නා ලදී. එහිදී ද ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ගේ නම ප්‍රකාශ වූ අතර ඔහු විසින් එම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කොට ඇති පසුබිමක තාජුඩීන් ගේ මිනී මරුවා මේ වන විටත් නීතිය හමුවේ අනාවරණය වී නැත.

    මහාචාර්ය ටෙරන්ස් පුරසිංහට මරණ තර්ජන එල්ල කිරීම..​

    මේ අතර වෘත්තීය නීතිඥයකු වශයෙන් කටයුතු කොට නොමැති නාමල් රාජපක්ෂ 2014 වසරේ අපරාධ විද්‍යාව පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වීමට දැරූ උත්සාහයක් පිළිබඳව කතිකාවක් ද පසුගිය කාලයේ සමාජ කරලියේ රැව් දෙන ලදී. එම පශ්චාත් උපාධි ලියාපදිංචිය පිළිබඳව සළකා බැලූ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය මණ්ඩල සාමාජිකයන් අතුරින් තමන් හා තවත් මහාචාර්යවරයකු මූලික උපාධියක් නොමැති නාමල් රාජපක්ෂ පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වනුයේ කෙසේදැයි විමසා එම අයැදුම්පත ප්‍රතික්ෂේප කළ බව එම විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ පසුව සමාජය හමුවේ කීය. එහි දී තමන් වෙත කිසිදු බලපෑමක් නොකළ ද එවක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති එන්.ඒ.එල් කරුණාරත්න නාමල් රාජපක්ෂ "මහරජ්ජුරුවන් ගේ පුතා" ලෙස හඟවමින් ඔහුගේ අයැදුම් පත ප්‍රතික්ෂේප කළ මහාචාර්ය වරයාට මරණ තර්ජනය පවා එල්ල කළ බව ප්‍රසිද්ධියේ කීමට පසුබට නොවීය.තම වෘත්තීය සීමාවට අමතරව සැබෑ මානව හිතවාදියකු ලෙස සුවිසල් සමාජමය මෙහෙවරක් කරමින් සිටින අතරේ ඇති වූ හදිසි රෝගී තත්වයක් මත මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයෝ 2021 ජූලි හය වන දා අභාවප්‍රාප්ත වූහ.ඒ වන විට ඔහු සැට වන වියේ පසුවිය. තත්වය මෙසේ තිබියදී හිතුවක්කාර රියැදුරකු දිගින් දිගටම මාර්ග නීති කඩ කරන්නාක් මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පවා ඉක්මවා ශීඝ්‍රයෙන් පෙරට ආ මෙම අපූරු මාදිලියේ දේශපානනඥයා මේ වන විට ජාතික තලයේ ස්ථාපිත විය හැකි "ෂෝට් කට්" සොයමින් හිඳින බව පෙනෙයි. අප රටේ බහුතර මධ්‍යම පන්තිය නියෝජනය කරමින් මතු වූ පසුගිය ගාලු මුවදොර අරගලය මෙහෙය වූ නායකයන් සිරගත කොට ඊට එක් වූවන් පුනරුත්ථාපනය කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පවසා සිටි ප්‍රභූ දේශපාලනය නියෝජනය කරන නාමල් රාජපක්ෂ මේ වන විට තමන් වෙත ආකර්ශනය කර ගෙන ඇති ඉලක්කගත ජන කොටස කුමක් ද? යන්න අපට තබා ඔහුට ද ගැටළුවකි. එමෙන්ම අප රටේ බිම් මට්ටමේ දේශපාලන හා සෘජු සබැඳියාවක් නොදක්වන ඔහු කවර නම් දේශපාලනික ව්‍යක්ත විශාරදත්වයක් පළ කරන්නේ ද යන්න මේ දක්වාම අනාවරණය වී නැත.

    බ්‍රොයිලර් කුකුළා..​

    මේ වාතාවරණය යටතේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන පිය පුතුන් හැඳින්වීම පිණිස හිටපු අමාත්‍ය විමල් වීරවංශ කදිම උපමාවක් යෙදීය. එනම් "මහින්ද ගම් කුකුළෙක් නම් නාමල් බ්‍රොයිලර් කුකුළෙක්" යනුවෙනි. මෙවන් පසුබිමක් තුළ අදටත් ප්‍රභූ දේශපාලනය නියෝජනය කරමින් ජනතා ප්‍රසාදය ඩැගැගන්නට වෙර දරන නාමල් රාජපක්ෂ නම් සුකුමාර මන්ත්‍රී වරයා ජනපති පදවිය දැරීමට ඔහුගේ හිටපු ජනපති පියා කී ලෙසින්ම 'තව කල් තිබෙන බව' අවිවාදිත ය, සැකයක් නැත්තේ ඒ කාලය 'සදාකාලයටම' වීම වනු ඇති බව පෙනෙන නිසා ය.

    හේමන්ත රන්බණ්ඩාර​

    @2osama
    @N A K A M U R A
    @weer 11
    @asanka+++
    @hirashgeff
    @nicjosh83 AKA @John Dutton
    @netudara podi hujja kolla

    onna okai ubalage ponna namal rajapaksha HTTP
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    368512626_608191668138062_315430812782062327_n.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2

    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    4

    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ගිහින් මරපන් ඌව ඉතින් මන් උබට මන්නෙකුත් දෙන්නම් ඕනනම්
     
    • Like
    Reactions: SLK_sri

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    6

    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    7

    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    8

    මයිනා වල කජ්ජ ගහපු ගමන් නාමල් කියන්නෙ පොඩි සිප්පි කැල්ලක් විතරයි බන්..
    එක බල්ලෙක් ඉන්නෙ නැහැ මයිනා මලාට පස්සෙ..

    මටනම් ඌ දැනටත් එහෙමයි..

    NamalR.gif