නාමල් නඩුවකින් නිදහස් - Maliwa/JVP handaa wate

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02) නියම කළේය.

    විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමට තරම් පැමිණීල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් විත්තිකරුවන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කොට තිබු විදේශ ගමන් තහනම් සහ විවෘත වරෙන්තු අවලංගු කිරීමටද නියම කළේය.

    දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති නමුත් ඔවුන්ට එරෙහි කිසිඳු චෝදනාවක් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි කියමින් විත්ති වාචක නොකැඳවාම සියළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි අපරාධ නඩු විධධාන සංග්‍රහයේ200 වගන්තිය යටතේ ඔවුන්ගේ නීතීඥවරු මීට පෙර කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

    පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ය.

    2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එදා සරත් එන් සිල්වා සුනාමි හෝරාව හිරේ දැම්මා නම් දැන් රනිල් ප්‍රභාකරන්ව උතුරේ ජනාධිපති කරලා.

    ඕවා දුර දිග බලලා රට බේරගන්න දෙන තීන්දු 😌
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. සාක්කි ටික ලපයා හොයලා දෙයි ලස්සනට ජනපති උනාම..ඕකුන් තව රඟන්නේ මාස 10 යි... :yes: :yes: :yes:
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    1698947972137.png


    1698948012210.png

    ------ Post added on Nov 2, 2023 at 11:30 PM