මහජන නියෝජිතයන් ආතල් ගත්තට අපට කමක් නැහැ. අපි මීට කලිනුත් ඒ වගේ ඉරිසියාවන් ප්‍රවර්ධනය කරනවාට විරුද්ධව කටයුතු කළා. ඒවා මත පදනම්ව වෛරය ප්‍රවර්ධනය කළේ දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි. ඒ නිසා ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුත්තන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ආර්ටීඅයි දාන්නට වුණත් පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ ප්‍රගාමී විදියට (proactive) තොරතුරු ලබාදෙන්නටත් පුළුවන්.
ඇබා සංදර්ශනයට ටිකට් ලබාගැනීම සඳහා අගමැතිනි, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් වියදම් කළේ කාගෙ මුදල්ද?
එම අවස්ථාව සඳහා ඔවුන්ගේ ප්‍රවාහනය, ආරක්ෂාව ආදිය සඳහා සේවයේ යෙදවූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා වාහන සංඛ්‍යාව කීයද?
ටිකට්පත් කාගේ හෝ අනුග්‍රහයෙන් ලද ඒවා නම්, ඒ කාගෙන්ද?
එකී අනුග්‍රහයේ අරමුණ කුමක්ද?
එවැනි අනුග්‍රහයක් මගින් ළබැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇති වන්නේ නැති බවට කරන පැහැදිලි කිරීම කුමක්ද?
(මෙවැනි අවස්ථාවලට දේශපාලකයන් සහභාගී වීමේ වැදගත්කමක් ඇති බව අපේ අදහස බව ද කරුණාවෙන් සලකන්න. අප මෙම ප්‍රශ්න අසන්නේ මින් පෙර ඔබගේ විවේචන සහ ඔබ දැන් ලබාගෙන තිබෙන අවබෝධය හඳුනාගැනීමට පමණි.)