ඔව් ඒ කාලේ ඉදන්ම තිබුනා... ඒත් හැම තැනම නෙමෙයි නේද..? මොනව වුනත් හොඳ නිර්මාණ බිහි වුනා..
සුනිල් එදිරිසිංහ, අමරදේව,වික්ටර්, නන්දා මාලනී, ක්ලැරන්ස්, රූකාන්ත... මම නම් හිතන්නේ රූකාන්තගෙන් පස්සේ හරියට නිර්මාණයක් කරන කෙනෙක් ආවේ නෑ.. කසුන් ටිකක් හොඳයි.. ඒත් තාම සාර්ථක නෑ..
ඒකට හේතුව ඕක නෙමෙයි. අසූ ගනන් ඉදන් රූකාන්තගෙ කාලය වෙනකං පොප් සංගීතය තුල ඒකාකාරී හඩක් තමයි ජනතාව තුල ප්රසිද්ද උනේ. සරල ගීත කියලා රේඩියෝවෙ (SLBC) හැදින්වුන ගීත. නමුත් 90ගනන් වල පෞද්ගලික රේඩියෝ ඒමත් සමග මේ පොප් සඔගීතයේ හඩ විවිද පැති වලට බෙදී ගියා. හිප් හොප් කියයි, රොක් කියයි, rnb කියයි.
පොප් සොගීතයේ විවිදාකාර පැති ඇති වීම සහ ඒවාගෙ ජනප්රියත්වය විවිදාකාර වයස් මට්ටම්, සමාජ කොට්ටාශ වල විවිදාකාරයෙන් ජනප්රිය වීම නිසා අර කලින් සිටිය ගායකයින්ට තිබුනා වගේ ජනප්රියත්වයක් ඊට පසුව එන ගායකයන්ට ලැබෙන්නෙ නැත්තෙ ඒකයි.
හේතුව සාර්ථකත්වයක් නැති වීම නෙමෙයි, තෝරාගැනීමට ඇති "options" වැඩී වීමයි.
කසුන් ගෙ නිර්මාන වලට කැමත්තක් දක්වන්නෙ රොක් සංගීතය මුසු වුනු හඩට කැමති අය විතරයි. ඇත්තට බැලුවොත් 90ගනන් වලින් පස්සෙ නිර්මාණාත්මික බව බංකොලොත් වෙලා නෙමෙයි වර්ධනය වෙලා කියලයි මට හැගෙන්නෙ.