නාමල්_සමග මුහුණට මුහුණ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    නාමල්_සමග මුහුණට මුහුණ

    21_SLMA_P6_Back.jpg

    මෙවර “මුහුණට මුහුණ” හමුවීම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.


    ● නාමල්ලට මාර අපල කාලයක් නේද?
    දේශපාලනයේ හැටි ඔහොම තමයි. දේශපාලනයෙදි බලය ඇතුවත් ඉන්නවා. නැතුවත් ඉන්න වෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ බලයට ආවම විරුද්ධ පක්ෂෙ අයගෙන් එළව එළව පළිගත්තේ නෑ. අද විපක්ෂෙ දේශපාලකයන්ගේ දරුවන්ගෙන් පවා පළිගන්නවනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආපු හැමදාම ඕක වුණා. සිරිමාවෝ මැඩම්ගෙ ප්‍රජා අයිතිය පවා නැති කළානේ. සම්මුතිවාදි ආණ්ඩුවක් තිබිලත් මේවා වෙන එක තමයි පුදුමෙ.

    ● නාමල්ලා බලයේ හිටපු හැටියට හීනෙන්වත් හිතුවෙ නෑ නේද මෙහෙම කලක් යයි කියලා?
    දේශපාලනය කරනවා නම් ඕනෑ දේකට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්න ඕනෑ. ඒත් අපි හිතුවෙ නෑ තමන්ටත් පවුලක් දූ දරුවො ඉන්න අය හැටියට මේ ආණ්ඩුවෙ අය මෙහෙම අපෙන් පළිගන්නට අපේ අම්මලගෙන් මල්ලිලගෙන් මේ හැටි පළිගනීවි කියලා.


    ● ඔබ කියලා තිබුණා පළිගැනීමේ ප්‍රවණතාව ඉදිරියට ගෙනියන්න එපා මොකද යහපාලනේ අයටත් ළමයි ඉන්නව නේද කියලා. අනතුරු ඇඟවීමක්ද මේක?
    ඒක අනතුරු ඇඟවීමක්වත් තර්ජනයක්වත් නෙවෙයි. ඉල්ලීමක් විතරයි. මම කිව්වෙ අපි බලයට ආපු දවසක මේ අයගෙන් පළිගන්නවා කියලා නෙවෙයි. මේ වගේ නරක පූර්වාදර්ශ ඇතිවීම හොඳ නෑ කියලා.


    ● වංචා දූෂණ පිළිබඳ පරික්ෂණ කරන එකද දැන් අවුල?
    පරික්ෂණ කිරීම පිළිබඳව අපේ කිසිම විරෝධයක් නෑ. ඒත් ඒවා කරන විදිහ ගැනයි අපට ප්‍රශ්නය. අපි කියන්නේ අපි ගැන ඕනෑ තරම් පරික්ෂණ කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක හරි ක්‍රමවේදයට කරන්න කියලා අපි කියන්නේ. අධිකරණයෙන් මේවා ගැන තීන්දු දෙන්න කලින් කොහොමද දේශපාලනඥයො අරයා මෙයා අත්අඩංගුවට ගන්නවා කියලා දින වකවානු කියන්නේ. කැබිනට් ප්‍රකාශක කොහොමද අහවල් දවසට කලින් රාජපක්ෂලා මෙච්චර ප්‍රමාණයක් අරගන්නවා කියලා කියන්නේ. සාධාරණ පරික්ෂණයක් නම් එහෙම වෙන්න පුළුවන්ද?


    ● ඔබ ඔය චෝදනා කරන්නේ මීට මාස කීපයකට උඩදී ඔබේ පියාගේ අතිජාත මිත්‍රයට....
    එතුමා අපේ තාත්තගෙ අතිජාත මිත්‍රයා වෙන්න ඇති. ඒත් එතුමගෙ දේශපාලන ඉතිහාසයත් අපි දන්නවනේ. එයා විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් තාත්තගෙ අතිජාත මිත්‍රයනේ. ඕක තමයි දේශපාලනය.


    ● මිනිස්සු කියන්නේ රාජපක්ෂලට මේ පලදෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා.
    ප්‍රභාකරන්ගෙන් රට බේරාගෙන සාමය ඇති කිරීමට දිට්ඨධම්මවේදනීය කර්මය කියනව නම් ඒක අපි පිළිගන්නවා.


    ● යෝෂිත රාජපක්ෂට දැන් මොකද වෙන්නේ?
    අපි දැන් ඉහළ උසාවියේ ඇප ඉල්ලලා තියෙනවා. අපි විශ්වාස කරනවා අධිකරණය තුළ අපට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. නීත්‍යානුකූල පදනමක් නැතිව තමයි මේ පරික්ෂණ කරන්නේ. කලින් කරපු සැලසුමකට අනුව තමයි යෝෂිතව අත්අඩංගුවට ගත්තේ. ඔක්කොටම කලින් බන්ධනාගාර බස් එක උසාවියට ගෙනල්ලා තිබුණා. අපේ තාත්තලත් ඔය වගේ හිරබත් කෑවානේ.


    ● ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?
    යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා. තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක්ද? යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ.


    ● සී.එස්.එන්. එකට මුදලින් හෝ පරිපාලනය පැත්තෙන් යෝෂිත කිසිම සම්බන්ධයක් නැද්ද?
    කිසිම සම්බන්ධයක් නෑ. මුදල් සම්බන්ධව ගෑවිලාවත් නෑ. මේකෙ අයිතිය තියෙන්නේ ඒ. ආර්. ප්‍රනාන්දු කියන වෛද්‍යවරයාටත්, කවිෂාන් දිසානායක කියන පුද්ගලයාටත්. මේ අයටයි කොටස් තියෙන්නේ. මම ඒ අයත් එක්කත් මේ ගැන ඊයෙ පෙරෙයිද කතා කළා. ඒ අයත් ණය අරගෙන තමයි ඒක පටන් අරන් තියෙන්නේ.


    ● නාමල්ලගෙ තංගල්ලෙ ගෙදරට කියන්නේ කාල්ටන් නිවස කියලනේ?
    ඔව්.


    ● නාමල්ලගේ අම්ම කරගෙන ගිය පෙරපාසල් ජාලයට කිව්වේත් කාල්ටන් පෙරපාසල් කියලනෙ?
    ඔව්


    ● ඒත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්” රාජපක්ෂලගෙ නෙවෙයි....?
    ඒ අය ඇහුව කාල්ටන් නම අරගන්නද කියලා. අපි හා කිව්වා. කාල්ටන් කියන නමට අපි පේටන්ට් රයිට්ස් අරගෙන නෑනේ. ඒක ඕනෑ කෙනෙකුට දාගන්න පුළුවන්. මං දැක්කා කාල්ටන් කියලා තේ කඩත් දැන් දාලා තියෙනවා.


    ● මේ ගැන යෝෂිතගෙ හිටපු පෙම්වතිය දක්වන ප්‍රතිචාරය මොකක්ද?
    මේ පිළිබඳව ඇයත් එක්ක අපි කතා කරන්න ගියේ නෑ. ඇයගෙනුත් එෆ්.සී.අයි.ඩී. එක ප්‍රශ්න කරලා තිබුණා. එයා දැන් විවාහ වෙලා ඉන්නේ. ඒක නිසා අපි එයාව මේකට සම්බන්ධ කරගන්නේ නෑ. කවුරුත් දන්නවා සිද්ධ වුණේ මොකක්ද කියලා.


    ● මේ සිදුවීමට අදාළව යෝෂිත රාජපක්ෂව නිදොස් වෙයි කියලද බලාපොරොත්තුව?
    ඔව්, ඒ ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද නීතියට විරුද්ධව කිසිම දෙයක් යෝෂිත කරලා නෑ.


    ● නාමල් රාජපක්ෂ නීතිඥයෙක් වුණෙත් හොරට කියලා කතාවක් තියෙනවා.
    මාත් එක්ක නීති විභාගය ලියපු අය දන්නවා ඒ කතාවල ඇත්ත නැත්ත. මේ රටේ දේශපාලන නායකයෙකුගෙ ළමයෙක් ඉගෙන ගත්තත් වැරදියි. ඉගෙන නොගත්තත් වැරදියි. විභාග පාස් කළාම කියනවා කොපි කරලා හොරාට පාස් වුණා කියලා. ෆේල් වුණාම කියනවා අපෝ ඒකා අමු මෝඩයා කියලා. ඔය වගේ කතන්දර කොච්චර නම් කිව්වද අපිට.


    128.jpg


    ● පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නේද නාමල් නීති විභාගය ලියපු හැටි ගැන ඕනෑම පරික්ෂණයකදී සාක්ෂි දෙන්න.
    මම ඒ පුද්ගලයාට කියන්න කැමැතියි පුළුවන් නම් ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඒ එක්කම එයාට එන්න කියන්න මාත් එක්ක නීතිය පිළිබඳව කතා කරන්නත්. එතකොට නීතිය පිළිබඳ කවුද හරියට දන්නේ කියලා බලාගන්නත් පුළුවන්නේ.


    ● නාමල්ලගෙ අම්මගෙ සිරිලිය ගිණුමෙ කේස් එකත් බොරුවක්ද එතකොට?
    සිරිලිය සවිය කියන්නේ අපේ අම්මා මූලික වෙලා අසරණ අයට බේත් හේත් දෙන්න හදපු සංවිධානයක්. ඒකට රජයේ කිසිම සම්බන්ධයක් නෑ. ඒකට ගොඩක් අය ආධාර උපකාර කළා. අන්තිමට ඒ බෙහෙත් ගත්තු ලෙඞ්ඩු පවා ගෙන්නලා ප්‍රශ්න කළානේ. එච්චර පහත් තත්ත්වයට වැටිලා මේ ගැන පරික්ෂණ කරන අය.


    ● එතකොට ඒ සිරිලිය ගිණුමෙ ගිණුම් අංකයට තරු ලකුණු වැටෙන්නෙ කොහොමද?
    ගිණුම ඕපන් කරන්න අම්මගෙ පාස්පෝට් එක යැව්වා. එතන ඉඳපු කෙනා හැඳුනුම්පත් නොම්මරේ වෙනුවට වෙන නොම්මරයක් දාගෙන. හිස්ව තියන්න බැරි හින්දා තරු ලකුණු හරි මොකක් හරි දාගන්න ඇති. ඒ ගැන අපේ දැනුමක් නෑ. ඒක ඒ අයගෙ වැඩක්. මේ ප්‍රශ්නය ඇදෙනකම් අපි දන්නෙ නෑ ගිණුමෙ හැඳුනුම්පත් අංකය වෙනුවට පාස්පෝට් අංකය දාපු බව. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි බැංකුවෙ ප්‍රශ්නයක්.


    ● රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්න ප්‍රධානම හේතුව බැසිල් රාජපක්ෂ කියලා ඒ ආණ්ඩුවෙ ඇමැතිවරුම බොහෝ දෙනෙක් කියනවා.
    ඕකෙ දෙපැත්තක් තියෙනවා. මැතිවරණයක් මෙහෙයවන කෙනෙකුට දිනුවොත් ප්‍රශංසා කරනවා. පැරදුණොත් බණිනවා. බැසිල් රාජපක්ෂ ලොකු වැඩ කොටසක් කළා. එතුමා මිනිස්සු එක්ක ඕනෑවට වැඩිය හිනාවෙලා කතා කර කර ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක එයාගෙ හැටි. එයා කඩිසර ක්‍රමයකට වැඩ කළේ. ඒ ක්‍රමය සමහරුන්ට රුස්සන්නේ නැතුව ඇති. ඒකට ඒ අයගෙ අප්‍රසාදයක් තියෙන්න ඇති. ඒ අයට ඒ ගැන හිත් අමනාපයක් තිබුණා. මටත් ඔහු ගැන විවේචන තියෙනවා.


    ● ඒ ඇමැතිවරු කිව්වෙ බැසිල් වැඩ කරන්න දුන්නෙ නෑ කියලා?
    එහෙම කියපු අය මේ ආණ්ඩුවෙත් ඉන්නවනේ. එතකොට ඒ අය දැන් වැඩ කරනවද කියලා අහන්නකො.


    ● බැසිල් රාජපක්ෂ එක්ක නාමල්ගෙ ආරාවුලක් තියෙනවද?
    ඔය කතාව 2005 විතර ඉඳලා තියෙන කතාවක්නේ. අපිට පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නෑ. දේශපාලන විවේචන නම් තියෙනවා. අපි ඒවා ගැන වාද විවාද කරගෙනත් තියෙනවා. බැසිල් රාජපක්ෂ එක්ක විතරක් නෙවෙයි මම තාත්ත එක්කත් වාද විවාද කරගන්නවා. එහෙම නැතුව මේ ගහ මරා ගන්න තරම් ආරාවුල් අපි ළඟ නෑ.


    ● යෝෂිත රාජපක්ෂ බැසිල් රාජපක්ෂට වෙඩි තියන්න හැදුවා කියලත් කතාවක් ගියා.
    සම්පූර්ණ බොරුවක්. සමහරුන්ට ඕන වුණා අපිව මිනීමරුවො විදිහට සමාජයට පෙන්නන්න. මම බැසිල් රාජපක්ෂට වෙඩි තියන්න ගියා කිව්වොත් ඒක විශ්වාස කරන්න අමාරුයිනේ. යෝෂිත නාවික හමුදාවෙ නිසා ඒ වගේ කටකතාවක් හැදුවා. ඕවා කටකතා බළකායෙන් හදපු කටකතා.


    ● නාමල් දේශපාලනයේ ඉදිරියට ඒම ගැන බැසිල් රාජපක්ෂට අකමැත්තක් තිබුණා කියලා අදහසක් සමාජයේ තිබුණා. ඒක ඇත්තද?
    එතුමා මොකටද මං ඉදිරියට එනවට අකමැති වෙන්නේ. අපි දෙන්නගෙ වයස බැලුවත් තාත්තයි පුතයි වගේනේ. කවදාවත් එතුමා මං ගැන එහෙම හිතන්න නැතුව ඇති. මහින්ද රාජපක්ෂ දේශපාලනයේ ඉන්නකල් විතරයි බැසිල් රාජපක්ෂත් දේශපාලනයේ ඉන්නෙ කියලා එයාම මට කියලා තියෙනවා.


    ● රාජපක්ෂලට ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී මොකද චමල් රාජපක්ෂ සද්දයක් නැත්තේ?
    ඒක එතුමගෙ හැටිනේ. එතුමා කවදත් ලොකුවට කිසිම ප්‍රශ්නයක් ගැන සද්ද බද්ද කරපු කෙනෙක් නෙවෙයි. එතුමා අපේ තාත්ත හිරේ ගිය වෙලාවෙවත් සද්ද කළේ නෑ. එතුමා ඕනෑවට වැඩිය කැපී පේන්න එන්නෙ නෑ. ඒක එතුමගෙ ස්ටයිල් එක.


    ● ශෂීන්ද්‍ර රාජපක්ෂ එක්ක නාමල්ට දේශපාලන තරගයක් තිබුණා නේද?
    අනේ නෑ. අපට කිසිම තරගයක් තිබුණේ නෑ. එයා පළාත් සභාවෙ ඉන්නකොට මම පාර්ලිමේන්තු ගියේ. එයා මොනරාගල දේශපාලනය කළේ. මං හම්බන්තොට දේශපාලනය කළේ.


    ● ඔබේ පියාගේ කරට අතදාගෙන ඉඳපු එස්.බී.ලා අද තාත්තාට කියන්නෙ කලවැද්දා කියලා. මොකද හිතෙන්නේ?
    එස්. බී. ඇමැතිතුමාගෙ එදා ඉඳලා කට හොඳ නෑනේ. හිරෙත් ගියානේ කට හොඳ නැති නිසා. අන්තිමට අපේ තාත්තනේ එතුමට ප්‍රජා අයිතිය දුන්නෙත්. එතුමා චන්ද්‍රිකා මැඩම්ට මොකක්ද නොකිව්වේ? පහුගිය ජනාධිපතිවරණයට කලින් මෛත්‍රීපාල මහත්තයටත් ඔය වගේනෙ කතා කළේ එතුමා.


    ● නාමල්ගේ “තරුණ්‍යයට හෙටක්” සංවිධානය ගැනත් විවිධ විවේචන තියෙනවා?
    විවේචන එන්නේ වැඩ කරනකොටනේ. තරුණ්‍යයට හෙටක් සංවිධානය දේශපාලනය කළේ නෑ කවදාවත්. තරුණයන්ගේ හෙට දවස වෙනුවෙන් ඒක වැඩ කළේ.


    ● එතකොට නිල් බළකාය?
    ඒක හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය හැටියට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව තමයි ඒක හැදුවෙ. එහෙම නැතුව ඒක නාමල් රාජපක්ෂගෙ සංවිධානයක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු ගොඩක් අය මේ වටා හිටියා. මේක හොඳ වැඩක්. මේක පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය උඩ හදපු එකක්.


    ● මේකෙ චණ්ඩි හිටියද?
    අපෝ නෑ. නම නිල් බළකාය වුණාට එහෙම කවුරුවත් හිටියෙ නෑ. මේක චණ්ඩි ඉන්න තැනක් කියලා රටට පෙන්නන්න සමහරු උත්සාහ කළා.


    ● කුඹුක්ගැටේදි කලාකරුවන් පිරිසකට පහුගිය ජනාධිපතිවරණය කාලේ ගැහුවෙ නිල් බලකායේ අය නෙවෙයිද?
    ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඒ ගැන නඩුවකුත් තාම යනවා. අපි නිල් බළකාය මෙහෙයවන කාලේ ඒ වගේ වැඩවලට කිසිම විදිහකින් සම්බන්ධ වුණෙත් නෑ. අනුබල දුන්නෙත් නෑ.


    ● රාජපක්ෂලා වටේ ඉඳපු සමහර කලාකාරයෝ පැරදුණු ගමන් හෙමිහිට අනිත් පැත්තට මාරු වුණා නේද?
    හැමෝම නෙවෙයි. කීප දෙනෙක් එහෙම කරලා තියෙනවා. ඒක ලෝක ස්වභාවය. අපට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.


    ● ඔබලත් එක්ක ඉඳපු ඔබලාගෙන් වාසි ප්‍රයෝජන ගත්තු කලාකාරයො දැන් ඔබලගේ දුක සැප එහෙම හොයලා බලනවද?
    මනුස්සකම තියෙන පිරිස අපිත් එක්ක එදා වගේම ඉන්නවා. දුක සැප බලනවා. තාත්තටත් අපිටත් ආදර කලාකරුවෝ විශාල පිරිසක් මේ රටේ ඉන්නවා.


    ● මේ කලාකරුවො රාජපක්ෂ ආණ්ඩුවට කඬේ ගියා කියලා මිනිස්සු කිව්වේ. ඇයි ඒ කලාකරුවෝ කඬේ ඇරියෙ?
    නෑ... නෑ.... කඬේ යැව්වා නෙවෙයි. ඒ අය කැමැත්තෙන්මයි අපිත් එක්ක එකතුවෙලා වැඩ කළේ. ඒ අයට අපේ ආණ්ඩුවෙන් යහපතක් වුණා. ඒ අයට විතරක් නෙවෙයි පොදුවේ කලාවට විශාල වැඩ කොටසක් අපි කළා.


    ● විශේෂයෙන් නාමල්ට එහෙම කිට්ටුවෙලා ඉඳපු තරුණ කලාකරුවො එක එක ප්‍රොජෙක්ට්වලින් හොඳට හම්බ කළා නේද?
    ඒ අය විවිධ වැඩවලට සම්බන්ධ වුණාම ඒ අයගේ වෘත්තිය වටිනාකමට සරිලන අයකිරීම් ලැබෙන්න ඇති. නැතුව අයථා ගනුදෙනු හෝ නීත්‍යානුකූල නොවන කිසිම දෙයක් වෙලා නෑ. ගොඩක් කලාකරුවො අතින් වියදම් කරගෙන අපේ වැඩවලට ආපු අවස්ථා තියෙනවා.


    ● සල්මන් ඛාන් එහෙම කතාබහ කරලා දුක සැප අහනවද?
    ඔව්, එයා මාත් එක්ක අවුරුදු පහකට විතර උඩදි හිතවත් වුණේ. මාසෙකට සැරයක් දෙසැරයක් මට කතා කරනවා.


    ● ආපහු බලය ගන්න හදන්නේ පොල් ගහලද?
    පොල් ගහනවා කියන එක දකුණේ අපේ ගම්වල සංස්කෘතියෙ තියෙන දෙයක්නේ. දෙවියන්ට කන්නලව් කරන එක අපේ සංස්කෘතියේ තියෙනවා. අපේ හඬට කන්දෙන්න කෙනෙක් නැත්නම් මේ අවනඩුව දෙවියන්ට හරි කියන්න වෙනවනේ. අපට පාර්ලිමේන්තුවෙ කතා කරන්න වෙලාවක් දෙන්නෙ නැත්නම් මොකද කරන්නේ?


    ● දුමින්ද දිසානායක කියලා තිබුණා මහින්ද රාජපක්ෂට ඕනෑනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඉන්නත් පුළුවන් ඕනෑනම් යන්නත් පුළුවන් කියලා.
    ඔව්... එයාට එහෙම කියන්න පුළුවන්. එයා පක්ෂෙ මහලේකම්නෙ.


    ● මහින්ද රාජපක්ෂ දුමින්ද දිසානායකලට සලකපු හැටියට නේද මේ සැලකිල්ලත්?
    මහින්ද රාජපක්ෂ දුමින්ද දිසානායකලට මං හිතන්නේ කිසිම අසාධාරණයක් කරලා නෑ.


    ● බැසිල් රාජපක්ෂ කියලා තිබුණා රාජපක්ෂ ආණ්ඩුව කාලේ දේශපාලන පළිගැනීම් කියලා දෙයක් වුණා නම් වුණේ සරත් ෆොන්සේකාට විතරයි කියලා. ඒකෙන් පේනවා රාජපක්ෂලාම පිළිගන්නවා දේශපාලන පළිගැනීම් වුණා කියලා.
    එතුමා ඒකෙන් අදහස් කරන්න ඇත්තේ යම් සිදුවීමක් වුණා නම් වුණේ ඒක විතරයි කියන එකයි. මං දන්න තරමට ඒකත් දේශපාලන පළිගැනීමක් නෙවෙයි.


    ● රාජපක්ෂලගෙ පහනෙන් එළිය බලන්න හදන අය පැරදිලාවත් තාත්තට ගෙදරට වෙලා ඉන්න දෙන්නෙ නෑ නේද?
    ඒ අය රාජපක්ෂලාගෙ පහනෙන් එළිය බලන්න හදන අයමයි කියලා කියන්න බෑ. ඒ අයටත් ස්වාධිනත්වයක් තියෙනවා. මේ අය තාත්තට ආදරෙයි. තාත්තව අමතක කරලා අතඇරලා දාන්න මේ අය සූදානම් නෑ.


    ● බලය තියෙද්දි නම් නාමල්ලා දළදා මාළිගාව වටේ පවා කාර් රේස් පැද්ද නේද?
    ඒ දළදා මාලිගාව වටේ කාර් රේස් පැදපු එකට අපේ කිසිම සම්බන්ධයක් නෑ. අපි ක්‍රීඩාවට උදවු කළා.


    ● එතකොට පාරවල් වහගෙන ලයිට් දාගෙන කොළඹ කාර් රේස් පැද්දානේ.?
    ඒක කළේ කාල්ටන් මෝටර් ස්පෝර්ට් එක. අනික අපි ලයිට් ගත්තේ ජෙනරේටර දාලා. අපෙන් උදව්වක් ඉල්ලුවම ඒකට අපි උදවු කළා විතරයි.


    ● නාමල්ලාට අභියෝගයක් වෙයි කියලා හිතෙන රගර් ක්‍රීඩකයින් මට්ටු කළාද?
    එහෙම කිසි දෙයක් වුණේ නෑ. අද නම් එහෙම ඒවා වෙනවා. යෝෂිතගෙ නම ගහපු අත්පටි පැළඳපු ක්‍රීඩකයින්ට අද විවිධ බලපෑම් එල්ල වෙලා තියෙනවා. අපි නම් කවුරුවත් මට්ටු කරන්නවත් කාටවත් ක්‍රීඩාවට එන්න නොදෙන්නෙවත් නෑ. අපිට තරගය තිබුණේ ග්‍රවුන්ඞ් එකේ විතරයි.


    ● වසීම් තාජුඩීන් නාමල්ලගෙ යාළුවෙක්ද?
    ඔව්. යාළුවෙක්.


    ● තාජුඩීන්ට මොකද වුණේ?
    ඔහුව මරණයට පත්වෙලා. ඒත් දැන් ඔහුව මේ ආණ්ඩුවෙ අය තමන්ගේ ඡන්ද කැම්පේන් එකට පාවිච්චි කරනවා. මැතිවරණ කාලෙට ඔහුගෙ මිනිය ගොඩ ගන්නවා. ආපහු වළදානවා. මේ සිද්ධියට අපිව ගාවන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඒක සාක්ෂි ඇතිව ඔප්පු කරගන්න බැරිවෙලා තියෙනවනේ. ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කිව්වා සීසීටීවී දර්ශනවලදී නාමල් රාජපක්ෂ ඉන්නවත් දැක්කා කියලා. ඒත් ඒක පරික්ෂා කරපු අය කිව්වා එහෙම කෙනෙක් පේන්න නෑ කියලා. ඇමෙරිකාවට මේ දර්ශන යවනවා කිව්වා. ඒත් තාම ඒවා උසාවියේ.


    ● නාමල්ලා තාජුඩීන්ගේ මළගෙදර ගියාද?
    ඔව් ගියා. මුස්ලිම් අයගෙ මළගෙයක් පැය විසිහතරක් යන්න කලින් ගන්නවනේ. ඒක නිසා අපි ගියාද නැද්ද කියලා ඔය කෑ ගහන කවුරුවත් දැක්කෙ නෑ.


    ● නාමලුත් හෙට අනිද්දා අත්අඩංගුවට ගනිවි කියලා සමහරු කියනවා. බයෙන්ද ඉන්නේ?
    අනේ නෑ. ඕනෑ වෙලාවක ගන්න. මම සූදානම් වෙලා ඉන්නේ.


    ● නාමල්ලාගෙ හීනෙ තාත්තට ආපහු රටේ බලය ලැබීමද?
    ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂට ජනාධිපති වෙන්න බෑනේ. හැබැයි නැවත මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනැගෙන්න ඕනෑ. අපි ඒ ආණ්ඩුව අනිවාර්යෙන්ම හදනවා.



    ලංකාදීප
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂට ජනාධිපති වෙන්න බෑනේ. හැබැයි නැවත මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනැගෙන්න ඕනෑ. අපි ඒ ආණ්ඩුව අනිවාර්යෙන්ම හදනවා


    menna meka thama apitath ona..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ● බලය තියෙද්දි නම් නාමල්ලා දළදා මාළිගාව වටේ පවා කාර් රේස් පැද්ද නේද?
    ඒ දළදා මාලිගාව වටේ කාර් රේස් පැදපු එකට අපේ කිසිම සම්බන්ධයක් නෑ. අපි ක්‍රීඩාවට උදවු කළා.

    :lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ● එතකොට ඒ සිරිලිය ගිණුමෙ ගිණුම් අංකයට තරු ලකුණු වැටෙන්නෙ කොහොමද?
    ගිණුම ඕපන් කරන්න අම්මගෙ පාස්පෝට් එක යැව්වා. එතන ඉඳපු කෙනා හැඳුනුම්පත් නොම්මරේ වෙනුවට වෙන නොම්මරයක් දාගෙන. හිස්ව තියන්න බැරි හින්දා තරු ලකුණු හරි මොකක් හරි දාගන්න ඇති. ඒ ගැන අපේ දැනුමක් නෑ. ඒක ඒ අයගෙ වැඩක්. මේ ප්‍රශ්නය ඇදෙනකම් අපි දන්නෙ නෑ ගිණුමෙ හැඳුනුම්පත් අංකය වෙනුවට පාස්පෝට් අංකය දාපු බව. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි බැංකුවෙ ප්‍රශ්නයක්.

    අය්යෝ..! ඇත්තනේ..අපේ ගිණුම් අංකත් තරු වලින් පිරිලා.... බැංකුවේ ඉන්නේ ඉලක්කම් නොදන්න ජාතියක්නේ

     
    ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂට ජනාධිපති වෙන්න බෑනේ. හැබැයි නැවත මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනැගෙන්න ඕනෑ. අපි ඒ ආණ්ඩුව අනිවාර්යෙන්ම හදනවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නේද නාමල් නීති විභාගය ලියපු හැටි ගැන ඕනෑම පරික්ෂණයකදී සාක්ෂි දෙන්න.
    මම ඒ පුද්ගලයාට කියන්න කැමැතියි පුළුවන් නම් ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඒ එක්කම එයාට එන්න කියන්න මාත් එක්ක නීතිය පිළිබඳව කතා කරන්නත්. එතකොට නීතිය පිළිබඳ කවුද හරියට දන්නේ කියලා බලාගන්නත් පුළුවන්නේ.

    :)

    wiwadayak thibba nam patta fun ekak ganna thibba.
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    පුද්ගලයෙක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයට මම ගරු කරනවා අවුරුදු 30ක් තිබ්බ යුද්දේ එවරකරලා දාන්න නායකත්වය දුන්න එකට, එත් මේ ගොන් හැත්ත නිසා තමයි ඒ මිනිහා දැන් ඔයේ තත්වේ ඉන්නේ, ඒ කලේ නම් ඔකොමට ලොක්කා නාමල් දැන් තොත්ත බබා, තාත්තා නිසා තමයි මූ මෙහෙම ඉන්නේ නැතනම් මක්කෙක් තරම් වටින්නේ නැති පියුරු බබෙක් තමයි....
     

    waligamaya

    Well-known member
  • පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නේද නාමල් නීති විභාගය ලියපු හැටි ගැන ඕනෑම පරික්ෂණයකදී සාක්ෂි දෙන්න.
    මම ඒ පුද්ගලයාට කියන්න කැමැතියි පුළුවන් නම් ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඒ එක්කම එයාට එන්න කියන්න මාත් එක්ක නීතිය පිළිබඳව කතා කරන්නත්. එතකොට නීතිය පිළිබඳ කවුද හරියට දන්නේ කියලා බලාගන්නත් පුළුවන්නේ.

    :)

    wiwadayak thibba nam patta fun ekak ganna thibba.

    :yes::yes:


    අපේ නාමල් මහතාගේ හැකියාව පෙන්න විවාදේ තියනම ඕනේ:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes:


    අපේ නාමල් මහතාගේ හැකියාව පෙන්න විවාදේ තියනම ඕනේ:yes:

    wadiya ona na eda neethi wibage paper ekama genalla prasidda wedikawaka thiala lianna kivva nam hari :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

    • සල්මන් ඛාන් එහෙම කතාබහ කරලා දුක සැප අහනවද?
    ඔව්, එයා මාත් එක්ක අවුරුදු පහකට විතර උඩදි හිතවත් වුණේ. මාසෙකට සැරයක් දෙසැරයක් මට කතා කරනවා.

    0002031F.gif
     

    waligamaya

    Well-known member
  • wadiya ona na eda neethi wibage paper ekama genalla prasidda wedikawaka thiala lianna kivva nam hari :)

    අපෝ ඔයවගේ පොඩි පොඩි කරුණු වලට විවාද වලට එනෙන නාමල් තුමාලා ලොකු ලොකු මර්තුක වලට තමයි එනවන එන්නේ :):):)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපෝ ඔයවගේ පොඩි පොඩි කරුණු වලට විවාද වලට එනෙන නාමල් තුමාලා ලොකු ලොකු මර්තුක වලට තමයි එනවන එන්නේ :):):)

    malaya hiren bera ganna case eketh lawyer ta inne namal neda. written submission dei nadu karayata malabadde hadenna :)
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ● නාමල්ලගෙ තංගල්ලෙ ගෙදරට කියන්නේ කාල්ටන් නිවස කියලනේ?
    ඔව්.

    ● නාමල්ලගේ අම්ම කරගෙන ගිය පෙරපාසල් ජාලයට කිව්වේත් කාල්ටන් පෙරපාසල් කියලනෙ?
    ඔව්

    ● ඒත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්” රාජපක්ෂලගෙ නෙවෙයි....?
    ඒ අය ඇහුව කාල්ටන් නම අරගන්නද කියලා. අපි හා කිව්වා. කාල්ටන් කියන නමට අපි පේටන්ට් රයිට්ස් අරගෙන නෑනේ. ඒක ඕනෑ කෙනෙකුට දාගන්න පුළුවන්. මං දැක්කා කාල්ටන් කියලා තේ කඩත් දැන් දාලා තියෙනවා.

    ඒ අයට "මැදමුලන" කියන නම කාල්ටන් තරම් හොද නැ කියලා හිතෙන්න ඇති.
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ● නාමල්ලගෙ තංගල්ලෙ ගෙදරට කියන්නේ කාල්ටන් නිවස කියලනේ?
    ඔව්.


    ● නාමල්ලගේ අම්ම කරගෙන ගිය පෙරපාසල් ජාලයට කිව්වේත් කාල්ටන් පෙරපාසල් කියලනෙ?
    ඔව්


    ● ඒත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්” රාජපක්ෂලගෙ නෙවෙයි....?
    ඒ අය ඇහුව කාල්ටන් නම අරගන්නද කියලා. අපි හා කිව්වා. කාල්ටන් කියන නමට අපි පේටන්ට් රයිට්ස් අරගෙන නෑනේ. ඒක ඕනෑ කෙනෙකුට දාගන්න පුළුවන්. මං දැක්කා කාල්ටන් කියලා තේ කඩත් දැන් දාලා තියෙනවා.

    Hinath yanawa....... ooooiii:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: