නායක තිරිමාන්න

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    නායක තිරිමාන්න

    ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමාකරන විට කඩුලු 07කට ලකුණු 272ක් රැස්කිරීමට සමත්විය.

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි උපනායක කුසල් පෙරේරා හා සඳුන් වීරක්කොඩි අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට කටයුතු කළහ. ඔවුහු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 29කදී ලකුණු 133ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය.

    මෙම තරගයට නායකත්වය ලබාදෙමින් ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න නැවතත් අසාර්ථක වූ අතර, ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 02ක් පමණි. රොසේන්ද සිල්වා (40), ලක්ෂාන් සඳකැන් (0) නොදැවී පන්දුවට පහර දෙති.

    හෙට (19දා) තරගයෙ දෙවැනි දිනයයි. දෙරට අතර පැවැති පළමු හා දෙවැනි සිවුදින තරග දෙකින් පළමු තරගය ශ්‍රී ලංකාවත් දෙවැනි තරගය කොදෙව් කණ්ඩායමත් ජය ගත්තේය.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනත් තිරිමාන්න දක්ෂයි...ඊළඟ මැච් එකටත් දාලම බලන්න ඕනේ ගහන්න චාන්ස් එකක් දෙන්න එපයි ඉසෙල්ලා...අනික මූව A ටීම් දාපු නිසයි ගහන්න බැරි...නැෂනල් දැම්මනම් ගහනවා :):):)
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ඒ උනත් තිරිමාන්න දක්ෂයි...ඊළඟ මැච් එකටත් දාලම බලන්න ඕනේ ගහන්න චාන්ස් එකක් දෙන්න එපයි ඉසෙල්ලා...අනික මූව A ටීම් දාපු නිසයි ගහන්න බැරි...නැෂනල් දැම්මනම් ගහනවා :):):)

    pissuda?? muta A team ekema match kiyak dunnada?? gahanwa nam. mu nisa thma t20 wc ekat miss une