අප රටේ ඉතිහාසය පිළිබඳව විමර්ශනයක යෙදෙන විටදී මදුරාපුර නායක්කාර් නම් විදේශීය රජ පෙළපත වැදගත්කමක් හිමිකරගනු ලබන බව නොකිවමනාය. උඩරට රාජධානියේ අවසාන භාගයේ රාජ්‍ය පාලනය මෙහෙයවනු ලැබුවේ මෙම පෙළපතේ රජුන් විසිනි. නායක්කාර් වංශික රජවරුන් සිව්දෙනෙක් මෙරට පාලනය කලෝය. ස්වාධීන රජවරුන් ලෙස ක්‍රියා කිරිමට පෙලඹුණු මොවුහු "නායක්"නමින් හඳුන්වනු ලැබුහ. (ද්‍රවිඩ බසින් "නායක්කාර්" යනු "නාක්" යන්නෙහි බහු වචනය වේ)"උතුරු දේශයේ වැසියන්"යන අදහස ඇති "වඩුග"යන නාමයද මොවුන් හැඳින්විමට යොදා ගැනුණි.
නමුත් මෙරටට දකුණු ඉන්දීය නායක්කාර් බලපෑම ආරම්භ වන්නේ දෙවනි රාජසිංහ රජ දවස සිට ය. විමලධර්මසූරිය රජු මෙන්ම ඔහුගේ සහෝදර සෙනරත් රජුද සරණපාවා ගන්නේ කීරවැල්ලේ පරපුරේ දෝන කතිරිනා දේවිය නොහොත් කුසුමාසන දේවියයි. ඉන්පසු රජ පැමිණි රජවරුන්ට විවාහ කරගන්නට රාජකීය කුමරියන් මෙරට නොවූවා ය. ඒ නිසාවෙන් ඔවුන්ට දකුණු ඉන්දීය නායක්කාර් වංශයෙන් බිසෝවරුන් ගෙන්වා ගන්නට සිදුවිය. මෙසේ බිසෝවරු රැගෙන ඒමේදී ඔවුන් මෙහි පැමිණියේ තනිවම නොවේ. ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාති පරපුරද මෙරටට ආගමනය විය. අවසානයේ අද මලබාර් වීදිය ලෙස හැදින්වෙන කුමරුප්ප වීදිය මෙසේ පැමිණි නායක්කාර් ඥාතීන් වෙනුවෙන්ම වෙන් විය. ඉන් නොනැවතී ඔවුන් මෙරට රාජවාසලේ ද ඉහළ නිලතල ලබා ගත්තේ ය. එය කෙතරම් මෙරට රාජ්‍යත්වය කෙරෙහි බලපෑම් කලේද යත්, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු නායක්කාර් වංශිකයන් විසින් හඳුන්වා දුන් මරුමක්කදයන් නීතිය අනුව යමින් ක්‍රි. ව. 1739 දී රජුගේ නායක්කාර් වංශික අග බිසවගේ සොයුරා, ශ්‍රී විජය රාජසිංහ මෙරට රජ කරවන්න නායක්කාර් වංශිකයන් සමත් විය.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට අගබිසවකගෙන් දරුවෙකු හෝ සහෝදරයෙකු සිටියේ නොමැතිකම නිසාවෙන් ඔහුගෙන් පසුව රජකම ලබාගැනීමට කෙනෙකු නොමැති වීම විශාල ගැටළුවක් විය. මේ නිසා රජුගේ ඇවෑමෙන් පසු සිහසුනෙහි උරුමක්කරු ලෙස අග බිසවගේ සොහොයුරෙකු වූ, හඟුරන්කෙත නැවතී සිටි නිසා හඟුරන්කෙත කුමාරයා යැයි ප්රකටව සිටි වඩුග කුමාරයට රජකම පැවරීම සිදුකල යුතු යැයි යෝජනාවක් අග බිසවට පක්ෂපාත පිරිස් වෙතින් රාජ සභාවට පැමිණි අතර අග බිසවගේ ඉල්ලීමද එය විය. අගබිසවගේ ඉල්ලීමට එක්වර විරුද්ධ වීමේ හැකියාවක් රජුට නොවූ අතර අගබිසවද ඇමති මණ්ඩලයෙහි කොටසක් තමාට අවනත කරගෙන තිබූ හෙයින් ඒ හරහා රජුට බලපෑම් කිරීමටද ඇයට හැකියාවක් විය. මේ වන රජු ඉතා දුර්වල තත්වයක සිටි බැවින් මහ අධිකාරම හා ඇමති මණ්ඩලයේ අදහස්වලට සෘජුව විරුද්ධවීමට ශක්තියක් රජුට නොමැති විය. මේ වනවිටත් රාජ අනුග්‍රහය ලබා සිටි වඩුගයින් බලවත් වූ නිසා විශාල ආර්ථික ශක්තියක්ද ඔවුන් වෙත විය. ඒ නිසා අගබිසව හා ඇගේ ඥාතීන් විසින් ඇමතිවරුන්ට අල්ලස් දුන් බවද ඇතැම් කතා පුවත්හි දැක්වේ.
එලෙස සිංහල කුමරියක අගමෙහෙසිය කොට රාජවංශයට උරුමකරුවකු බිහිකර ගැනීම අසාර්ථක වීමත් සමග රජු උත්සාහ කරන්නේ රජුගේ යකඩ දෝලිය හෙවත් ගොවිකුල බිසෝවරුන්ට දාව උපත ලැබූ මාම්පිටයේ බණ්ඩාර හෝ උනම්බුවේ බණ්ඩාර යන කුමාරවරුන් දෙදෙනාගෙන් කෙනෙකුට තමාගේ ඈවෑමෙන් රජකම පැවරීමය. මේ සඳහා රජුට හිතවත් ඇතැම් උඩරට ප්‍රධානීන් මනාපය දැක්වූ නමුත් අගමෙහෙසියට හිතවත් ප්‍රධානීන් මෙන්ම රදල පවුල් වලට සම්බන්ධ යකඩ දෝලියගේ දරුවකුට රජකම උරුම වූ විට තම බලය අහිමි වේ යැයි සිතූ අනෙක් රදල ප්‍රධානීන්ද මෙම කුමාර වරුන් දෙදෙනාට රජකම පැවරීමට විරුද්ධ වී තිබේ. කෙසේ හෝ අගබිසවගේත් ඇමති මණ්ඩලයේ බහුතරයකගේත් තර්ජනයට මුහුණු දීමට තරම් ආත්මශක්තියක් නොවූ අසරණ රජු නොකැමත්තෙන් නමුත් ඇමති මණ්ඩලයේ යෝජනාවට අත්සන් කළ බව සඳහන් වේ. පසුව ක්‍රි. ව. 1739දී මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මියගිය අතර රජුගේ මරණයෙන් පසු ඇමතිවරුන් එක්ව රජුගේ අග බිසවගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ නමින් සිංහාසනාරූඪ කරවූහ.
නව ශ්‍රී විජය රාජසිංහ රජු සැලකිය යුතු තරමේ ප්‍රබුද්ධයෙකු විය. හින්දු භක්තිකයෙකු වුවත් ජාතික ආගම වූ බුද්ධාගමේ උන්නතිය සඳහා සම්පූර්ණ අවධානය යොමු කළේය. ඔහු රටේ නොයෙක් ස්ථානවල ගල් ලෙන්වල බුදුන්ගේ සැතපෙන පිළිම, හිටි පිළිම, හා හිඳි පිළිම ජීවමාන ප්‍රමාණයට ගලින් නිම කිරීමට කටයුතු කළේය. එවකට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි ලන්දේසීන් සමග වෙළඳ කටයුතු මුල් කරගෙන සටන් කීපයක නියැලීමට රජුට සිදු විය. ශ්‍රී විජය රාජසිංහ පල්ලි විනාශ කළේය. ලන්දේසීන්ට හා පෘතුග්රීසීන්ට නොයෙක් වද හිංසා පැමිණ වූ අතර එම තත්වය කීර්ති ශ්‍රී යුගය දක්වා පැවතියේය. රටේ ව්‍යසනකාරී සිද්ධීන් කීපයක් ඇති වූ අතර එවැනි දෑ සිදු වන්නේ රජුගේ ක්‍රියා කලාපයන් නිසා යැයි රජු සිතුවේය. එයින් පසු පමණක් රජුගේ එම ක්‍රියා නැවතුණේය.
ශ්‍රී විජය රාජසිංහ රජු සිහසුනට පත් වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් බිරිඳක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කළේය. මේ සඳහා ඔහු ක්‍රි. ව 1739 දී මදුරෙයි නගරයට දූතයින් දෙදෙනෙකු යැවූ අතර ඒ වන විට මදුරෙයි හි නායකවරුන් විජයරංග චොක්කනාථ සමයේ භුක්ති විඳිමින් සිටි බලය සහ ගෞරවය ඔවුන් වෙතින් ගිලිහී තිබුණි. මේ නිසා ශ්‍රී ලංකාවේ රජු විසින් ගෙනෙන ලද යෝජනාව භාර ගැනීමට වඩා සුදුසු සහ මනෝඥ බැව් මදුරෙයි නායකවරු කල්පනා කළහ. බංගරුතිරුමලගේ පවුලේ අය රජුගේ යෝජනාව පිළිගත්හ. එම පවුල ඒ වන විට වාසය කළේ ශිවනංග සමීන් හි තිරුපචේතිරම් අසල වෙල්ලෙයි කුරුච්චි කොටුවේය. බංගරු තිරුමලගේ ඤාති වූ රාම ක්‍රිෂ්ණප්පා නායක සහ නරෙනප්පා නායක නම් සහෝදරයින් දෙදෙනා රාම්නාද් නම් ස්ථානයේදී රජුගේ නියෝජිතයන් දෙදෙනා මුණ ගැසුනාහ. නරෙනප්පා නායක හට විවාහ කර දෙන වයසේ දියණියක් සිටි අතර ඔව්හු මහනුවර රජුගේ ඉල්ලීමට කැමැත්ත පළ කළහ. සහෝදරවරු ඔවුන්ගේ පවුලේ අයද ඤාතීන් ද රජුගේ නියෝජිතයා සමග දියණියගේ විවාහ මංගල්‍යය උදෙසා ලංකාවට පැමිණියහ. පසුව ඔව්හු නෑදෑ හිතමිත්‍රාදීන් සමග මහනුවර පදිංචි වූහ. නරෙනප්පා නායක එක් රෙජකුගේ මාමා කෙනෙකු වූවාක් මෙන් අනාගත රජවරුන් දෙදෙනෙකුගේ පියෙකු වීමේ අවස්ථාව ලැබුවේය. ඒ අනාගත රජවරුන් දෙදෙනා නම් ඔහුගේ පුතුන් දෙදෙනාය. එයින් එක් කෙනෙකු ක්‍රි. ව 1740 වන විට අවුරුදු 5 ක් හෝ 6 ක වයස් වූ අතර අනෙකා අත දරුවෙකු විය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ශ්‍රී විජය රාජසිංහගෙන් පසු රජ බවට පත්වූහ. ක්‍රි. 1747 දී ශ්‍රී විජය රාජසිංහ තවත් මදුරෙයි කුමරියක් සරණ පාවා ගත්තේය. මේ සෑම මනමාලියකම ඇයගේ නෑදෑයින් කණ්ඩායමක් ගෙන ආහ. ඔවුන් රාජකීය උරුමයක් ඇති අය වූහ. පසුව ඔව්හු මහනුවර ඔවුන්ගේ ස්ථිර නිවහන කර ගත්හ.
ශ්‍රී විජය රාජසිංහ රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කළ විගසින් මිය ගියේය. ඔහුට දරුවන් නොමැති විය. ඔහු රජ බවට පත් වීමට නම් කරනු ලැබුවේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා වූ තමන්ගේ වැඩිමල් මස්සිනාය. හෙතම ඔහුගේ සොහොයුරිය රජු සමග විවාහ වූ දිනයේ සිටම රජ මාළිගයේ සිටි තැනැත්තෙකි. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම විශේෂිත ක්‍රමය නිසා නරෙනප්පා නායකගේ පුතා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් මහනුවර සිහසුන උරුම කර ගත්තේය.
IamThilanka
සෙංකණ්ඩ පුර - තිලංක රත්නායක 