ඔන්න හිතපන් ඔය වීඩියෝ එකේම ඉන්නව වගේ චරිතයක් ඉන්නව කියල සමාන්තර ලෝකෙක.
එතකොට මූ මාර බඩුවක්. පර්චස් 20 මිනිස්සුන්ට දෙන්න නෙමෙයි මේ හදන්නෙ. රජයට කියල බිල්ඩිමක් ගහගන්න මුගෙ ඉඩමෙ. ගඩොල් එහෙමත් ගෙනල්ල තියෙනව නේ, ඒව ආපහු ගේන්නෙ නැතුව රජයේ සල්ලි (මිනිස්සුන්ගෙන් බදු ගහල එකතු කරපු සල්ලි) වලින්ම කරගන්න පුලුවන්.
පර් 20 ට ඔතන ගෙවල් 4 ක් වැඩිම හදයි (ඒකත් අමාරුයි). ඒ කියන්නෙ බිල්ඩිමක් ගහමු කියල කියන්නෙ තට්ටු ගානක 100 ක් උනත් ඉන්න පුලුවන්.
කොහොමද ටිකිරි මොලේ.
ඊට පස්සෙ තව අවුරුදු දෙකකින් මිනිස්සු එකා එකා යයි. ගියෙ නැතත් අව්ලක් නෑ, උගෙ ඉඩම උඩ හදල තියෙන වත්කම් ඌට අයිතියි.
ඒක valuation එකක් කරල (බිල්ඩිමත් එක්ක නිසා කෝටි 70 ක් කියමු), බැන්කුවට ඔප්පු තියල, ගන්නව කෝටි 50 ක විතර නයක් බැන්කුවෙන්. ඒකට තියයි පොල්ලක්.
ඉතින් බැන්කුව උන්ට අය කරගන්න තියෙන ගාන අයකරගන්න ඕනෙ නිසා අර බිල්ඩිම සහිත ඉඩම වෙන්දේසි කරයි. අර ආපු මිනිස්සුන්ට හුලන්.
කොහොමද ටිකිරි මොලේ.
