නාරාහෙන්පිට IOC පිරවුම්හලට යන අය අඩුම රාත්‍රි 03ක් වත් ගත කිරීමට අවශ්‍ය දෑ රැගෙන යන්න. මා ජුලි 01 වන දින රාත්‍රී කිරිමන්ඩල මාවත ආසිරි සර්ජිකල් රෝහල අසලින් පොලිමට එකතු වු අතර උදෑසන වන විට රත්න බාර් එක අසලට පැමිණියේය.
උදෑසන 8 පමණ වන විට කෙසග සිරැරක් ඇති පුද්ගලයකු ( කුඩ්ඩෙක් විය යුතුය) සර් පාර්ක් රෝඩ් foodcity එක ලගින් පොලිමට සෙට් කරල දෙන්නද යැයි ඇසුවත් මා එය ගනනකට නොගෙන අපි පොලිමේ යන්නම් අයියේ කියා පැවසු පසු ඔහු පිටව ගියේය. අනික් අයගෙන් ඔහු 3500 ක් 4000ක් අතර මුදලක් ඉල්ලා තිබුනි.
ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න නොදන්නා අපි එක තැනම වැඩි වෙලාවක් කල් මැරීමට සිදුවිය.
සෙනසුරාදා උදෑසන 7 පමණ වන විට 13200 රැගත් බව්සර් රථයක් පැමින. 7.30 පමණ වන විට තෙල් ගැසීමට පටන් ගත්තේය නමුත් එතැන් සිට AAT ආයතනය අසලට පැමිණීමට පැය 05 පමන කාලයක් එක තැනම රැදී සිටීමට අපහට සිදුවුවත් තෙල් ලීටර 7000 පමන ඉවර වී ඇති බව දැන ගන්නට ලැබුනි.
සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීම සදහා එක රථයක් රැගෙන ඉදිරියට ඇදුනෙමු. බොහොමයක් අය තම රථය රාත්‍රීයේ නවතා පිටව ගොස් ඇතිබව පෙනී ගියේය. ( ඔබ රථය නවතා යන්නේ නම් ඔබේ දුරකථන අංකයක් පැහැදිලිව සටහන් කර යාමට කාරැනික වන්න) තවත් අය තද නින්දේය. ඔවුන් අවදි කරමින් ඉදිරියට යාමට අපට සිදුවිය. සෙනසුරාදා රාත්‍රීය වන වට ෆයිප් පාර අසලට පැමිණියේ.
සෙනසුරාදා දිනයේ කිහිප වතාවක් ෂෙඩ් එකට පැමින තොරතුරු විමසුවත් ඉරිදා දිනයේදීය ඉන්ධන පැමිනීම අවිනිශ්චිත බව කලමනාකරු යයි හැගෙන පුද්ගලයකු පැවසුවත්.
ඉරිදා උදෑසන 13200 රැගත් තවත් බව්සර් රථයක් පැමිණ 8.00 පමණ වන විට බෙදාහැරීම ආරම්භ විය.
ඉරිදා උදෑසන අපහට ආරංවි වුයේ ඇන්ඩර්සන් ෆැලැට එක අසලින් හා ආසිරි මෙඩිකල් රෝහල අසලින් කලින් කියු පුද්ගලයන් මුදල් රැගෙන පොලිම් වලට එකතු කරන බවයි. මෙතැන් සිට සියලු දෙනා විමසිලිමත් විය. මාගේ කාර් රථයට රථ 6-7ක් පමන ඉදිරියෙන් සිට කාර් රථ 06ක් පිටව ගියේ රථ ගමන් කරන මාර්ගයේ වෙනසක් සිදුකිරීමේ අරමුනින් හා පෝලිම තුලට ඇතුළු වන වංචාකාරීන් එලවා දැමීම සදහාය.
දැන් නොසෙල්වි තිබු පොලිම කෙමෙන් කෙමෙන් ඉරිදා රාත්‍රීයේ ඉන්ධන අවසන් වන විට චිත්‍රා ලේන එක අසලට පැමිණියේ.
මෙදින හය දෙනාගේ මෙහෙයුමට තවත් අය එකතු වී තිබුනේය. පෝලිම ගමන් කරන මාර්ගය බයිපාස් කිරීම ආරම්භ විය. එනම් චිත්‍රා ලේන් සිට කිරැල පාර ආසිරි රෝහල ලගින් හැරී ඇන්ඩර්සන් ෆැලැට් හරහා පාර්ක් රෝඩ් ගිය මාර්ගය. චිත්‍රා ලේන් පටන් ගැන්ම අසල ඇති පලතුරු කඩය අසලින් කෙලින්ම පාර්ක් පාර අසලට වැටෙන ලෙස සකස් කිරීමයි.
පෝලිම නොසෙල්වී එක තැනම තිබුනි. අප ඉවසා සිටියේ ඔවුනගේ වෑයම සාර්ථක වන බව දන්නා නිසා සහ ඉන්පසුව ඉක්මනින් ඉන්ධන ලබාගැනීමට හැකිවන බව දන්නා නිසා.
චිත්‍රා ලේන් අසලින් නැවතු පොලිමේ අවසනා රථය වන ටොයටා ඇක්වා රථය පිටුපසින් 20 දෙනෙක් පමන ෆැලැට් ටික මැදින් ගමන් කලේ. මුදල් ලබාගෙන වාහන ඇතුළු කරන සංවිධානාත්මක කංඩායම කුමක්හෝ කිරීමට ඇති බැවින් බව මට හැගුනි.
අවසානයේ ඔවුනගේ වෑයම සාර්ථක විය. බයිපාස් එක සමග සියලුම වාහන ඉදිරියට ඇදීම ආරම්භ විය.
සිදුවුයේ කුමක්ද යන්න හැමෝමට අවබෝධ විය.
සෙනසුරාදා සහ ඉරිදා ඔවන් නිද නොමැතිව චිත්‍රා ලේන් පළතුරු කඩය අසල රැදී සිටියේය. තවත් පිරිසක් ඇක්වා රථය අසල රැදී සිටියේය.
සදුදා උදෑසන පැමිණි 13200 බව්සර් රථය 7 පමන වන විට බෙදාහැරීම ආරම්භ විය. එදින සවස 2 පමණ එනම් 4 වන දා පැය 92 කට ආසන්න කාලයක් රැදී සිටිමා ඉන්ධන ලබා ගත්තේය.
දිනකට වාහන 50ක් පමන කුඩ්ඩන් විසින් පොලිමට එකතු කර ඇති බව නාරාහෙන්පිට පොලිස් නිලධාරියෙක් පැමින පැවසු අතර වාහන වලට අංක ගසමින් ඒ අංක අතරට වාහන එක් කරන වංචා කාරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජායාරූප සහිතව පෙන්නුවේය.
නම් ගම් නොදන්නා බැවින් පහත සියළු දෙනාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.
#06 දෙනාගේ කංඩායම ( රාත්‍රි 2ක් පමන අපට ඉතිරි කර දුන්නා)
#තිබිරිගස්යාය කතෝලික පල්ලියේ ( වතුර බොතලයක් හා ආහාර ලබා දුන්නා)
#තිබිරිගස්යායා Keells Super ආයතනයට ( වැසිකිළි පහසුකම් සැපයීම)
#ෆයිප් පාර නිවාස හිමියන් (තේ, කෝපි, වතුර, වැසිකිළි පහසුකම් ලබාදිම)
(විශේෂයෙන් බායි කෙනෙක් හිටියා ලොකු ගෙයක් උදේ 6.30 රාත්‍රී 9.30 වෙනකම් swimming pool side වොෂ් රෑම් දෙකම දීලා එන හැමොටම තේ බොන්න දුන්නා.)
# හමුදා නිලධාරීන් හා නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන්.
# මාත් සමග පොලිමේ රැදි සිටි ආහාර පාන බෙදාහදාගෙන කාපු සියළුම දෙනාට.
හැකි සෑම විටම සැලකිලිමත් වන්න. වාහන අතර ඉඩ නොතබන්න. කව්රන් හෝ පොලිමට බලෙන් එකතු වන්නේ නම් එයට විරැද්දව හඩනගන්න.
වාහනයෙන් එලියට ඇවිත් කට්ටියත් එක්ක කතා කරලා රාත්‍රීයේ පොලිමට එකතු වන වාහන, රාත්‍රීයේ කුඩ්ඩන්ගෙන් වාහන වලට සිදුවන හානි ගැන විමසිල්ලෙන් සිටින්න.
එක කංඩායමක දෙදෙනෙක් වත් අවධියෙන් සිටින්න. ඊලග දිනයේ වෙනත් දෙදෙනෙක් අවධියෙන් සිටින්න.
ඔබේ පොලිමේ සිටින වයසක අය කාන්තාවන් ගැන විමසිල්ලෙන් සිටින්න. ඔවුන්ට හැකි අයුරින් උදව් කරන්න. හැකිනම් රාත්‍රීයට ඔවුන්ව ගෙවල් වලට පිටත් කර හරින්න. විශේෂයෙන්ම කාන්තාවන් ඔවුනට රාත්‍රීයේ රැදී සිටිම අපහසු කරැනක් වනු ඇත. රාත්‍රීයේ ඔවුනට වැසිකිළි පහසුකම් පවා ලබාගැනීම ඉතා අපහසු කරැනක් වන ඇත.
ලිපිය කෙටි කර ගැනීමට ගත් උත්සාහය නිසා අඩු පාඩු ඇති.
වැරදි ඇත්නම් නිවැරදි කීරම් නිහතමානීව බාර ගනිමි.
මලින්ද