නාරාහෙන්පිට IOC පිරවුම්හලට යන අය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,197
    113
    M-Town
    නාරාහෙන්පිට IOC පිරවුම්හලට යන අය අඩුම රාත්‍රි 03ක් වත් ගත කිරීමට අවශ්‍ය දෑ රැගෙන යන්න. මා ජුලි 01 වන දින රාත්‍රී කිරිමන්ඩල මාවත ආසිරි සර්ජිකල් රෝහල අසලින් පොලිමට එකතු වු අතර උදෑසන වන විට රත්න බාර් එක අසලට පැමිණියේය.

    උදෑසන 8 පමණ වන විට කෙසග සිරැරක් ඇති පුද්ගලයකු ( කුඩ්ඩෙක් විය යුතුය) සර් පාර්ක් රෝඩ් foodcity එක ලගින් පොලිමට සෙට් කරල දෙන්නද යැයි ඇසුවත් මා එය ගනනකට නොගෙන අපි පොලිමේ යන්නම් අයියේ කියා පැවසු පසු ඔහු පිටව ගියේය. අනික් අයගෙන් ඔහු 3500 ක් 4000ක් අතර මුදලක් ඉල්ලා තිබුනි.
    ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න නොදන්නා අපි එක තැනම වැඩි වෙලාවක් කල් මැරීමට සිදුවිය.

    සෙනසුරාදා උදෑසන 7 පමණ වන විට 13200 රැගත් බව්සර් රථයක් පැමින. 7.30 පමණ වන විට තෙල් ගැසීමට පටන් ගත්තේය නමුත් එතැන් සිට AAT ආයතනය අසලට පැමිණීමට පැය 05 පමන කාලයක් එක තැනම රැදී සිටීමට අපහට සිදුවුවත් තෙල් ලීටර 7000 පමන ඉවර වී ඇති බව දැන ගන්නට ලැබුනි.
    සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීම සදහා එක රථයක් රැගෙන ඉදිරියට ඇදුනෙමු. බොහොමයක් අය තම රථය රාත්‍රීයේ නවතා පිටව ගොස් ඇතිබව පෙනී ගියේය. ( ඔබ රථය නවතා යන්නේ නම් ඔබේ දුරකථන අංකයක් පැහැදිලිව සටහන් කර යාමට කාරැනික වන්න) තවත් අය තද නින්දේය. ඔවුන් අවදි කරමින් ඉදිරියට යාමට අපට සිදුවිය. සෙනසුරාදා රාත්‍රීය වන වට ෆයිප් පාර අසලට පැමිණියේ.

    සෙනසුරාදා දිනයේ කිහිප වතාවක් ෂෙඩ් එකට පැමින තොරතුරු විමසුවත් ඉරිදා දිනයේදීය ඉන්ධන පැමිනීම අවිනිශ්චිත බව කලමනාකරු යයි හැගෙන පුද්ගලයකු පැවසුවත්.
    ඉරිදා උදෑසන 13200 රැගත් තවත් බව්සර් රථයක් පැමිණ 8.00 පමණ වන විට බෙදාහැරීම ආරම්භ විය.
    ඉරිදා උදෑසන අපහට ආරංවි වුයේ ඇන්ඩර්සන් ෆැලැට එක අසලින් හා ආසිරි මෙඩිකල් රෝහල අසලින් කලින් කියු පුද්ගලයන් මුදල් රැගෙන පොලිම් වලට එකතු කරන බවයි. මෙතැන් සිට සියලු දෙනා විමසිලිමත් විය. මාගේ කාර් රථයට රථ 6-7ක් පමන ඉදිරියෙන් සිට කාර් රථ 06ක් පිටව ගියේ රථ ගමන් කරන මාර්ගයේ වෙනසක් සිදුකිරීමේ අරමුනින් හා පෝලිම තුලට ඇතුළු වන වංචාකාරීන් එලවා දැමීම සදහාය.

    දැන් නොසෙල්වි තිබු පොලිම කෙමෙන් කෙමෙන් ඉරිදා රාත්‍රීයේ ඉන්ධන අවසන් වන විට චිත්‍රා ලේන එක අසලට පැමිණියේ.

    මෙදින හය දෙනාගේ මෙහෙයුමට තවත් අය එකතු වී තිබුනේය. පෝලිම ගමන් කරන මාර්ගය බයිපාස් කිරීම ආරම්භ විය. එනම් චිත්‍රා ලේන් සිට කිරැල පාර ආසිරි රෝහල ලගින් හැරී ඇන්ඩර්සන් ෆැලැට් හරහා පාර්ක් රෝඩ් ගිය මාර්ගය. චිත්‍රා ලේන් පටන් ගැන්ම අසල ඇති පලතුරු කඩය අසලින් කෙලින්ම පාර්ක් පාර අසලට වැටෙන ලෙස සකස් කිරීමයි.
    පෝලිම නොසෙල්වී එක තැනම තිබුනි. අප ඉවසා සිටියේ ඔවුනගේ වෑයම සාර්ථක වන බව දන්නා නිසා සහ ඉන්පසුව ඉක්මනින් ඉන්ධන ලබාගැනීමට හැකිවන බව දන්නා නිසා.

    චිත්‍රා ලේන් අසලින් නැවතු පොලිමේ අවසනා රථය වන ටොයටා ඇක්වා රථය පිටුපසින් 20 දෙනෙක් පමන ෆැලැට් ටික මැදින් ගමන් කලේ. මුදල් ලබාගෙන වාහන ඇතුළු කරන සංවිධානාත්මක කංඩායම කුමක්හෝ කිරීමට ඇති බැවින් බව මට හැගුනි.

    අවසානයේ ඔවුනගේ වෑයම සාර්ථක විය. බයිපාස් එක සමග සියලුම වාහන ඉදිරියට ඇදීම ආරම්භ විය.
    සිදුවුයේ කුමක්ද යන්න හැමෝමට අවබෝධ විය.
    සෙනසුරාදා සහ ඉරිදා ඔවන් නිද නොමැතිව චිත්‍රා ලේන් පළතුරු කඩය අසල රැදී සිටියේය. තවත් පිරිසක් ඇක්වා රථය අසල රැදී සිටියේය.

    සදුදා උදෑසන පැමිණි 13200 බව්සර් රථය 7 පමන වන විට බෙදාහැරීම ආරම්භ විය. එදින සවස 2 පමණ එනම් 4 වන දා පැය 92 කට ආසන්න කාලයක් රැදී සිටිමා ඉන්ධන ලබා ගත්තේය.

    දිනකට වාහන 50ක් පමන කුඩ්ඩන් විසින් පොලිමට එකතු කර ඇති බව නාරාහෙන්පිට පොලිස් නිලධාරියෙක් පැමින පැවසු අතර වාහන වලට අංක ගසමින් ඒ අංක අතරට වාහන එක් කරන වංචා කාරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජායාරූප සහිතව පෙන්නුවේය.

    නම් ගම් නොදන්නා බැවින් පහත සියළු දෙනාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.

    #06 දෙනාගේ කංඩායම ( රාත්‍රි 2ක් පමන අපට ඉතිරි කර දුන්නා)
    #තිබිරිගස්යාය කතෝලික පල්ලියේ ( වතුර බොතලයක් හා ආහාර ලබා දුන්නා)
    #තිබිරිගස්යායා Keells Super ආයතනයට ( වැසිකිළි පහසුකම් සැපයීම)
    #ෆයිප් පාර නිවාස හිමියන් (තේ, කෝපි, වතුර, වැසිකිළි පහසුකම් ලබාදිම)
    (විශේෂයෙන් බායි කෙනෙක් හිටියා ලොකු ගෙයක් උදේ 6.30 රාත්‍රී 9.30 වෙනකම් swimming pool side වොෂ් රෑම් දෙකම දීලා එන හැමොටම තේ බොන්න දුන්නා.)
    # හමුදා නිලධාරීන් හා නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන්.
    # මාත් සමග පොලිමේ රැදි සිටි ආහාර පාන බෙදාහදාගෙන කාපු සියළුම දෙනාට.

    හැකි සෑම විටම සැලකිලිමත් වන්න. වාහන අතර ඉඩ නොතබන්න. කව්රන් හෝ පොලිමට බලෙන් එකතු වන්නේ නම් එයට විරැද්දව හඩනගන්න.
    වාහනයෙන් එලියට ඇවිත් කට්ටියත් එක්ක කතා කරලා රාත්‍රීයේ පොලිමට එකතු වන වාහන, රාත්‍රීයේ කුඩ්ඩන්ගෙන් වාහන වලට සිදුවන හානි ගැන විමසිල්ලෙන් සිටින්න.
    එක කංඩායමක දෙදෙනෙක් වත් අවධියෙන් සිටින්න. ඊලග දිනයේ වෙනත් දෙදෙනෙක් අවධියෙන් සිටින්න.
    ඔබේ පොලිමේ සිටින වයසක අය කාන්තාවන් ගැන විමසිල්ලෙන් සිටින්න. ඔවුන්ට හැකි අයුරින් උදව් කරන්න. හැකිනම් රාත්‍රීයට ඔවුන්ව ගෙවල් වලට පිටත් කර හරින්න. විශේෂයෙන්ම කාන්තාවන් ඔවුනට රාත්‍රීයේ රැදී සිටිම අපහසු කරැනක් වනු ඇත. රාත්‍රීයේ ඔවුනට වැසිකිළි පහසුකම් පවා ලබාගැනීම ඉතා අපහසු කරැනක් වන ඇත.
    ලිපිය කෙටි කර ගැනීමට ගත් උත්සාහය නිසා අඩු පාඩු ඇති.
    වැරදි ඇත්නම් නිවැරදි කීරම් නිහතමානීව බාර ගනිමි.

    මලින්ද
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන් ඔහොම ඉදලා පෙට්‍රල් ගහගෙන ඕවගෙන් ගමනක් යන්න හිතෙනවද බන් උබලට.තේරුමක් තියනවද ඔහොම පෙට්‍රල් ගහලා..මගෙ කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ භාගයක් තියනවා පෙට්‍රල්..කොහෙවත් යන්නේ නෑ..ගෙදර හදිසියක් වෙලාවක යන්න විතරයි තියන් ඉන්නේ..මමනම් කවදාවත් ඔහොම ඉන්නේ නෑ පෝලිමක..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    දැන් ඔහොම ඉදලා පෙට්‍රල් ගහගෙන ඕවගෙන් ගමනක් යන්න හිතෙනවද බන් උබලට.තේරුමක් තියනවද ඔහොම පෙට්‍රල් ගහලා..මගෙ කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ භාගයක් තියනවා පෙට්‍රල්..කොහෙවත් යන්නේ නෑ..ගෙදර හදිසියක් වෙලාවක යන්න විතරයි තියන් ඉන්නේ..මමනම් කවදාවත් ඔහොම ඉන්නේ නෑ පෝලිමක..
    Lamai nedda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,893
    1
    58,159
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතාගන්න බැහැ ඇයි මිනිස්සු මෙහෙම දවස් ගණන් පෝලිමේ ඉඳල ලීටර් 15-20ක් පෙට්‍රල් ගහගන්නේ කියල. ඔහොම පෙට්‍රල් ගහගෙන රස්සාවට යනවා නම් හොඳට උනන්දුවෙන් තමන්ගේ රස්සාව කරන අය වෙන්න ඕනෙ
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    mokatada ban ohoma kattak kala.. wada nadda me minissunta. matanam ohoma inna welawak nathi nisa gedara lamai waysaka aya inna nisa wadi ganata petrol tikak gatta..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    දැන් ඔහොම ඉදලා පෙට්‍රල් ගහගෙන ඕවගෙන් ගමනක් යන්න හිතෙනවද බන් උබලට.තේරුමක් තියනවද ඔහොම පෙට්‍රල් ගහලා..මගෙ කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ භාගයක් තියනවා පෙට්‍රල්..කොහෙවත් යන්නේ නෑ..ගෙදර හදිසියක් වෙලාවක යන්න විතරයි තියන් ඉන්නේ..මමනම් කවදාවත් ඔහොම ඉන්නේ නෑ පෝලිමක..
    Generally speaking, petrol has a shelf-life of six months if stored in a sealed container at 20 degrees – or just three months if kept at 30 degrees. The more it's exposed to heat, the more quickly it will go off.

    https://www.scotsman.com/lifestyle/...-and-how-to-store-them-safely-in-cans-3397874
    Petrol expire wenava guys.. math anthimata pump kale full tank May anthima..
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මට හිතාගන්න බැහැ ඇයි මිනිස්සු මෙහෙම දවස් ගණන් පෝලිමේ ඉඳල ලීටර් 15-20ක් පෙට්‍රල් ගහගන්නේ කියල. ඔහොම පෙට්‍රල් ගහගෙන රස්සාවට යනවා නම් හොඳට උනන්දුවෙන් තමන්ගේ රස්සාව කරන අය වෙන්න ඕනෙ
    eka eka minissunta eka eka prashna. thamunta yanna gaman nathi unata nithara wahana ona wena aya innawa.

    ape thatha adath jiwath wela hitiyanam dialysis karanna dawas 2kata sarayak hospital geniyanna wenwawa. car eke nathawa kare tiyan hospital geniyannada ethakota. math ehenam digatama jiwath wenne thel polime.

    hama dema suluwata hithanna epa. fuel kiyanne jiwithayth maranayath athara deyk dan.
     
    • Like
    Reactions: Smartm and NaiRobi

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔහොම කට්ට කාලා තෙල් ගහන්න හිතෙනවද බන්? ෆුල් ටැන්ක් වත් දෙනවනම් කමක් නැ.

    වත්තේ වැඩ වගයකටයි,පොල් කඩන්නයි මිනිස්සු දෙන්නෙකුට එන්න කිව්වා. සති දෙකක් වගේ එන්නම් කියලා. තාම ආවේ නැ. ඊයේ ගිහින් හොයලා බැලුවම උන් සෙට් එකක් එකතු වෙලා පෙට්‍රල් බ්ලැක් මාකට් විකුනනවා. බොතයලක් 1600යිලු.
     
    • Haha
    Reactions: -333-

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම දවස් හතරක් හිටියා පෝලිමේ තෙල් ගහන්න. පෝලිම තිබුන විදිහට මගෙ ටෝකන් නම්බර් එක එන්න ඕනෙ 30ත් 40ත් අතර. මට හම්බුනේ 110. මේ දේ ලොකුවටම සිද්දවෙනවා.

    බොහොමයක් පැතිවල ලඟ බස් දුවන්නෙ නැ. ත්‍රීවීල් එක හෝල්ට් දෙකේ හයර් එකටත් 300ක් ඉල්ලනවා. පහුගිය දවස්වල තෙල් තිබුණෙම නැති පැති තියනවා. ආන්න ඒ හිඟය නැවත හරියනකම් ඔහොම තමා. මම ඉන්න පැත්තට සතියකින් තෙල් ආවෙ. පෝලිමේ පහෙන් තුනකට වගේ තමා තෙල් ලැබුණෙ. දැන් ඒ ඉතිරි මිනිස්සු ආයෙ පෝලිමේ. අන්න එහෙමයි ඔය දවස් ගනන් ඉන්න සිද්දවෙන්නෙ.

    වාහන බේරගන්න බැහැ බයික් වලින්. හෙල්මට් රූටලා වැටිලා හරි සයිලන්සර් ගාඩ් වලට, ෆූට් රෙස්ට් වලට හරි වාහන හීරෙනවා. සමහරු යකඩ බොත්තම් තියෙන කලිසං ඇඳන් වාහනවලට හේත්තුව දාගෙන ඉන්නවා. ලඟ නිතරම හිටියොත් ඕවා වළක්වාගන්න පුළුවන්. ලඟ ඉන්න කෙනා රැට අනිත් බයික් වලින් තෙල් අදිනවා. ඒරියල්, වයිපර්, බැජ් ගලවනවා. ඒකයි මිනිස්සු ඔය නිතරම ලඟ ඉන්නෙ. වෙන වැඩ නැති මිනිස්සු නෙමෙයි.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    දැන් ඔහොම ඉදලා පෙට්‍රල් ගහගෙන ඕවගෙන් ගමනක් යන්න හිතෙනවද බන් උබලට.තේරුමක් තියනවද ඔහොම පෙට්‍රල් ගහලා..මගෙ කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ භාගයක් තියනවා පෙට්‍රල්..කොහෙවත් යන්නේ නෑ..ගෙදර හදිසියක් වෙලාවක යන්න විතරයි තියන් ඉන්නේ..මමනම් කවදාවත් ඔහොම ඉන්නේ නෑ පෝලිමක..
    Same theory.. bagekata wada poddak tiyenawa.. e tika tiyagena full gemak gahanawa.. Futara ekenui.. payinui.. matath therna widiyata polime inna eka therumak naa..
     
    • Like
    Reactions: PHBhagya

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Same theory.. bagekata wada poddak tiyenawa.. e tika tiyagena full gemak gahanawa.. Futara ekenui.. payinui.. matath therna widiyata polime inna eka therumak naa..

    මමත් ඔහොම තමා හිටියෙ. කටු 7ක් තිබ්බා. වාහනේ යන්නම ඕනෙ අත්‍යාවශ්‍ය කරුණු යෙදිලා ඒටික 4ට බැස්සා. වයසක දෙමව්පියො, ලමයි ඉන්නවනම් හිතට හරි නැහැ. මේ දවස්වල වීල් කතා කලත් එන්නෙ නැහැ වැඩි වාසියක් නැති හයර් වලට. රැටනම් කොහොමත් අල්ලගන්න අපහසුයි.

    එක එක මිනිස්සුන්ගෙ අවශ්‍යතා, හැකියාවල්, උවමනා වෙනස්. පෝලිමේ ඉන්න ගොඩදෙනෙක් එකදිගටම ඉන්නෙ නැහැ. මල්ලිලා, අඳුරන අය ඉන්නවා මාරුවෙන් මාරුවට. සමහරු වාහනේ දාලා යනවා යන්න. ලඟ ලඟ දැකලා පුරුදු අඳුරන අය හිතවත් වෙලා සහයෝගයෙන් වාහන බලාගන්නවා.
     
    • Like
    Reactions: NaiRobi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් ඔහොම ඉදලා පෙට්‍රල් ගහගෙන ඕවගෙන් ගමනක් යන්න හිතෙනවද බන් උබලට.තේරුමක් තියනවද ඔහොම පෙට්‍රල් ගහලා..මගෙ කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ භාගයක් තියනවා පෙට්‍රල්..කොහෙවත් යන්නේ නෑ..ගෙදර හදිසියක් වෙලාවක යන්න විතරයි තියන් ඉන්නේ..මමනම් කවදාවත් ඔහොම ඉන්නේ නෑ පෝලිමක..

    මාත්...

    ඔය වගේ කට්ටක්නං කීයටවත් කන්නෙ නෑ. තෙල් නැත්තටම නැති වුණත් ඔහොම දවස් ගණං පෝලිං වල ඉන්නෙ නෑ...
    වාහනේ හදිස්සියකට ගන්න තෙල් ටිකක් ඉතුරු කරල පැත්තකට කරල දුම් අල්ලල තියනව, ගෙදර වයසක අය ඉන්නව, හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්නවත් තෙල් තියෙන්න එපැයි...
    ගෙදරට බඩු ගේන්න වගේ වැඩ වලට බයික් එකේ ඉතුරු ටික පාවිච්චි කරනව...

    වැඩට යාම පුට් සයිකලේ....