නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන්

    555759_10150646235980493_370634720492_9613659_1497119057_n.jpg


    ‘‘මා කුඤ්‌ජර නාගමාසදෝ, දුක්‌ඛඤ්‌හි කුඤ්‌ජර නාගමාසදෝ;
    න හි නාගහතස්‌ස කුඤ්‌ජර සුගති, හෝති ඉතෝ පරං යතෝ.


    පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග නො ගැටෙන්න, පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග ගැටීම දුකක් ම වෙයි. එසේ ගැටුනු අයෙකුට මෙලොව හැරදමා ගිය පසු සුගතියක් නම් නොවේ.

    ‘‘මා ච මදෝ මා ච පමාදෝ, න හි පමත්‌තා සුගතිං වජන්‌ති තේ;
    ත්‌වඤ්‌ඤේව තථා කරිස්‌සසි, යේන ත්‌වං සුගතිං ගමිස්‌සසී’’ති.

    (පින්වත් ඇත්රජ) මදයට පත් නොවන්න. ප්‍රමාදයට ද පත් නොවන්න. ප්‍රමාද වූ අය සුගතියට නොයත්. යම් ක්‍රමයකින් ඔබ සුගතියට යන්නේ ද, ඔබ එසේ ම කටයුතු සිදු කරන්න...

    ෴෴෴ අප ගේ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන් ය..



    Dhamma Medicine
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පින් ඔබට සහෝ, තෙරුවන් සරණයි

    නාලාගිරි අදත් වඩියි
    අත්බූත කථාවක් නොවෙයි, මැජික් කථාවක් නොවෙයි මේ..
    සම්මා සම්බුදුරජානන් වහන්සේ නාලාගිරි හස්‌තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්‌ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්‌ථාවක්‌ මෙන්න:


    http://rightmindfulness.wordpress.com/2012/02/13/නාලාගිරි-අදත්-වඩියි/

    හොඳින් කියවා තේරුම් ගන්න.. මැජික් වගේ නාලාගිරි ඇත් රජු දකින්න බෑ හොඳේ.. ධ්‍යාන වඩපු උතුමන් නිරායාසයෙන් ම දකින දේවල් වලින් අංශුමාත්‍රයක් පමණි.
     
    • Like
    Reactions: hemalsilva