නාවලින් නම් Bathroom fittings ගන්න එපා ! 😬😬

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උඔලට කියන්නේ කවදාවත් නාවලින් බාත් රූම් අයිටම්ස් නම් ගන්න එපා. අපේ අලුත් බාත් රූම් එකට අපි සති තුනකට විතර කලින් ගත්තා කොමඩ් එකයි වොශ් බේසින් එකයි අනිත් ශවර් අනන් මනන් ටිකයි ඔක්කොම 50,000/= ට. Wc එකයි wash basing එකයි තරමක් හොදයි කියලා තේරුන නිසා ගත්තේ. අනිත් ශවර් ඇන්ගල් වෑල් ටැප් එහෙනම කොලිටි නෑ කියලා තේරුනා එත් ගත්තා සෙට් එකම පනස් දාහක් දීලා.
    ගෙදර ගෙනත් ඇල්ලුවම වතුර ලීක් බන් කොමඩ් එකේ දවස් ගානක් ගියා කොහෙන්ද ලීක් වෙන්නේ කියලා හොයා ගන්න. මුලින්ම හිතුවේ මැජික් හෝස් එකෙන් යනවා කියලා ඒත් p trap එකක් නිසා යන්න විදියක් නෑ කියලා තේරුනා එහෙම යනවනම් flush කරාම විතරයි යන්න ඕන. මේක රෑ එලි වෙනකම් ගිහිල්ලා අපි බලනකොට.
    පස්සෙ මම කොමඩ් එකේ මැජික් හෝස් එක ගලවලා ආයිත් සිලිකන් ගම් එකක් ගෙනල්ලා ඇලෙව්වා ඒත් වැඩක් නෑ ආයිත් යනවා.
    පස්සේ ආයිත් කොමඩ් එකේ හැම තැනම රෙදි කෑල්ලකින් පිහිදාලා පැයක් විතර ගිහින් ආයිත් අතගාලා බැලුවා. හරි වැඩේ අහු වුනා වතුර යන්නේ closet එකයි toilet bowl එකයි සෙට් කරන ප්ලාස්ටික් ඇනේකින්. ඒකත් ගලවලා thread seal දාලා ආයිත් උදේ බැලුවා මේ මගුල ආයිත් ලීක්. එපා වුනා ටොයිලර් හැදිල්ල..දවසක් විතර ඕන මගුලක් වෙන්න කියලා ඔහොමම තිබ්බා. ඒ අස්සේ සින්ක් එක ගාව ඈන්ගල් වෑල් එකෙන් වතුර බින්දු බින්දු වැටෙනවා වතුර යන්නේ flexible hose එක අස්සෙන් බාල බඩුවක් බන් ඒක. ඒක විසික් කරලා අලුත් හොද එකක් ගෙනාවා ඒක හයි කරන්න බෑ ඈන්ගල් වෑල් එකයි බිත්තියයි අතර ගැප් එක මදි නිසා හෝස් එක තද කරන්න බෑ. ඊට පස්සේ ගෙනාවා ත්‍රෙඩ් දිග ඈන්ගල් වෑල් එකක් කඩෙන් ඒක දාලා හෝස් එක දැම්මා වැඩේ හරි වගේ. ඒත් අර ඈන්ගල් වෑල් එකේ කරෙන් වතුර වැටෙනවා බින්දුව බින්දුව. ඕන මගුලක් වෙන්න කියලා එහෙම්ම තිබ්බා. දැන් පැයකට එක බින්දුවක් වගේ වැටිලා වේලිලා යනවා.
    ඔය අස්සේ කොමඩ් එකේ ලීක් එක් අඩු වුනා කියලා හිතුවා ඒත් නෑ.. වතුර පිටට එන්නේ නැති වුනාට කොමඩ් එක අස්සේ වතුර.ආයිත් ඔක්කොම
    චෙක් කලා. ඔන්න එතකොට තමයි සීන් එක මාට්ටු වුනේ. කොමඩ් එකේ බෝල් වෑල් එක වැහුනට වතුර පොඩ්ඩ පොඩ්ඩ පිරෙනවා. ඒ කියන්නේ වතුර ලෙවල් එක ගානට පිරුනම වතුර පිරෙන එක ඕෆ් වෙනවා ඔටෝ. ඒත් මේකෙ හෙමීට පිරෙනවා අපිට මීටර් වුනේ නැති උනාට. රැයක් තිබ්බම මේක පිරෙනවා බිත්තියට ගහලා තියන ඇන දෙකටත් උඩින්. එහෙම උනාම තමා ඒ ඇන තව් දෙකෙන් වතුර ලීක් වෙලා කොමඩ් එක දිගේ වතුර බේරිලා යන්නේ පිටිපස්සෙන්. අපි මෙච්චර කල් හිතපු හැම දේම වැරදී. ඒක නිසා ඒ ඇන දෙකටත් සිලිකන් දාලා වැහුවා වැඩේ හරිගියා.
    ඒත් බෝල් වෑල් එකේ අවුලක් තියනව වතුර පිරිලා නවතින්නේ නෑ. Adjust කලත් ඒකට ඕන විදියට පිරෙන්නේ බාල බඩුවක් ඒක. ඔහොම සතියක් විතර තිබ්බා. දැන් කිසි ලීක් එකක් නෑ. හිතටත් පොඩි සතුටක් ආවා. ඔන්න මම ඊයේ නිකන් චූ පරක් දාන්න යන කොට ලාවට දැක්ක කොමඩ් එකේ ඇතුලෙන් වතුර පාරවල් බේරේනවා.ඒ කියන්නේ ෆ්ලශ් නොකර වතුර යනවා හෙමීට. මට මරයා නැග්ගා බන් මේ මගුල. මොනවා කලත් හරියන්නේ නෑ ඒක. කලින් තිබ්බේ නෑ දැන් තියනවා. වතුර පාරවල් යනවා හෙමීට කොමඩ් එකේ. හොදට බැලුවොත් තමා පේන්නේ. ඒ කියන්නේ සීල් එකේ කොහේන්හරී ලීක්. වොරන්ටිත් තියනවා. මට ආයිත් කම්මැලි ඕවා ගලවලා උස්සන් යන්නත්. මටනම් එපා වෙලා බන් මේ මගුල. Flush system එකම ගලවලා බලන්න ඕන ලොකුවට ලීක් වුනොත්.
    දැන් හිතෙනවා බන් ගාන වැඩි වුනත් rocell, grohe, totto,amrican standard වගේ බඩු වලින් ගෙනල්ලා දැම්මනම් හිතට දුකක් නෑ කියලා. උඔලා බාතෲම් හදනවනම් අඩුවට නාවල තියන බඩු ගන්නනම් යන්න එපා සක්කිලි බල්ලො ඉන්නේ ඕවෑ..මටහිතෙනවා උන් මාව ඇන්දුවා කියලා. පර බල්ලෝ. කැරි දෙමලෙක්ගේ කඩේකින් ගත්තේ.පරයෝ ඔක්කොම එකයි. කොමඩ් එකේ සීට් කවරේ නට් එකක් පුපුරල තිබ්බා ඒක තද කලාට තද වෙන්නේත් නෑ. පස්සේ thread seal දාලා තද කරාම හරි ගියා.
    මේ මම දෙවෙනි පාර නාවලින් බඩු අරන් ඇනගත්ත. මීට කලිනිත් බාත් රූම් එකක් හදන්න ගිහින් වැඩ වරද්ද ගත්තා 2007 වගේ. ඒක මතක් වුනේ මේක වුනාට පස්සේ. අපේ පරන ගෙදර රෙපයාර් එකක් කරනකොට. කොච්චර පාඩම් ඉගෙන ගත්තත් අමතක වෙනවා.
    උඔලානම් මලාට නාවලින් නම් ගන්න යන්න එපා. පලයන් හොද brand එකක් තියන කඩේකට. මිනිස්සු ජීවිතේ එක පාරයි ගෙයක් හදන්නේ මේ සක්කිලී අපි වගේ අසරන මිනිස්සුන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට කොච්චර වන්චා කරනවද. මුන්ටනම් හෙන ගහන්න ඕන බන්. සිරාවටම. පාහර බල්ලෝ....
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    අෆ්පා ඒපා වෙනව බං... වතුර ලීක් තරම් වාත කේස් නම් මම දැකලම නෑ....... 50000 ට ඔය ඔක්කොම සෙට් වුනා කියන්නෙ පට්ටම ලාබයි.. ඒත් වැඩක් නෑනෙ....
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇයි බං නාවලින් ගත්තෙ චීනෙන් ගෙනාපු බාල බඩු විකුණන්නෙ.. උඹ නත්තල් හරි සිංහල අවුරුදු හරි සීසන් එනකං උන්න නම් 50% ඩිස්කවුන්ට් පිට ගන්න තිබ්බා රොසෙල් එකෙන් බඩු.. නාවලට වඩා පොඩ්ඩයි වැඩි උනේ.. මම ෆුල් ටයිල් කරලා බාත්රුම් සෙට් එකත් එක්ක බාස් කුලියයි ටයිල් අලවන ගමුයි බටි ඔක්කොම එක්ක ලක්ෂ 2කට අඩුවෙන් හැදුවා 2019
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අෆ්පා ඒපා වෙනව බං... වතුර ලීක් තරම් වාත කේස් නම් මම දැකලම නෑ....... 50000 ට ඔය ඔක්කොම සෙට් වුනා කියන්නෙ පට්ටම ලාබයි.. ඒත් වැඩක් නෑනෙ....
    වැඩක් නෑ බන් කතා කරලා ලාභ බඩුවේ හිලක්. ලාභත් නෑ බන් ඉතින් 2019 23/= අපේ අක්කලා
    දාලා තිබ්බා කියලා බිල් පෙන්නුවා පිලියන්දල පැත්තේ තැනකින්
    ඇයි බං නාවලින් ගත්තෙ චීනෙන් ගෙනාපු බාල බඩු විකුණන්නෙ.. උඹ නත්තල් හරි සිංහල අවුරුදු හරි සීසන් එනකං උන්න නම් 50% ඩිස්කවුන්ට් පිට ගන්න තිබ්බා රොසෙල් එකෙන් බඩු.. නාවලට වඩා පොඩ්ඩයි වැඩි උනේ.. මම ෆුල් ටයිල් කරලා බාත්රුම් සෙට් එකත් එක්ක බාස් කුලියයි ටයිල් අලවන ගමුයි බටි ඔක්කොම එක්ක ලක්ෂ 2කට අඩුවෙන් හැදුවා 2019
    ටයිල් නම් ලංකා ටයිල් බන්
    උන්ගේ බැලුවා බන් 78/= wc එක විතරක්. මට 3/= ගියා බන් ඔක්කොටම තව සිවිලිමයි පේන්ට් කරන්නයි
    දොරයි
    දාන්න ඕන බාස් කුලිය 65/= ගියා. ඔය ලීක් හදන්න අරවට මේවට 10/= විතර ගියා.
     
    • Like
    Reactions: simonAppu

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    චීනෙ ඒව නෙමෙයි ඔය ඉන්දියන් ජරාව..චීනෙ හදන හැම ඵකම බාලයි කියන උන් දැක්කහම හිනත් යනවා..ඵහෙනම් ඉතිං ලංකා ටයිලුත් ගන්නන ඵපා ඒවත් දැන් හදන්නෙ චීනේ😄😄
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Gewal dekakata badu gaththa ada wenakan ginnak na 😂 matanan lakshekata kittu wenna giya wash basin commode shower kit and other accessories walata eka bathroom ekakata 😶
     
    • Like
    Reactions: simonAppu

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඇයි බං නාවලින් ගත්තෙ චීනෙන් ගෙනාපු බාල බඩු විකුණන්නෙ.. උඹ නත්තල් හරි සිංහල අවුරුදු හරි සීසන් එනකං උන්න නම් 50% ඩිස්කවුන්ට් පිට ගන්න තිබ්බා රොසෙල් එකෙන් බඩු.. නාවලට වඩා පොඩ්ඩයි වැඩි උනේ.. මම ෆුල් ටයිල් කරලා බාත්රුම් සෙට් එකත් එක්ක බාස් කුලියයි ටයිල් අලවන ගමුයි බටි ඔක්කොම එක්ක ලක්ෂ 2කට අඩුවෙන් හැදුවා 2019
    මේ දවස් වල ටයිල් ගනන්, ග්න්නන්නේ නෑති නිසා, අඩුම 30% වගේ ගනන් ගිහින්.
    නාවල තියෙන්නේ කඩ 3යී, උන්තම හෑමොටම බෙදන්නේ.
    අලි මොකකද එකෙක් තියනව උන් ගෙන්නනවා, අනිත් උන් උන්ගෙන් ගන්නවා.

    නාවල අනික, උන්ම ගෙනත්, උන්ම ගානක් ගහලා, උන්ම අඩුකරලා
    අපිට දෙනවා.
    අපේ උනුත් ඩිස්කවුන්ට් කියලා අහුවෙනවා. කාර්ඩ් වලින් ගෙවන කොට තවගානක නාවල ගොඩක් එවුන් ගන්නවා.
     
    • Like
    Reactions: spunkyisii

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Your issue is with the Ball valve unit. Better to replace it. oya okkoma karala thiyenne goda wedakam. Prashne thiyana thana hadaa ganna. Ball valve unit eka check karala maru kara ganna.

    Anika mata hithenne meeka nawala prashnayak newei. Labe/ gana gana hithala gaththa bala badu wala prashnayak. Badu ganithdi gana gana dewenuwa hithala kal pavathma gana hithanna. nathinam oyawagee hamadaama hada hada jeewithaya epa wela inna.

    P.S. mama nawala badu wikinana kenek wath bathroom fittings karana kenek wath newei.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය ටැප් ඇනගල් හෝස් බිඩ් ටැප් මැජික් හෝස් WaterTec දාන්න (y) අනම් මනම් කරදර නැ ටෙඩ් සිල් ඕනෙත් නැහැ වතුර ලික් වෙන්නෙත් නැ ගානත් අඩුයි වොරන්ටි අවු 10 හෝ 6ක් දෙනවා මොනවා හරි වුනුත් උන් මාරු කරලත් දෙනවා ගෙදර පොඩි ළමයෙක් ට හරි වයිෆ්ට:cool: හරි ඕන කෙනෙකුට හයි කරගන්න ලේසියි made in malaysia වතුරත් වේගෙන් එනවා

    St. Anthony's Hardware - watertec agent

    download.jpg


    නැත්නම් s lon එකෙන් ගහන අලුත් ඒවා ත් තියෙනවා දැන්
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    angle valve මටත් අරන් පිස්සු හදුනා. එක්කෝ වතුර ලීක්, එක්කෝ වතුර ප්‍රෙෂර් නැහැ, එක්කෝ මාස කීපයකින් දිරල කැඩෙනවා. හදනවා ඉවරයක් නැහැ. මලම පැන්න. අන්තිමට දැම්මා water tec ප්ලාස්ටික් කිසි අවුලක් නැහැ. ගින්දර වගේ
    plumber බ්‍රෑන්ඩ් එකේ ඒවත් හරි ගියා. එත් water tec තමා සෙට් උනේ....
    අනිත් බඩු නම් rocel හොද ඒවා දැම්මේ....
    පොඩ්ඩක් කැතයි නම් තමා. එත් වැඩිය පෙන්නේ නැහැ නේ angle valve
     
    • Like
    Reactions: Brandy2020

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    බාත්රුම් වල බඩු දානවනම් හොද ඒවායින් දාන්න, ඕවයේ රෙපෙයාර් එනකොට එපා වෙනවා,

    උබේ ප්‍රශේනේ තියෙන්නේ සිස්ටන් එකේ, සිස්ටන් එක ගලවලා කඩේකට ගිහින් හොද සිස්ටන් සෙට් එකක් දාගනින්, මතක ඇතුව ඕක ගලවලා අරන් පලයන් නැත්නම් උස වෙනස් වෙනවා සිස්ටන් වල.

    අනිත් එක තමා මැජික් හෝස් එක, මැජික් හෝස් එක දාන්නේ බාසාගේ ලේසියට, හැබැයි ඕක අවුරුදු දෙකක් යනකොට ගොඩක් වෙලාවට ඇසිඩ් ගතියට දිරනවා , drainage බටයක් දාන එක තමා හොදම

    අනිත් ඒවා දානවනම් වෝටර් ටෙක් හොදයි, එස්-ලෝන් වලත් මිල අඩු එකක් එනවා ඒක දාන්න එපා

    හොද බ්‍රෑන්ඩ් වලට යනවනම් ඔය උඩ කියල තියෙන බ්‍රෑන්ඩ් හොදයි.

    conceal valve දානවනම් මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් එකක් දාන්න, මොකද ටයිල් එකෙන් යටනේ හයිවෙන්නේ, අවුරුදු 10 කින් රෙපයාර් එකක් ආවත් මාකට් එකේ තියෙන බඩුවක් උනොත් ටයිල් ගලවන්නේ නැතුව රෙපෙයාර් කරගන්න පුළුවන්, උදා- ප්ලම්බර් වගේ බඩු ඕන කාලයක් මාකට් එකේ තියෙනවා