නාසි ජර්මනියේ සුපිරි යුද අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාසි ජර්මනියේ සුපිරි යුද අවි

    6UqQNAV.jpg

    දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය විසින් නිපද වූ උසස්ම ඝනයේ යුධෝපකරණ

    දෙවන ලෝක යුද්ධය,නාසි ජර්මනිය මේවා ගැන අහලාම කට්ටියට එපාවෙයිද මන්ද.එහෙම වෙන එකක් නෑනේ.මෙම ෆෝරමයේ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක්ද සැපයීමේ අරමුණත් ඇතිවයි මෙම ලිපිය පළවන්නේ.දෙවන ලෝක යුද සමයේ විවිධ ක්ෂේත්‍ර තුල ජර්මනිය අවි තාක්ෂණය දියුණු කරන ලදි.එනම් පාබල සටන් සඳහා කාලතුවක්කු,යුද ටැංකි ආදියත් ගුවන් සටන් සඳහා මිසයිල සහ ගුවන් යානාත්,නාවුක සටන් වෙනුවෙන් සබ්මැරීන සහ නෞකාත් ඉන් ප්‍රධාන තැනක් ගනියි.ඔවුන් දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර සහ දෙවන ලෝක යුද්ධය අවසානය වන තෙක් යුධෝපකරණ තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටියෝය.ඔවුන්ගේ අවි මිත්‍ර පාර්ශ්විකයන් හැඳින්වූයේ ජර්මන් රහස්‍ය අවි ලෙසයි.ජර්මානුවන් විස්මිත අවි නමින් ඒවා හඳුන්වන ලදි.


    ජර්මනියේ මෙම යුධෝපකරණ තාක්ෂණයේ විස්මිත දියුණුව එක වරම සිදුවූවක් නොවේ.එය පහත දැක්වෙන මූලික හේතූන් තුන නිසා ඇතිවූවකි.​


    • ජර්මනිය යනු උසස්ම තාක්ෂණික දියුණුවක් අත්පත් කරගෙන තිබූ ජාතියකි.හමුදාමය නවීකරණය සම්බන්ධව ජර්මනියට හොඳ ඉතිහාසයක් තිබිණි.දෙවන ලෝක යුද්ධයට පෙර පටන් එහි විද්‍යා සහ තාක්ෂණික නායකත්වය ක්ෂේත්‍ර රැසක හින්පත්තටම ගොස් තිබිණි.


    • 1933 පටන් ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ඒකාධිපතියා ලෙස ක්‍රියා කල අතර යුද්ධයකට යාමේ අරමුණක් තිබෙන බව ඔහුගේ ක්‍රියාවලින් පැහැදිලිවම පෙනිනි.ඔහු ජාතික වශයෙන් ජර්මනිය මහා පරිමාණ යුද්ධයකට සූදානම් කරවීය.ජර්මන් යුදායුධා කර්මාන්තය එරට ක්ෂේත්‍ර රැසකට නායකත්වය දුන් අතර ඒවා සඳහා ජාතික සම්පත් විශාල ප්‍රමාණයක්ද අයවැයෙන් සැලකියයුතු ප්‍රතිශතයක්ද වෙන් කරන ලද්දේ ජර්මන් හමුදාව හැකිතරම් දියුණු යුද අවිවලින් සහ තාක්ෂණයෙන් බලගැන්වීමටයි.නමුත් දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ පැවති සාමකාමී පරිසරය නිසා බොහෝ මිත්‍ර පාර්ශ්වික රටවල් ඔවුන්ගේ යුද තාක්ෂණය දියුණු කරන්නට එතරම් පරිශ්‍රමයක් නොදැරීය.ඔවුන් අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කලේ සුළු මුදල් ප්‍රමාණයකි.සමහර විට 1930 දශකය මුලදී ඇතිවූ ආර්ථික අවපාතය නිසා බොහෝ රටවල් ජර්මනියේ නැඟී එන තර්ජනය නොසලකා හැර සිය රටවල ආර්ථිකය යථාතත්ත්වයට පත් කරන්නට උනන්දුවන්නට ඇති.නමුත් රුසියාවේ තත්ත්වය අනෙක් මිත්‍ර පාර්ශ්වික රටවල් තරම් දුර්වල නොවීය.නුදුරේදිම යුද්ධයක් පැමිණෙන බව ජෝෂප් ස්ටාලීන් දැන සිටියා.ඔහු යුද්ධය සඳහා සෝවියට් දේශය සූදානම් කරවීය.නමුත් තාක්ෂණික දියුණුව අතින් ජර්මනියත් සෝවියට් දේශයත් අතර විශාල පරතරයක් තිබුණි.ස්ටාලින්ගේ කුරිරු පාලන තන්ත්‍රය නිදහස් නවිකරණයට වැට බැඳ තිබිණි.ඉතින් 1933-139 සමයේ ජර්මනිය අනෙකුත් රාජ්‍යයන්ට වඩා යුධෝපකරණ තාක්ෂණයෙන් ගව් ගණනක් ඉදිරියෙන් සිටීම පුදුමයට කරුණක් නොවේ.


    • යුද්ධය ආරම්භ වූ පසු යුද්ධය ජයගත හැකිය යන හිට්ලර්ගේ අධික විශ්වාසය නිසා ජර්මනියේ යුධෝපකරණ සංවර්ධන වැඩසටහන් සඳහා යෙදවූ පරිවැය අවම කලා මෙන්ම මාස 18 තුල සංග්‍රාම භූමියේ සටන් වලට එක් කිරීමේ හැකියාවක් නොමැති ව්‍යාපෘති නවතා දමන්නටද නියෝග කරන ලදි.නමුත් යුද්ධයේ අවසානයට ළඟාවන විට ඔවුන්ගේ යුද අවි ප්‍රමාණවත් නොවු අතර එය පරාජයටද හේතුවක්ද විය.අවසන් සමයේ ඔවුන් බලාපොරොත්තු විරහිතව අති දියුණු අවි සංවර්ධනය කරන්නට ආයෝජනයන් කරන ලද අතර ඒවාහි ප්‍රතිඵල විස්මය දනවන සුලුවිය.නමුත් එම ව්‍යාපෘති වලින් නිපදවු අවි මහා පරිමාණයෙන් නිපදවන්නට විශාල වියදමක් දරන්නට අවශ්‍ය විය.නමුත් ජර්මනිය පරාජයෙන් ගලවා ගන්නට ඒවා ප්‍රමාණවත් නොවීය.




    ජර්මන් රහස්‍ය අවි


    ජෙට් සහ රොකට් බලැති ගුවන් යානා​



    Arado Ar 234

    ඇරඩෝ 234 -ලොව පළමු ජෙට් බෝම්බ ප්‍රහාරක යානය.මෙය දියුණු තනි අසුනේ ස්වයංක්‍රීය නියමුවා සහිත,නියමු අසුන නික්ෂේපනය කල හැකි නියමු පාලනය සහිත පිටුපස තුවක්කු එන්ජින් දෙකේ ජෙට් යානයකි.අනාකූල හැඩැති අධික වේගයෙන් ගමන් කල හැකි මෙම යානය බිම හෙළීම පහසු වූයේ නැත.

    rBYHuo2.jpg
    Arado Ar 234​




    Messerschmitt Me 262

    මෙසර්ච්මිට් 262 - ලොව පළමු ජෙට් ප්‍රහාරක යානය.එම කාලයේ මිත්‍ර හමුදා සතුව තිබූ fighter වර්ගයේ ඕනෑම ගුවන් යානයකට වඩා මෙය වේගවත් විය.මෙය සැහැල්ලු බොම්බ හෙළන්නෙක්,පෙරික්සුම් යානයක් සහ පරීක්ෂණාත්මක රාත්‍රී සටන්කරුවෙක්ද(fighter) විය.

    18lAwdb.jpg
    Messerschmitt Me 262​




    Messerschmitt 163

    මෙසර්ච්මිට් 163 කොමෙට් - ලොව ප්‍රථම රොකට් එන්ජිමකින් පණගැන්වූ ගුවන් සටන්කරුවාය(fighter).මෙයට පැයට සැතපුම් 700කට ආසන්න වේගයක් ලබා ගත හැකිය.

    uieNDp2.jpg
    Messerschmitt 163​




    Heinkel 162

    හයින්කල් 162 - ජෙට් එන්ජිමක් සහිත Fighter වර්ගයේ යානයකි.දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී භාවිතා කල මෙය මහා පරිමාණයෙන් නිපදවන්නට නාසීන්ට නොහැකිවිය.

    VY4CTSf.jpg

    Heinkel 162





    අනෙකුත් දියුණු ගනයේ ගුවන් යානා


    Dornier 335

    ඩොනියර් 335 - නියමු අසුන යානයෙන් ඉවතට විදීමට හැකි පළමු fighter වර්ගයේ ගුවන් යානයි.මෙම යානය ඇමෙරිකානු පී-51 යානයට වඩා වේගයෙන් ගමන් කල හැකිය.මෙහි ඉදිරිපස අවරපෙත්තට අමතරව පිටුපසද එකක් තිබිණි.

    oCPCGAL.png

    Dornier 335​




    Junkers 87 "Stuka"

    ජන්කර් 87 - ගොඩබිම් ඉලක්ක වෙත ඉතා නිරවද්‍ය ප්‍රහාර එල්ල කල හැකි පළමු යානය මෙය බවයි සැලකෙන්නේ.බ්‍රිතාන්‍ය ආක්‍රමණයට මෙම යානය යොදාගෙන තිබේ.යුද්ධයේ මුල් භාගයෙදී ජර්මනියේ වේගවත් ජයග්‍රහණ රැසක ප්‍රධාන භූමිකාව මෙම යානය විසින් හොබන ලදි.

    DIwAbg3.jpg
    Junkers 87​




    හෙලිකොප්ටර් - ලොව ප්‍රථම ක්‍රියාකාරි හමුදා හෙලිකොප්ටරය වූයේ ෆ්ලැට්නර් 282යි.මෙම හෙලිකොප්ටරය යොදාගත්තේ මධ්‍යධරණී කලාපයේ පෙරික්සුම් කටයුතු සඳහාය.ෆොක් ආක්ජෙලිස් 223 හෙලිකොප්ටරයද ජර්මානුවන්ගේ නිර්මාණයකි.නමුත් ඒවා මහා පරිමාණයෙන් නිපද වූයේ නැත.


    XT84xUm.jpg

    Flettner 282 & Achgelis 223​




    Guided Weapons - නියාමක අවි


    Henschel Hs-293

    හෙන්චල් එච් එස් 293 - ලොව ප්‍රථම සංග්‍රාමික නියාමක මිසයිලය මෙයයි.එය ප්‍රථම වරට යොදාගත්තේ බ්‍රිතාන්‍ය නෞකාවක් ගිල්වා දැමීමටය(1943 අගෝස්තු 27).මෙම මිසයිලය රේඩියෝ තරංගවලින් පාලනය වූ අතර කි.ග්‍රෑ. 500 බර පුපුරණ ද්‍රව්‍ය සහිත ශීර්ෂයක් රැගෙන ගියේය.Hs-293 මිසයිලය පාලනය කිරීම බෝම්බ හෙළන යානය විසින් සිදු කරන ලදි.යුද්ධය අවසන් වන තෙක් මෙම වර්ගයේ මිසයිල 2300ක් වත් නාසීන් විසින් විවිධ ඉලක්ක වෙත එල්ල කර තිබේ.


    POdt4fw.jpg

    Henschel Hs-293​




    Ruhrstahl Fritz-X

    රුස්ටල් ෆෙට්ස් එක්ස් - ලොව පළමු නියාමක බෝම්බය මෙයයි.පළමුවරට යොදාගත්තේ 1943 සැප්තැම්බර් 9වනදා ඉතාලි යුද නැවක් වූ රෝමා විනාශ කිරීමටය.මෙය නූතනයේ බංකර් නාශක බෝම්බයකට සමානය.රේඩියෝ සංඥා මගින් පාලනය කල මෙම බෝම්බය අඩු ගණකමක් සහිත සන්නාහයන් බිඳගෙන යාමට හැකි අයුරින් නිපදවා තිබිණි.

    PB7JPSq.jpg
    Fritz-X​




    V-1 මිසයිල

    වී-1 මිසයිලය - සැබවින්ම මෙය ලොව ප්‍රථම කෲස් මිසයිලයි.ජෙට් එන්ජිමකින් පණ ගැන්වූ එයට රාත්තල් 1875 ක පුපුරණ ද්‍රව්‍ය සැතපුම් 125ක් දුරට ගෙන යා හැකිය.බොහෝවිට මෙම මිසයිල නිකුත් කලේ ගොඩබිම සිටය.නමුත් බෝම්බ හෙළන යානාවලින්ද මෙම මිසයිල මුදා හැර තිබේ.මෙහි මිනිසෙක් ගමන් කල හැකි වර්ගයේ සංස්කරණයක්ද නිපදවා තිබුණද ප්‍රහාර සඳහා යොදාගත්තේ නැත.

    Welh15q.jpg

    V-1 මිසයිල​




    V-2 මිසයිලය

    වී-2 මිසයිලය - ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙයයි.රොකට් එන්ජිමක් සහිත මෙම මිසයිලයට රාත්තල් 2150ක පුපුරණ ද්‍රව්‍ය සැතපුම් 200ක් දුරට ගෙන යා හැකිය.මෙම මිසයිල පැයට සැතපුම් 2500 වේගයෙන් ගමන් කල අතර ඒවා නිකුත් කල වේදිකා පහසුවෙන් තැනින් තැනට ගෙන යාහැකි සේ නිපදවා තිබූ නිසා මිත්‍ර හමුදාවල ගුවන් පිරික්සුම් යානාවලට හසුනොවීය.

    VYLp0dp.jpg

    V-2 මිසයිලය​




    Schrage Musik

    ජර්මන් නිශාචර වර්ගයේ ගුවන් යානාවල භාවිතා කල ස්වයංක්‍රීයව වෙඩි තැබිය හැකි තුවක්කු විශේෂයක් වූ මෙය ප්‍රකාශ විද්‍යුත් සංවේදක සහිත වූ අතර බෝම්බ හෙළන යානාවලට යටින් ගමන් කරන විට එම යානාවල සෙවනැල්ල ග්‍රහණය කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.මෙම අවිය ඉතා ඵලදායි එකක් වූ අතර සතුරා විශ්මයට පත් කල අවියක්ද විය.මෙම අවිය ගුවන් යානයට ඉහළින් ගමන් කල සතුරු යානාවලට පහරදීමට නිර්මාණය කර තිබිණි.

    6dlvxfs.jpg

    Schrage Musik​




    Sondergerate

    මෙය ගොඩබිම් ප්‍රහාර සඳහා යොදාගත් ගුවන් යානාවල යටි පැත්තේ සවිකර තිබූ අතර යුද ටැංකි නාශක අවි ලෙස ක්‍රියාකර තිබේ.මෙය කලින් කී අවිය මෙන් ස්වයංක්‍රීයව වෙඩි තැබීමට හැකියාව තිබූ අවියකි.

    PBh41Ky.jpg

    Sondergerate





    සබ්මැරීන


    Type XXI submarine

    මෙම සබ්මැරීනය සිය මුර සංචාරය අතරතුර සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී මෙහෙයුම් සිදුකල හැකි වර්ගයේ ලොව ප්‍රථම සබ්මැරීනයයි.එනම් මීට පෙර පැවති සබ්මැරීන නෞකාවකට හෝ වෙනත් ඉලක්කයකට ප්‍රහාර එල්ල කරන්නට ජලය මතුපිටට පැමිණියේය.ජර්මනියේ මුල් කාලීන යූ බෝට් සබ්මැරීන සියල්ලම පාහේ රංචු පිටින් සතුරු නෞකා හඹා ගොස් රාත්‍රී කාලයේදී නෞකාව වටකර ජලය මතුපිටට විත් ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් ඒ උපක්‍රමය පසුකාලයේදී සබ්මැරීන බොහොමයක විනාශයටද හේතුවිය.Type 21 සබ්මැරීනය ජලයේ සම්පුර්ණයෙන්ම ගිලී ගමන් කරන විට වේගවත් බව ඔප්පු කරන ලදි.මෙම සබ්මැරීනය බැටරි බලයෙන් මෙන්ම ඩීසල් බලයෙන්ද ක්‍රියාකල නිසා කි.මී.28,700ක් තරම් දුර ගමන් කල හැකිවිය.දියුණු තත්ත්වයේ සෝනාර් තාක්ෂණය භාවිතා කල ප්‍රථම සබ්මැරීනයද මෙයයි.මෙම පහසුකම නිසා සතුරු නෞකා නිරීක්ෂණය කිරීමට පරික්ෂකය යොදා ගැනීමට මුහුද මතුපිටට පැමිණීමට අවශ්‍ය නොවීය.එය සතුව ද්වීතීයික විද්‍යුත් මෝටරයක් තිබූ නිසා සටන් වලදී නිෂ්ශබ්දව ගමන් කල හැකිවිය.එසේම එය සතුව වායු සමීකරණ පහසුකම්,වේගවත් ටෝර්පිඩෝ දියත් කිරීමේ යාන්ත්‍රණයක් සහ තවත් දියුණු අංග කිහිපයක්ම අඩංගු විය.සබ්මැරීන අධි තාක්ෂණික ප්‍රහාරක සබ්මැරීනයක් මෙන්ම සතුරු සබ්මැරීන නාශක ගුවන් යානා සහ නෞකාවලට අනාවරණය කර ගත නොහැකි සාර්ථක සබ්මැරීනයක් ද විය.

    fGrUxiO.jpg
    Type XXI submarine​




    Type XXIII submarine

    මෙය Type 21 සබ්මැරීනයේ කුඩා සොහොයුරාය.ඉතා කුඩා ප්‍රහාර සබ්මැරීනයක් වූ මෙය ටොන් 250 පමණ බරින් යුක්ත එකකි.මෙය වෙරළාශ්‍රිත ප්‍රහාර එල්ල කිරීමට සහ නොගැඹුරු ජලයට යාත්‍රා කර සතුරු නෞකාවලින් බේරීමට හැකි සබ්මැරීනයකි.මෙහි තිබූ තවත් විශේෂ හැකියාවක් වන්නේ හදිසි කිමිදීමක් එනම් තත්ත්පර 10කදි පමණ සිදුකල හැකිවීමයි.

    Wg6QGB1.jpg

    Type XXIII submarine




    Electric-powered torpedoes - විදුලි බලයෙන් ක්‍රියාත්මක ටෝර්පිඩෝ

    මෙය ලොව පළමු විදුලි බලයෙන් ක්‍රියාත්මක ටෝර්පිඩෝවයි.මේවා ජර්මන් සබ්මැරීන මගින් මුදා හැරි අතර අනෙක් ටෝර්පිඩෝ මෙන් ඉලක්කය වෙත ගමන් කරන විට මේවා ජලයේ දිය බුබුළු ඇතිකලේ නැත.එම නිසා සබ්මැරීනය තිබෙන දිශාව නිශ්චය කරගැනිමට සතුරන්ට ඉඩ නොලැබිණි.

    XtD2pPC.jpg

    Electric-powered torpedoes​




    ස්ටෙල්ත් ආලේපය

    ලොව පළමු ස්ටෙල්ත් වර්ගයේ ආලේපය ජර්මානුවන් විසින් තම සබ්මැරීනවලට යොදාගත්තේ රාත්‍රියේදී සතුරු ගුවන් යානාවල අධෝරක්ත පිරික්සුම් පහන්වලට අනාවරණ වීම වැළැක්වීමටය.මෙම ස්ටෙල්ත් තාක්ෂණය එම කාලයට වඩා දශක ගණනක් ඉදිරියෙන් සිතා නිර්මාණය කල එකක් වන්නේ රේඩාර් අන්තර්ග්‍රහණය කරගන්නා තාක්ෂණය පවා වර්තමාන යුද ගුවන් යානාවලට බහුලවම යොදා ගැනීම ඇරඹුණේ 20 වන සියවස අග භාගයේදි නිසාය.

    D5zBVoc.jpg
    ස්ටෙල්ත් වර්ගයේ පලමු ජර්මන් සබ්මැරීනය - U-480​





    අනෙකුත් හමුදා අවි


    Nerve Gas - ස්නායු වායුව

    ස්නායු ගෑස් වර්ගය 3ක් ප්‍රථම වරට නිපදවූයේ ජර්මනියයි.ඒවා නම් ටැබන්(1936),සරීන්(1938),සොමන්(1944).මුල් කාලීන රසායනික අවිවලට වඩා මේවා මාරාන්තික විය.නමුත් ජර්මානුවන්ගේ මෙම රහස්‍ය අවි සම්බන්ධව මිත්‍ර පාර්ශ්විකයන් නොදැන සිටියහ.නමුත් ජර්මනිය සිතා සිටියේ ඔවුන් සතු රසායනික අවි වලට සමාන හෝ ඊටත් වඩා දියුණු රසායනික අවි මිත්‍ර පාර්ශ්විකයන් සතුව ඇතැයි කියාය.නමුත් සත්‍යය නම් එවැනි දියුණු මට්ටමේ රසායනික අවි ජර්මනියේ සතුරන් සතුව නොතිබුණු බවයි.එසේම ජර්මනිය රසායනික අවි භාවිතා කල හොත් පළිගැනීමක් ලෙස බ්‍රිතාන්‍යද තමන්ගේ රසායනි අවි සංචිත ඔවුන්ට එරෙහිව භාවිතා කරන බවයි.

    rrs4wn4.png





    Sturmgewehr 44

    ලොව ප්‍රථම assault රයිෆලය මෙයයි.පසුකාලයේ නිපදවූ M-16.AK47 යනුද assault රයිෆල්ය.


    k9aQJ5M.jpg
    Sturmgewehr 44​




    Synthetic Fuel - කෘත්‍රීම ඉන්ධන

    ලොව ප්‍රථම කෘත්‍රීම ඉන්ධන සොයාගැනීමේ ගෞරවයද හිමිවන්නේ ජර්මනියටයි.දෙවන ලෝක යුද්ධයට පෙර සහ අතරතුරදී ජර්මනිය විශාල නිෂ්පාදනාගාර ප්‍රමාණයක් ඇති කල අතර ඒවා බොහොමයක් යැපුනේ ආනයනික පෙට්ට්‍රෝලියම් ඉන්ධන මතයි.නමුත් ජර්මනිය ගල් අඟුරු යොදාගෙන නිපද වූ කෘත්‍රීම ඉන්ධන ඛනිජ තෙල් නිෂ්පාදනවලට වඩා මිල අධික විය.

    AXOkvgK.jpg

    1944 වසරේදී එක්සත් ජනපදය විසින් බෝම්බ හෙළා විනාශ කල ජර්මනියේ කෘත්‍රීම ඉන්ධන නිෂ්පාදනාගාරයක්​




    Radio Navigation - රේඩියෝ මගපෙන්වීම

    දෙවන ලෝක යුද්ධ සමයේ ආරම්භයේ සිට ජර්මන් නිශාචර බෝම්බ හෙළන යානා ඔවුන්ගේ ඉලක්ක වෙත බෝම්බ හෙළීමේදී රේඩියෝ සම්ප්‍රේෂක සහ යානාවල සවිකල ප්‍රතිග්‍රාහක භාවිතා කලහ.මෙය වර්ථමානයේ තාක්ෂණයට සමානය.නමුත් යුද්ධයේ පළමු වසර 2 1/2 කාලයේදී මිත්‍ර පාර්ශ්වික රටවල නිශාචර බෝම්බ හෙළන යානාවල එවැනි මඟපෙන්වන පද්ධතියක් නොතිබිණි.එම නිසා ඔවුන් එල්ල කල ප්‍රහාර නියමිත ඉලක්ක වෙත ගමන් කලේ නැත.

    jhgCMID.jpg




    ඉහත ලැයිස්තුවේ සඳහන් කර තිබෙන්නේ ජර්මනිය සංග්‍රාම භූමියට ගෙන ආ යුධෝපකරණ පමණි.නමුත් දෙවන ලෝක යුද්ධය අවසන් වන්නට පෙර භාවිතා කරන්නට නොහැකිවූ අවි ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රමාණයක්ද ඔවුන් සතු විය.එම රහසිගත ව්‍යාපෘති සමහරක් යුද්ධයෙන් පසුව සහ සෝවියට්-ඇමෙරිකන් අවි තරඟයටද පුරෝගාමී විය.



    Source:2worldwar2.com

    -HarshaLulzSec-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පට්ටයි බං..:love:

    උඹට වෙනසකටත් එක්ක Area 51, Bermuda Triangle, Aliens, Unsolved Mysteries වගේ ‍ත්‍රේඩ් ටිකක් දාන්න බැරිද..? :D
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    Aliens, Unsolved Mysteries

    මේ දෙක නම් හොඳයි වගේ.:rolleyes:

    ඒත් මම කැමති ww2,cold war ..... wars තමයි:baffled:

    කමක් නෑ බලමුකෝ.

    නාසින්ගේ පිස්සු හැදෙන conspiracy theories එහෙම හොඳ නැද්ද?:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දෙක නම් හොඳයි වගේ.:rolleyes:

    ඒත් මම කැමති ww2,cold war ..... wars තමයි:baffled:

    කමක් නෑ බලමුකෝ.

    නාසින්ගේ පිස්සු හැදෙන conspiracy theories එහෙම හොඳ නැද්ද?:rofl:
    දැන්ම දාන්න එපා බං.. මාත් ඕවට ආසයි.. ඒ නිසා ඔය ලිපි ටික ඉවරයක් කරල ඒවා දාපන්.. නොවිසඳුණු අභිරහස්, පිටසක්වලයො, අභිරහස් ස්ථාන අනං මනං ගැන ලිපි වලටත් මං පට්ට ආසයි බං.. Documentary එහෙමත් සෑහෙන්න බාගෙන බැලුවා.. ඒත් සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි කඩ්ඩ අවුල් නිසා..:(
     

    dickensian

    Well-known member
  • දැන්ම දාන්න එපා බං.. මාත් ඕවට ආසයි.. ඒ නිසා ඔය ලිපි ටික ඉවරයක් කරල ඒවා දාපන්.. නොවිසඳුණු අභිරහස්, පිටසක්වලයො, අභිරහස් ස්ථාන අනං මනං ගැන ලිපි වලටත් මං පට්ට ආසයි බං.. Documentary එහෙමත් සෑහෙන්න බාගෙන බැලුවා.. ඒත් සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි කඩ්ඩ අවුල් නිසා..:(

    yeah ubath mama wage..
    mamath owala documentary ehema sahenna baluwa..
    patta interesting ne balanna...
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Germany walata mara technology ekak ne bun tibila tiyenne
    USA unge copy karalada madanne na war ideas !
    danuth BMW Benz ekada man danne na japan cars walata wada awurudu ganak issarahin inne :D
    patta tread eka machan +REP
     
    • Like
    Reactions: HarshaLulzSec

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    නියමයි මචන්.
    ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා උඹේ Thred වලින්


    rep දෙන්න බැහැලු :(:(
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    USA unge copy karalada madanne na war ideas !

    කොහෙත්ම නෑ.සෝවියට් දේශයයි,ඇමෙරිකා එක්සත් ජනපදයයි තමයි යුද්ධෙන් පස්සේ තරඟෙට ජර්මන් තාක්ෂණය හොරා කෑවේ :lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන්ම දාන්න එපා බං.. මාත් ඕවට ආසයි.. ඒ නිසා ඔය ලිපි ටික ඉවරයක් කරල ඒවා දාපන්.. (

    එහෙම කල් ගත්තොත් වැඩේ පටන් ගත්ත තැනම ලොප්.

    කොහොමත් මට තව වැඩි දවසක් නෑ ඩයලොග්කාරයෝ connection එක කපනවා ලඟදිම.බිල ගෙව්වෙ නෑ :baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බොහොම ස්තුතියි මචන්.උඹ ඉක්මනටම දැම්ම කියපු ගමන්. ගොඩක් වටිනවා. මේවා ගැන දැනගෙන හිටියා මේ තරම්ම දන්නේ න. තව මේ වගේ වටිනා ඒවා දාපන්. මම ගොඩක් අසයි දෙවන ලෝක යුද්ද කලේ උන දේවල්, සෝවියට් කලේ ඒවා ගැන බලන්න..

    තව එකක මචන්. නාසි නේද පළමු stealth වර්ගයේ jet එකක් හැදුවේ. මෙන්න මේක.

    Horten Ho 229 , පස්සේ කාලේදී ඇමරිකාව මේකේ blue print හොරකම් කරලා උන්ගේ ස්ට්ල්ත් එක හැදුවලු.. මම වැඩ සටහනක දැක්කේ..
    ඉදිරියට දාන thread එකක මෙකත් දාපන් වෙලාවක.



    25rgww01.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    Horten Ho 229 , පස්සේ කාලේදී ඇමරිකාව මේකේ blue print හොරකම් කරලා උන්ගේ ස්ට්ල්ත් එක හැදුවලු.. මම වැඩ සටහනක දැක්කේ..
    ඉදිරියට දාන thread එකක මෙකත් දාපන් වෙලාවක.

    :yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නියමයි මචෝ...........!!!! :love:

    මේ දවස්වල අපේ එවුන් හිට්ලර්ට පණ ඇරලා!!!:lol:

    මගෙනුත් වැඩිම දෙනෙක් ඉල්ලලා තියෙන්නේ හිට්ලර්ගේ සීන් එක මුලින්ම දාන්න කියලා........!!!:yes: :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714095

    හෙට උදේ වෙනකම් බලලා වැඩිම මනාප ගනන තියෙන ත්‍රෙඩ් එක මුලින්ම දාන්න ඕනේ......!!!!! :D

    දිගටම ලියපිය!!!!! BEST OF LUCK@@@@ :yes: