මම අද පුදුම හීනයක් දැක්කා බන්. මම ගෙදරට කවුද තට්ටු කරනවා ඇහිලා ගිහින් දොර ඇරියා. අරිනකොට තුවක්කු අතේ තියාගත්ත SS නාසි සොල්දාදුවෝ දහයක් පහළොවක් දොරකොඩ හිටන් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් වගේ බල්ලෝ සෙට් එකක් එක්ක. උන්ට අපේ ගේ පරික්ෂා කරන්න ඕනෙලු. උන්ට ඔත්තුවක් අවිල්ලලු අපි යුදෙව්වන්ට හොරෙන් උදව් කරනවා කියලා.
ඒත් එක්ක කවුදෝ ජර්මන් සොල්දාදුවෙක් කෑගැහුවා Incoming කියලා. කියනවා එක්කම බ්‍රිටිෂ් ගුවන් යාන කිහිපයක් අපේ දොරකොඩට බෝම්බද දාගෙන ගියා. මාව ඒත් එක්ක ම උඩ ගිහින් ඇහැරුනා . අද දවසම අවුල් බන්. දැන් ටිකකට කලින් ජනේලේ අරිනකොට දැක්ක නාසි සොල්දාදුවෙක් වගේ එකෙක් පාරේ යනවා. නිකන් චායාව වගේ. සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඇති. මේක ඔලුවේ විකාර වෙලා තියනකොට හැමදේම ඒ වගේ පේනවා.

