නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    අපවත් වූ හිමිවරු ගණන 7ක් දක්වා ඉහළට



    මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ.

    පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

    අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.

    අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.

    අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව සඳහන්ය.

    ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.





    අපවත් වූ හිමිවරුන්,

    1. පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි – (අවුරුදු 47)
    2. පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි – (අවුරුදු 27)
    3. පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි – (අවුරුදු 37)
    4. ඉන්දියානු ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි – (අවුරුදු 31)
    5. පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි – (අවුරුදු 59)
    6. රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි හිමි – (අවුරුදු 48)
    7. රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමි – (අවුරුදු 48)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    කොහොමද බන් මේ ඩක්කුවේ 13ක් යන්නේ ??
    පොඩි හාමුදුරු සෙට් එකකුත් ගිහින් ද ?
    උපරිම 500kg කියලා නේ ගහල් තියෙන්නේ . ඒ ගත්තත් කිසිම විදියක ප්‍රමිතියක් හදපු ඩක්කුවක් වගේ මේක .

     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මීට අවුරුදු දොලහකට පහලොවකට විතර කලින් මම උය ඩක්කුවෙ ගිහින් තියෙනවා දානෙ අරගෙන. එ දවස්නල තනි කේබල් එකකින් උඩට ඇද්දෙ මට මතක විදිහට. සේෆ්ටි කියලා කිසිම දෙයක් තිබුනේ නැ. එ දවස්වල නම් ඔක දනේ උඩට අරන්යන්න එන්න විතරයි පාවිච්චි උනේ. ස්වාමීන් වහන්සෙලා පයින් වැඩම කලේ. 13 ක් කියන්නෙම ඔක ඔවර්ලෝඩ් එදවස්වල තිබුනු ස්ට්‍රක්චර් එකමනම්.

    කොහොමද බන් මේ ඩක්කුවේ 13ක් යන්නේ ??
    පොඩි හාමුදුරු සෙට් එකකුත් ගිහින් ද ?
    උපරිම 500kg කියලා නේ ගහල් තියෙන්නේ . ඒ ගත්තත් කිසිම විදියක ප්‍රමිතියක් හදපු ඩක්කුවක් වගේ මේක .


    එකතමයි මාත් බැලුවේ. ඔකේ 13ක් යන්න බැ.
    ------ Post added on Sep 25, 2025 at 2:27 AM
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    හැම දෙයක්ම ආගම නෙමෙයි. විද්‍යාවත් ඕනී වෙනවා

    කතරගම දේවාලත් හොරු කඩනවා. ඒවා අරක්ෂා කරගන්න CCTV හයි කරන්න ඕනී.
    ඩක්කුවේ භාවනා කලාට, ඒවායේ safty එක check කරන්න ඕනී, කඹ වල ශක්තිය බලන්න ඕනී.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අපවත් වූ හිමිවරු ගණන 7ක් දක්වා ඉහළට



    මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ.

    අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇත.

    අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

    බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.
    Balapan ithin owa nadaththu nokara pawichchi karana nisa nikam marenna wuna ney

    Ai Mey news Eka Mehema Damme.... mama Aka Lassanata Danna Hitiye Saadula Set Ekama Giya eka Gana Kiyala..
    එහෙනම් උඹ ලියපන් නිවුස් එක දාන්න ඔනෙ විදිය
    ------ Post added on Sep 25, 2025 at 5:04 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මම නම් අැහුවෙත් අදයි ඔය වගේ ඵකක් ගැන



    යකෝ රට හිටියට උඹත් නොගිය තැනක් නෑනේ..🤩👍
    එහෙම තමයි සිල්වත් සත් ගුණවත් අය, දානෙ අරන් නෙ ගියෙ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මම නම් අැහුවෙත් අදයි ඔය වගේ ඵකක් ගැන



    යකෝ රට හිටියට උඹත් නොගිය තැනක් නෑනේ..🤩👍
    දානේ බාරගත්තම එහෙම තමා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කේබල් එක කැඩිල පීල්ල දිගේ පහලටම ඇවිල්ල වගේ නේද බන්. නැතුව කැඩිච්ච හරියෙම වැටුනනන් හාමුදුරුවරු 7 දෙනෙක් අපවත් වෙන්න තරන් බරපතල දෙයක් නෑනෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මම නම් අැහුවෙත් අදයි ඔය වගේ ඵකක් ගැන



    යකෝ රට හිටියට උඹත් නොගිය තැනක් නෑනේ..🤩👍

    Yes travelled to many places in Sri lanka

    Othana uda inna ganayek mata katha karala u kaka hitapu kama eka mata kiyala aya piligannawa gaththa :lol:

    It shouldn’t be a temple it’s a mountain of quartz

    These mofos put up temple in every beautiful mountain and fuck it up

    Yanthan sigiriya witharai ithuru wela thiyenne pura widya eka naththan eketh mokek hari ganayek allagena me wenakota