නැකත හදන්න කතගේ උපන් ලප හොයලා

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නැකත හදන්න කතගේ උපන් ලප හොයලා

නැකත හදන්න කලින් කතගේ සිරුරේ උපන් ලප හොයලා
ගෙට ගෙවැදීමේ උත්සවයකට නැකතක් හදා ගැනීම සඳහා දෛවඥයකු වෙත ගිය කතකට සිදු වූ සන්තෑසියකි.

සිද්ධිය මෙසේය.
නව නිවෙසට ගෙවැදීමට පෙර නැකතක් හදාගැනීමට කාන්තාවක දෛවඥයකු වෙත ගොස් ඇත. එවිට දෛවඥයා ඇයගෙන් උපන් වේලාව ඉල්ලා තිබේ. වේලාව බලා ඇයට අපල උපද්‍රව ඇති බවත් ඒවා දුරු කර ගැනීමට මුද්දක් පැළඳිය යුතු බවත් පවසා ඇත.

එම කතගේ පියා මුදල් රැගෙන ඒමට ගිය අවස්ථාවේ ඇය දෙස යටැසින් බැලූ දෛවඥයා සිරුරේ උපන් ලප තිබේ දැයි අසා ඇගේ සිරුර ස්පර්ශ කිරීමට පටන් ගෙන තිබේ. ඉන් කුපිත වූ කත දෛවඥයාට බැණ වැදී එතැනින් පලා ගිය බව වාර්තා වේ.