නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිග

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිග

    නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිගිටම විවිධ කෙනහිලිකම් සිදු
    නැගෙනහිර පලාතේ විහාරස්ථාන වලට දිගින් දිගිටම විවිධ කෙනහිලිකම් සිදු කරමින් පවතී. පසුගිය දිනෙක මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා කොළඹින් විශේෂ නියෝජිතයෙකු මඩකලපුව විහාරස්ථානය වෙත විදුලි බල මණ්ඩලය එවා තිබූ අතර මොහු විසින් විහාරාධිපති හිමියන්ට අභූත චෝදනා එල්ල කිරීමත් සමගම විශාල කලබැගෑනියක් සිදු විය.
    අවසානයේදී ඔහුට එම චෝදනා ඉල්ලා අස් කර ගැනීමට සිදු වී අතර එම අවස්ථාවේදී, විහාරස්ථානයට දිගින් දිගටම එල්ල වන තර්ජන නිසා විහාරධිපති හිමියන් අවේගශීලීව හැසිරුණ අතර, එය එම අවස්ථාවට අනුකූලව සිදු වූ දෙයක් වන අතර සිංහල බෞද්ධයාට නැගෙනහිර පලාත තුල සිදුවන නොපනත්කම් නිසා දැඩි පීඩනයක් යටතේ විහාරස්ථාන වල කටයුතු පවත්වාගෙන යෑම මෙයට හේතුවයි.
    මෙම විඩියෝව මීට වසරකට පමණ පෙර පටිගත කර ගත් එකක් වන අතර, මේ නැගෙනහිර වෙරුගල් පාෂාණ පබ්බත විහාරයේ විහාරධිපති වෛද්‍ය පූජ්‍ය රත්නපුරේ දේවානන්ද හිමියන්ගේ කථාවයි.
    උන් වහන්සේ ජීවත් වන්නේ කොටි හඬ ගුවන් විදුලිය පවත්වාගෙන ගිය කන්ටේනර් පෙට්ටිය තුලයි.
    උන් වහන්සේ වැඩ වාසය කරන ගම්මානය එල්ටීටීඊ රණවිරු පවුල් පදිංචි ව සිටින ගමක් වුවත් උන් වහන්සේ වෙත ඔවුන් නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීඹට පැමිණෙයි.
    එම දමිල දරුවන්ට සිංහල ඉගැන්වීමත් උන් වහන්සේ සිදුකරමින් සිටියි.
    උන් වහන්සේගේ විහාරස්ථානයට දායකයන් නොමැති බැවින් දානය ලැබෙන්නේ නැත. ‍තමන් වහන්සේ විසින්ම කුමක් හෝ සකස් කර වළඳා අපගේ උරුමයන් ඉදිරි පරම්පාරාවට ආරක්ෂා කරමින් සිටියි.
    ඉඳහිට වන්දනාව සඳහා පැමිණෙන සැදැහවතුන්ගෙන් ලැබෙන ආධාර වලින් විහාරස්ථානය ගොඩ නඟමින් සිටියි.
    පසුගිය වසරේ දී අප හා උන් වහන්සේ පැවසූ ආකාරයට වසර ගණනාවක සිටම මෙම විහාරස්ථානයේ විදුලි බල සැපයුම් පොහෝ දිනවල විසන්දි කිරීම සිදු කර තිබූ අතර වෙනත් අවස්ථාවලදී පවා නිතරම විදුලි බල විසන්ධි වීම සිදුවේ.
    මෙය මෙම ප්‍රදේශයේ සිදුවන අනත්වාදී කල්ලි විසින් සිංහලයන් හට, විහාරස්ථාන වලට සිදු කරන කුමන්ත්‍රණයක් බැවි උන් වහන්සේ පවසයි.
    උන් වහන්සේගේ වීර්යය හා කැපවීම නොවන්නට සමහරවිට අද අපට පාෂාණ පබ්බත විහාරයක් දකින්නට නොලැබිය හැකිය.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    නැගෙනහිර පළාතේ උනයි කියන සිදුවීම සම්බන්ධව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් විදුලිබල අමාත්යංශය විසින් කරගෙන යනු ලබනවා අදාළ විහාරස්ථානය මගින් අනවසරයෙන් විදුලිය ලබාගෙන කියලා කලින් කරනලද පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා එහෙත් බෞද්ධ සිද්ධස්ථානයක් නිසා තත්වය යහපත් විදියට විසදේවි කියලා විශ්වාස කරන්න පුළුවන්
     

    kumac

    Member
    Oct 19, 2006
    5
    0
    0
    ආණ්ඩුව පාප් වහන්සේට ආරාධනා කරන්න විශාල නඩයක් ප්ලේන් එකක් වෙන කරගෙන වතිකානුවට ගිහින් දවස් කීපයක් හිටියා.මේකට කෝටි ගානක් රජයේ මුදල් වියදම්.පෝප් ආවාහම තව කෝටි ගානක් කම්බස්.නමුත් මඩකලපුවේ පන්සලක රුපියල් විසිදාහක ලයිට් බිලක් අමතක කරලා දාන්න මේ ආණ්ඩුවට හරිම අමාරුයි.පන්සලට වඩා පල්ලිය අද මුන්ට ලොකු වෙලා
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ආණ්ඩුව පාප් වහන්සේට ආරාධනා කරන්න විශාල නඩයක් ප්ලේන් එකක් වෙන කරගෙන වතිකානුවට ගිහින් දවස් කීපයක් හිටියා.මේකට කෝටි ගානක් රජයේ මුදල් වියදම්.පෝප් ආවාහම තව කෝටි ගානක් කම්බස්.නමුත් මඩකලපුවේ පන්සලක රුපියල් විසිදාහක ලයිට් බිලක් අමතක කරලා දාන්න මේ ආණ්ඩුවට හරිම අමාරුයි.පන්සලට වඩා පල්ලිය අද මුන්ට ලොකු වෙලා
    එහෙම කිසිම බේදයක් මේ රජයේ නැහැ එහෙම කිසිම බේදයක් හදන්නත් එපා
    මේ රජයේ අරමුණ හැමෝටම ආගම අදහන්න අයිතියක් තියෙනවා එක මුස්ලිම් වේවා එක සිංහල වේවා එක කතෝලික වේවා එක දමිළ හින්දු වේවා අයිතියක් තියෙනවා
    ඔය සිදුවීමට අදාලව යම් දෙයක් වෙලා තියෙනවා නම් ඒ පිලිබදව අදාළ පාර්ශව විසින් සොයා බලනු ලැබේ ආගමික බේද කරන මතවාද පතුරන්න එපා
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    pillayan.jpg


    pillaiyaan.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රාජපරයාගේ කාලේ නේද හුට්ටෝ මේ
    :lol::lol: ithin ban e kaleth mun ewata viruddawa kataha karaala thiyenawanme danuth kathaa karanne owaaat viruddawane ehema katha karanakotane ubaala me kiyanne unta bath gotto aye mahindawa genna dagalanawaa kiyaalaa