නැගෙනහිර වෙරළේ සුන්දර පරෙවි දූපත
නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරතම ගමනාන්තය - පරවී දූපත ( Pigeon Island National Park )
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.කිහිප දවසකින් පස්සේ සංචාරක නූලක් අරගෙන ආවා.
මේ සංචාරය මීට අවුරුදු 02 විතර උඩදී ගියපු එකක්.2017 අගෝස්තු ග්‍රීෂ්ම කාලෙක ගියපු තවත් බොහොම සුන්දරම මතක සටහනක්.
මේ ගමන අපි ගියේ මුලතිව් - කෝකිලායි කියන ගමේ ඉඳල.
මේ කාලේ වෙද්දී මගේ ජීවිතේ තාවකාලික නවාතැන්පොළ වෙලා තිබ්බේ මේ කෝකිලායි ගම.
කෝකිලායි ගමේ යහළු, යෙහෙළියෝ කිහිප දෙනෙක් එකතු කරගෙන තමා මේ ගමන ගියේ.
සාමාන්‍ය සුපුරුදු කඳු නැගීමක් හෝ වතුර පාරක් දිගේ, කැලෑවක් අස්සේ, දිය ඇල්ලක් උඩට, ගිය ගමනකට වඩා වෙනස්ම අත්දැකීමක්.
පරවි දූපත - Pigeon Island National Park
කුඩා දූපත් දෙකකින් සමන්විත මෙය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිලාවැලි වෙරළේ සිට කිලෝමීටර් 3 පමණ මුහුදේ පිහිටා තිබෙන මනස්කාන්ත දිවයිනක්.
මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනු තෝතැන්නක්.
මෙහි පාලනය වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.
වාර්ෂික උෂ්ණත්වය 27.0 °C (80.6 °F) සහ වර්ෂාපතනය මි.මි 1,000–1,700 අතර දේශගුණයක් සහිත මේ දිවයින ආශ්රිත දර්ශනීය කොරල් තීරයක් සහ
ඒ ආශ්රිත මුහුදු ජෛව පද්ධතියක් තිබීම නිසා ජාතික උද්‍යානයක් ලෙස සලකනු ලබනවා ( marine national parks of Sri Lanka ).
කොළඹ සිට පැමිණෙන කෙනෙකුට ත්‍රිකුණාමලයට පැමිණ එතනින් නිලාවේලි වෙරළට පැමිණිය යුතුයි.
එතැන් සිට පරවී දුපතට බෝට්ටු සේවාවක් ක්‍රියාත්මකයි.
ඇතුළුවීම සඳහා ටිකට් පතක් මිලදී ගත යුතු අතර, පොලිතින් ප්ලාස්ටික්, මත්ද්‍රවය සහ මත්පැන් ගෙනයාම තහනම් වේ.
( ටිකට් පතේ මිල දැන් මට අමතකයි )
උදෑසන 9 සිට සවස 5 දක්වා මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක අතර බෝට්ටුවක උපරිම 07 දෙනෙකුට යා හැකි අතර ඒ සඳහා රු 2000 මුදලක් අය කරනවා.
දුපතේ ගත කරන පැය ගණන අනුව අමතර ගාස්තුවක් අය කරනු ලබනවා.
මීට අමතරව Sea snorkeling ( කොරල් බැලීම සඳහා ) අවශ්‍ය snorkeling gear කට්ටලයක් රු.300 මුදලකට ලබා ගත හැකි අතර අවශ්‍ය නම් තමුන්ට පිටතින්ද රැගෙන ආ හැකිය.
( මේ සියලුම මිල ගණන 2017 දී වූ අතර වර්තමාන මිල තත්වය පිලිබඳ අදහසක් නොමැත )
පරවි දුපතේ දී මට ඇස ගැටුණු සුන්දර දසුන් කිහිපයක් ඔබ හමුවේ තබන්නම්.
නිලාවේලි වෙරළ
පින්තුරයේ පෙනෙන්නේ පරවි දුපත් 02 යි.
බෝට්ටු චාරිකාව
පරෙවි දූපත - Pigeon Island National Park
ඉරිදා දිනයක් නිසා තරමක සෙනගක් හිටියා.
දැන් නම් පරවි දුපතේ පරවියන් දකිනවා කියන්නේ හරිම කලාතුරකින් දකින දෙයක්.
මේ වතුර දැක්කම මතක් වුනේ පොඩි කාලේ බලපු රොබින්සන් අන්දරය කතාව.
දුපතට පෙන නිලාවේලි වෙරළ
snorkeling
කක්කුට්ටා
තවත් යාළුවො දෙන්නෙක්...
දුපතේ ටිකක් උඩට ගිහින් අනිත් පැත්තටත් ඔලුව දාලා බැලුව.
ලස්සන සුදු ගල්,වැලි තලාවක් තියෙනවා.
දූපත වටේම පින්තුර ගත්ත නමුත්, වතුර යට සුන්දරත්වය පින්තුරු ගන්න තරමේ කැමරා ආම්පන්න මගේ ළඟ නැති නිසා ඒ ලස්සන පෙන්නන්න විදිහක් නම් නෑ.
ඇත්තටම පරවි දුපත මුහුදේ යට හරිම ලස්සන කොරල්, ගල් පර, මාළු දකින්න පුළුවන්.
පරවී දුපත ලංකාවේ ඔබ යා යුතුම තැනක් හැටියටයි මම දකින්නේ.
සංචාරක ඉසව්ව - නිලාවේලි පරවි දුපත
සිතියම් - පහත දක්වා ඇත. ( කොළඹ සිට සහ කෝකිලායි සිට )
කණ්ඩායමේ පිරිස - වැඩිහිටි 09 සහ කුඩා දරුවෙක් සමගින් 10.
ගමන් ආරම්භය ප්‍රවාහන මාධ්‍යය - කෝකිලායි සිට බොලෙරෝ ජීප් රථයෙන්.
පරවී දුපතට ඇතුළු වීමට ටිකට් පතක් මිලට ගත යුතු අතර ( මිල ගණන මට අමතක වී ඇත ) බෝට්ටු සේවාව සඳහා පුද්ගලයන් 07 සඳහා රු,2000 කි.
පැය 05 පසු අමතර කාලය සඳහා ගෙවිය යුතුය.
පොලිතීන්, ප්ලාස්ටික්, මත්ද්‍රවය, මත්පැන් වලින් තොර කලාපයකි.
කොළඹ සිට නිලාවේලි වෙරළට පහසුම මාර්ගය
කෝකිලායි සිට මාර්ගය
කෝකිලායි - වැලි ඔය - පදවිය - බෝගස් හන්දිය - පුල්මුඩේ - නිලාවේලි
කෝකිලායි සිට කලපුව ඔස්සේ පුල්මුඩේ ජැටිය දක්වා බෝට්ටුවේ යා හැකි නමුත් වාහන සහ ත්‍රීරෝද රථ යාමට පාලමක් නොමැත.
බයිසිකල් ප්‍රවාහනය කර දෙනු ලැබේ.
පුල්මුඩේට යාමට ඒ නිසා කලපුව වටේ අමතර කිලෝමීටර් 50 පමණ යා යුතුය.
එහෙනම් තවත් මේ වගේ නූලකින් ඉදිරියේදී හමු වෙමු.
එළකිරි වාසි ඔබ සැමට ජය වේවා...