නැණසලට සම්මානයක්
ලොව විශිෂ්ඨතම ග‍්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනට හිමි සම්මානය ශ‍්‍රී ලංකාවේ ‘‘නැණසල’’ ව්‍යාපෘතියට හිමිව තිබෙනවා. විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් ‘‘නැණසල’’ ව්‍යාපෘතිය එලෙස ප‍්‍රථම ස්ථානය දිනාගෙන අදාල සම්මානය හිමිකර ගෙන ඇති බවයි.
ඒ අනුව අන්තර්ජාතික බිල්ගේට්ස් අධ්‍යයන ප‍්‍රවේශ සම්මානය සහ අමෙරිකානු ඩොලර් කෝටි දෙකයි දශම නවයක් ශ‍්‍රී ලංකාවට පිරිනමන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නිවේදනය කර තිබෙනවා. නැණසල ග‍්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තුළින් මෙරට දිළිඳු ජනයාට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය සඳහා පුළුල් ඉඩකඩක් ලබා දීම සම්බන්ධයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාදය පළ කර තිබෙනවා.
- See more at: http://nethfm.com/article/31348#sthash.Ze2MYxG0.dpuf