නැති වුණා ද

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    දුරකථනය නැති වුණා ද?

    අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි ඉදිරිපත්
    කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද(11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    ඒ අනුව www.ineed.police.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකතන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කල හැකි වෙයි.

    වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල හරහා සිය ජංගම දුරකතනය අස්ථානගතවු හෝ සොරකම් කළ අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ අවස්ථාව උදා වෙයි

    මෙරට ජංගම දුරකථන මිලියන 24 ක් පමණ භාවිත වන අතර ජංගම දුරකථන සොරකම් කිරීම් හෝ අස්ථානගතවීම් සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බව පොලීසිය පෙන්වාදෙයි.




    මේකනම් අගය කලයුතු වැඩක් කියලයි මට හිතෙන්නේ