නැදුන්ගමුවේ රාජා..................

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    නැදුන්ගමුවේ රාජා..................

    නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙකු ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. මාහරගම නීලම්මහර වෙද හාමුදරුවෝ තමයි ඇත් පැටවුන්ගේ මුල්ම භාරකරු. ඉන්දියාවේ මයිසූර්වල මහ රාජා කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා ත්‍යගයක් ලෙස එම මහරාජා විසින් මෙම ඇත් පැටවු දෙදනා උන්වහන්සේට ප‍්‍රධානය කර තිබෙනවා.

    පසු කලෙක නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා තිබෙනවා. එක් පැටියෙක් ඇඹිලිපිටියට ගිහින් පසු කළෙක ගංඟාරාම විහාරස්ථානයේ හැදී වැඞී මීට ටික කලකට පෙර මිය ගියා. ඒ ඇතාගේ නම නවම් රජා විය.

    අනෙක් ඇත් පැටියා හොරණ උඩුව පාළාතට ගියමුත් වසර විසිපහකට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ රාජා ලෙසින්ය. වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතාට ඒ වන විට වසර දහ හතක් පමණ විය. දැන් නැදුන්ගමුවේ ඇත් රජුට වසර හැටක් පමණ වේ. මේ වන විට නැදුන්ගමුවේ මේ පින්බර ඇත් රජු වසර අටක් උතුම් දලදා කරඬුව වැඩම කර තිබෙනවා.

    සිය පිට මත දළදා කරඬුව තැබීමෙන් පසු ඇත් රජු මහ ආඩම්බර විලාශයක් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩින් පිටත හෝ එක් අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහරේ ගමන් කරනුයේ සක්විති රජෙකු විලසය. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහ අභිමානයක් ගෙන දෙන ඇත් රජු වෙනුවෙන් රට වැස්සෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බලය ආයු බලය ලැබේවා යන්නයි.

    වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතාගේ අධිෂ්ඨානයක් වනුයේ මේ ඇත් රජු ඊ ළඟ භවයේදී මිණිසෙකු ලෙස ඉපදෙනු ඇති බවයි. ඇත් රජෙකු ලෙස එකතු කරගත් මේ මහ කුෂල් කඳ මිනිසෙකු ලෙස ඉපිද එකතු කර ගැනීමට හැකි වේදැයි පැනයකි. ඒ තරමට මිනිස්කමේ හරය වියෙකෙමින් තිබීම එයට හේතුවකි. නමුත් ධර්ම විජය වන් මිනිසුන් අතරේ මේ ඇත් රජු නැවත මිනිසෙකු ලෙස ඉපදීමට හැකි වේවායි පතමු.

    මෙවර දළදා කරඬුව වැඩම්මීම සඳහා ඇත් රජුන් කීපදෙනෙක් සිටී. ඉන් එක් ඇතෙකු වන්නේ කතරගම වාසනා ඇතායි. කතරගම පෙරහැර සොබාමත් කරන වාසනා ඇතා බොහෝ දුරට දළදා කරඬුව වැඩමවීම ඉඩසර ඉතා අඩුය. උතුම් දළදා කරඬුව ගෙන යාමට ඊළඟ සුදුස්සා වනුයේ ඉන්දිරජා ඇතාය. 1986 දී ඉන්දිය හිටපු ඇගමැති රජීව් ගාන්ධි මහතා විසින් මේ ඇතාව දළදා මැදුරට පුජා කර තිබේ. 1992 වසරේ සිට මෙම ඇතා වාර දහයක් සිරි දළදා කරඬුව වැඩම කිරීම සිදුකර ඇත.


    1006054_637898636220295_133538.jpg


    971272_637898799553612_8763031.jpg

    Photograph By http://charithmania.blogspot.com/
    Article http://www.payagala.com
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඒ ඇතත් ළගදි වතුර ප්‍රශ්නෙට මුහුණ දුන්නලු අන්තිමට ඇතා වතුර බොන එක නැවැත්තුවලු ඊට පස්සේ පිටින් වතුර ගෙනාවලු අපි නම් දන්නේ නැ පත්තර වල තිබුනේ
    +