නැවතත් වාර්ගික යුද්ධයක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නැවතත් වාර්ගික යුද්ධයක්

නැවතත් වාර්ගික යුද්ධයක්
ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්‍රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ.

මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි.

ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති.

ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත් ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා ජිවත්වන දිලිඳුන්ටය.

මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය. මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන වේදනාවක් ළඟ එන බව සිතන්න.

අමිල ගුණරත්න

 
Last edited:
  • Like
Reactions: NUWAN BUWA

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
උඹල ගහගනිල්ලා මරාගනිල්ල ; මන් හෙට රටගියා , මේ කාලකන්නි රටේ හිටියා කියලා සෙතක් නෑ . අපේ උන්ට යුද්දයක් ලේ බින්දු , බෝම්බ දකින්නේ නැතුව මාර පුකේ අමාරුවක් තියෙන්නේ . උඹලා ඕන කෙන්ගෙඩියක් කරගනිල්ල, ඉන් අනිද්දා ඉඳන් මන් එළකිරි ලෝග්වෙන්නේ USA ඉඳන් , CU
 
Last edited:
  • Like
Reactions: siripala