"රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා."
බුදුහාමුදුරුවොන්ට එක නැති වෙලා නැද්ද එතකොට ? ධර්ම සංගායනා කරපු ධර්ම ප්රචාරයන්ට උදව් කරපු රහතන් වහන්සේලාට එක නැති වෙලා තිබිල නැද්ද ? පට්ටපල් බොරුනේ ...බුද්ධ ධර්මය ඇත්ත නැත්ත වෙනම එකක් ඔය ඔයා කියන බුද්ධ ධර්මය ඇත්ත බුද්ධ ධර්මයද කියන එක ගැන මට සාධාරණ සැකයක් ඇතිවෙනවා ..
නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ ඡන්ද රාගය නැතිවුනාම බණ කියනවා නෑ කියලා වෙනසක් නෑ. කවුරු හරි ආරාධනා කරොත් බන දේශනා කරයි. උදාහරණයකට ගත්තොත් බුදුහාමුදුරුවොත් බුදු වුන ගමන් බණ දේශනා නොකර ඉන්න තීරනය කරා. එතකොට තමයි සහම්පති බ්රහ්ම රාජයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට බණ කියන්න ආරාධනා කරේ. මේ වගේ රහත් වෙන හැමෝම බණ කියන්නේ නෑ. ගොඩක් අය බණ කිව්වේ බුදුහාමුදුරුවන්ගේ යොමු කිරීම මත.



