** නැව් එන්නෙ නැති මාගම්පුර වරාය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ** නැව් එන්නෙ නැති මාගම්පුර වරාය

    normal_03%257E35.jpg

    පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.

    දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
    වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු වරායට පැමිණෙනු ඇති බවය.

    ආපූ නැව් සේරම ලංකාවේ නැව්
    එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.

    නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.

    බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියමතාම නෑ

    ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි.

    mainz.jpg

    "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.

    තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ.

    බලෙන් නැව් ගෙන්වා ගැනීම

    මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා.

    ආසියාවේ ආශ්චර්ය කරමු
    මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි.

    උපුටාගැනීම Gossip9.com 2010

    Rep + dunnta awulak naa :):):)
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    දැන් ගියත් හම්බන්තොට වාරයේ නැව් ගුරම්ලා තියෙන 1500 MT නැවක් බලා ගන්න පුළුවන් වෙයි
    ඒ නැව ලංකාවේ ආණ්ඩුවට හෝ ලාංකිකයකුට අයිති නැත

    ae nisa ma wage news danakota tikak hoyala balala danna :)
     
    • Like
    Reactions: dulajs

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැන් ගියත් හම්බන්තොට වාරයේ නැව් ගුරම්ලා තියෙන 1500 MT නැවක් බලා ගන්න පුළුවන් වෙයි
    ඒ නැව ලංකාවේ ආණ්ඩුවට හෝ ලාංකිකයකුට අයිති නැත

    ae nisa ma wage news danakota tikak hoyala balala danna :)
    ehemada.. :lol:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචන් නිකන් බොරු කියන්න එපා.උඹේ දේශපාලන අයිතිය තියනවා නමුත් නිකන් පාට කන්නාඩි දාගෙන මහ එඋන් කියන පදේටම නටන්න එපා.

    ඇස් ඇරලා ඇත්ත බලපන්.ඊයේ විදේශ නැව දෙකක් ආවා.මේ මොහොතෙත් 1500 MT නැව තියනවා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    මචන් නිකන් බොරු කියන්න එපා.උඹේ දේශපාලන අයිතිය තියනවා නමුත් නිකන් පාට කන්නාඩි දාගෙන මහ එඋන් කියන පදේටම නටන්න එපා.

    ඇස් ඇරලා ඇත්ත බලපන්.ඊයේ විදේශ නැව දෙකක් ආවා.මේ මොහොතෙත් 1500 MT නැව තියනවා..

    ඊයේ ආවයි කියන නැව් ගැන මම නම් තාම දන්නේ නැ
    එත් 1500MT නැවේ නමේ ඉදන් සියලුම (IMO no,Reg flag etc) අන්තර්ජාතික වෙළද නැව් සහතික මම ලග දැන් තියෙනවා ඔප්පු කරන්න ඒ නැව ලංකාවට කිසිදු අයිතිවාසිකමක් නැ කියල පෙන්නන්න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකට ඉතින් කලාතුරකින් නැවක් එයි හදිස්සියක් වෙලා. එක්කෝ මෙහෙ එම්බසියකට කියයි ඔය හරියෙන් යන උන්ගේ නැවක් නිකමට හරි ඕකට dock කරලා පලයන් කියලා නැත්තන් විලි ලැජ්ජාවනෙ. :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ මෙවා මොකා කලත් රටක් වටින වැඩ, අළුත් වරායක් අළුත් ගුවන්තොටුපලක් අපිට නෙමේ යකෝ වටින්නේ අපේ අනාගත පරපුරට, මහින්ද නෙමේයි උඹ ජනාධිපති උනත් උඹ සල්ලි යටි මඩි ගහනවා, උඹ නෙමේ මම උනත් ඔතනට ගියොත් ඔය දේ කරනවා, නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා බන්, උබට පුළුවන්කමක් තියෙනවනම් නැවක් දෙකක් ගෙන්නපන් ඒක තම්යි වටින්නේ, වරායක් හදපු ගමන් නැව් එන්නෙ නැහැ එකට කාලයක් යනවා
     
    Last edited:

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    යකෝ මෙවා මොකා කලත් රටක් වටින වැඩ, අළුත් වරායක් අළුත් ගුවන්තොටුපලක් අපිට නෙමේ යකෝ වටින්නේ අපේ අනාගත පරපුරට, මහින්ද නෙමේයි උඹ ජනාධිපති උනත් උඹ සල්ලි යටි මඩි ගහනවා, උඹ නෙමේ මම උනත් ඔතනට ගියොත් ඔය දේ කරනවා, නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා බන්, උබට පුළුවන්කමක් තියෙනවනම් නැවක් දෙකක් ගෙන්නපන් ඒක තම්යි වටින්නේ, වරායක් හදපු ගමන් නැව් එන්නෙ නැහැ එකට කාලයක් යනවා

    සිරාවට බන් මෙකේ ඉන්නෙ සමහර අලි පාලුවොන්ට මොන මගුල කොලත් වැරදි නෙ ....මුන්ට මෙලො දෙයක් තේරෙන්නෙ නෑ බන්...හරක් රැලක් ..
     
    • Like
    Reactions: royweera

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිරාවට බන් මෙකේ ඉන්නෙ සමහර අලි පාලුවොන්ට මොන මගුල කොලත් වැරදි නෙ ....මුන්ට මෙලො දෙයක් තේරෙන්නෙ නෑ බන්...හරක් රැලක් ..

    එක තමයි බන්, රනිල් කලත් මහින්ද කලත් ඔය ගැහිල්ල නවත්තන්න බැහැ, මුන්ට ඕක තෙරෙන්නෙ නැහැ, මේ යක්කු මේ රටේම ඉපදිලා, මේ රටටම ගරහන එක වැරදිනෙ බන්. මම ඔය එක පැත්තකටවත් නැහැ බන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මෙවා මොකා කලත් රටක් වටින වැඩ, අළුත් වරායක් අළුත් ගුවන්තොටුපලක් අපිට නෙමේ යකෝ වටින්නේ අපේ අනාගත පරපුරට, මහින්ද නෙමේයි උඹ ජනාධිපති උනත් උඹ සල්ලි යටි මඩි ගහනවා, උඹ නෙමේ මම උනත් ඔතනට ගියොත් ඔය දේ කරනවා, නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා බන්, උබට පුළුවන්කමක් තියෙනවනම් නැවක් දෙකක් ගෙන්නපන් ඒක තම්යි වටින්නේ, වරායක් හදපු ගමන් නැව් එන්නෙ නැහැ එකට කාලයක් යනවා

    යාළුවා. ඕක කරන්ඩ කලින් මෙන්න මෙහෙම එකකුත් තියනවා.

    http://en.wikipedia.org/wiki/Feasibility_study