නැව් හනුමාස් .........

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ආයෙත් මූද පැත්තෙන් විශාල සද්දයක් අපට ඇසුනා නේද .......මොකද මේ නැව් ගිනිගන්නේ? නැව් පිටිපස්සේ තියෙන විශාල වංචාවල් නිසා ලෝකෙම අනතුරේ කියන එක පැහැදිලියි.

    අද ගිනි අරන් තියෙන එකත් ලයිබීරියාවේ ලියාපදිංචි කරපු එකක්.

    මොකද මේ නැව් ලයිබීරියාවෙයි පැනමාවෙයි රෙජිස්ටර් කරන්නේ?

    කොහෙන් හරි පරණ ලදරන් නැවක් අඩු ගානට අරගෙන අඩු කුලියට මිනිස්සු වැඩට දාල සමාගම් රෙජිස්ටර් කරනවා පැනමා හෝ ලයිබීරියාවේ හෝ.

    ලයිබීරියාවේ නැව් ලියාපදිංචිය වැඩි වෙන්න හේතුව ඇමෙරිකාවේ නිදහස් කරන ලද වහලුන් විසින් අඩු මිලට නාවික කටයුතු අරම්භකිරිම, සහ අඩු කුලියට වැඩ ගැනීම .

    තමන්ගේ නැවෙන් හානියක් වුනොත් අය කරගන්න වෙන්නේ අර අටවගත්ත සමාගමෙන්. නඩු දාන්න වෙන්නේ පැනමවේ හෝ ලයිබීරියාවේ. ඕව විසඳෙන වැඩ නොවෙන බව දන්නා නිසා ඕනෑම ජරාවකට මූදේ යාමටත් ඕනෑම ජරාවක් ප්‍රවාහනය කිරීමටත් හැකියාව ලැබිල තියෙනවා.



    ඒ වගේම නැව් ගිනි ගැනීම් වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් නැවු සමාගම් තමන් ප්‍රවාහනය කරන අනතුරුදායක ද්‍රව්‍ය ගැන තොරතුරු හැංගීම. ඒ කරන්නෙත් වියදම අඩු කරගන්න තමයි.

    ship2.JPG


    නැව් ගිනි ගැනීම්
    ship3.JPG


    නමුත් ඇයි ලංකාවටම මෙහෙම වෙන්නේ?
    ඒ ගැන සැකයක් තියෙනවා.

    චීනය අමෙරිකාව පහු කරගෙන යන්න ඉතාම ආසන්න බව දන්න දෙයක්. කොළඹ port city එක ගැන ඉන්දියාව වධවෙන බවත් අපි දන්නවා. මේ තියෙන්නේ ලංකාව පහු කරන නැව් ප්‍රමාණය.

    ship.JPG


    කලින් ගිනි ගැනීම ගැනත් මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය කියපු දේ හරි කියන එකයි මගේ මතය. ලංකාව කියන්නේ ලෝක බලවතුන්ගේ ටාගට් එකක්.
    ඒ ගිනි ගත්ත නැව වගේම තවත් අනතුරුදායක නැවක් ඉන්දියන් සාගරයේ තිබුණා. ඒක හොර පාරෙන් පකිස්ථානයේ කරාචි ආසන්නයේ තොටුපලක නවත්තලා නමත් වෙනස් කරලා හැංගුවා.




    මේ තියෙන්නේ නැව. තිබුණේ murcury කියන විෂ මිශ්‍ර තෙල් ටොන් 1500ක්.

    karachi.jpg


    මේ නැවු සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තියෙනවා. ඒවා අපට ඒ අකරෙයෙන් ලැබෙනවා කියල හිතන්න බැහැ .
    එක උදාහරණයක් කියන්නම්.
    මොහොමඩ් අහමදිනේජාඩ් ඉරානේ ඉන්නකොට ඇමෙරිකා සම්බාධක දැම්මා තෙල් විකුනන්න බැරි වෙන්න. නමුත් ඔවුන් අඩු මිලට තෙල් දුන්නා ලංකාවට. මේ නැව් වලින් තෙල් ලබා ගත්තේ වෙනත් නැවු යොදවලා. නමුත් ඇමෙරිකානු හමුදාවල් බොහොම ඉක්මණින් මේක අල්ලාගෙන නවත්වන ලෙසට තර්ජනය කළා.

    චීන මුහුදු කලාපයේ බටහිර යුද නැවු ස්ථානගත කරලා තියෙන්නේ. එහෙම එකක් ළඟදී ලංකා සහ ඉන්දියානු දේශ සීමා උල්ලංඝනය කළා.

    ඉතින් මම හිතන්නේ මේ දේවල් අහඹු සිදුවීම් කියලම හිතන්න අමාරුයි.

    ඉතින් මේ ප්‍රශ්නේ දෙපැත්තම බලමු.
    හැම එකටම ආණ්ඩුව ඇදගෙන මේවා සැලසුම් කරනවා කියන එක තාර්කික නැහැ, මොකද මොන ආණ්ඩුව ආවත් මේ අනතුර තියනවා. (හැබැයි බටහිර ගැති නං අනතුරු අඩු වෙන්නත් පුළුවන් වෙයි සමහර විට)
    නමුත් නැවක් ගිනිගත්තොත් ඒ වගේ දෙයක් කලමනාකරණය කරන්න දක්ෂ දැක්මක් තියන ඇමතිලද මේ පත් කරලා තියෙන්නේ කියන ගැටලුව අහන්න වෙනවා. මම හිතන්නේ චන්දිමා මහත්මියත් ඔය කතාවම වෙන්න ඇති අහන්නේ.

    මොකක් වුනත් ලෝකේ තියෙන්නේ පට්ට අනතුරක. කරදර වෙලාවට හිඟන්නාගේ පාත්තරෙටම තමා හෙනාහුරලා වැටෙන්නේ.

    එහෙනං බෝයිස් (ඇන්ඩ් ගර්ල්ස්) අපි ගියා. දැන් එක එකාට බැන ගන්න ඕන එවුන් බැන ගනියවූ. නමුත් ආණ්ඩු මාරු කළාටම මෙව්වා විසඳෙයිද කියන එකත් පොඩි තෂ්ටුවක් දාල අහපන්. ජය!
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    නොහැකියාව වහගන්න බොරු කතා. පැනමාවෙ register කරා කියලා ඕන දෙයක් කරන්න පුළුවන්ද ලෝකෙ. ලංකාව හිඟන රටක් වීමයි, කොන්ද පණ ඇතුව ලෝකෙ ඉස්සරහ ඉන්න බැරි තත්වයකට වැටිලා තියෙන එකයි හේතුව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,678
    113
    Gampaha
    පැනමාවෙ නැවු රෙජිස්ටර් කරන එක ගැන වාර්ථාවක් බලල තියෙනව.
    ඒක හෙන මගඩියක්.

    ඒ විදිහෙ නැවු වලට මොකක් හරි සීන් එකක් වුනොත්, අන්තිමට නැව හින්ද වෙන හානි වලට වගකියන්න වගකිවයුත්තෙක් නැති වෙනව.

    ලයිබීරියාවෙත් නැවු රෙජිස්ටර් මගඩිය වෙනව කියල දැනගත්තෙ අදයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නොහැකියාව වහගන්න බොරු කතා. පැනමාවෙ register කරා කියලා ඕන දෙයක් කරන්න පුළුවන්ද ලෝකෙ. ලංකාව හිඟන රටක් වීමයි, කොන්ද පණ ඇතුව ලෝකෙ ඉස්සරහ ඉන්න බැරි තත්වයකට වැටිලා තියෙන එකයි හේතුව.
    ඕසි ගිහින්‍ සුද්දන්ගෙ ලොවන උඹ ඉතිං මීට වඩා වෙන මොනවා කියන්නද නේද.:lol:.මේතරම් පැහැදිලිව සාක්ෂි ඵක්කම ත්‍රෙඩ් ඵක දාල තියේදදිත් ඒකටත් වෙන වෙන මඟුල් කියවනවා සුද්දව බේරගන්න ඕන නිසා..:lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පැනමාවෙ නැවු රෙජිස්ටර් කරන එක ගැන වාර්ථාවක් බලල තියෙනව.
    ඒක හෙන මගඩියක්.

    ඒ විදිහෙ නැවු වලට මොකක් හරි සීන් එකක් වුනොත්, අන්තිමට නැව හින්ද වෙන හානි වලට වගකියන්න වගකිවයුත්තෙක් නැති වෙනව.

    ලයිබීරියාවෙත් නැවු රෙජිස්ටර් මගඩිය වෙනව කියල දැනගත්තෙ අදයි.
    liberia kiyala search karala balapan ko
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර්ගෙ ජාතිය ඇමතිල්ල අහන්න බොල ලැස්තිද මොකක්ද ගෙනාව බෝතලේ.. බයිට් මොනාද හදන්නෙ
    6 වෙනිද ඉදල අලුත්20% මුදල් ඇමතිතුමාල, තරුන වැඩබලන අගමැතිතුමාල, කොලොන්නාවෙ බස්නාහිර මහ ඇමති අපේක්ශක තුමාල අලුත් දිසාවකට රට හරවයිලු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ඕසි ගිහින්‍ සුද්දන්ගෙ ලොවන උඹ ඉතිං මීට වඩා වෙන මොනවා කියන්නද නේද.:lol:.මේතරම් පැහැදිලිව සාක්ෂි ඵක්කම ත්‍රෙඩ් ඵක දාල තියේදදිත් ඒකටත් වෙන වෙන මඟුල් කියවනවා සුද්දව බේරගන්න ඕන නිසා..:lol:

    සුද්දව බේරගන්නෙ උබගෙන්ද 🤣🤣