නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොන්ඩයා ගැන


    නොමගට ගියවුන් නැවත සමාජ ගත කිරීමට පෙර නිසි පුනුරුත්තපනයක් හා ඔවුන්ගේ අනාගතය අදුරු නොවීමට අවශ්‍ය රැකියාවක් හෝ ජීවන කර්මාන්තයකට මගක් තනා දීම කොණ්ඩයා වැනි වුන් මිනීමරුවන් දූෂකයන් ලෙස හන්වඩු ගැසූ
    සමාජයේම වග කීමකි...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරේ තරම් සිත - නිවා සනසන
    සැනසුමක් වේද - තුන් ලොව පුරා වෙන
    ආදරේ ඔසුවක්ය - ලොවම සනසන
    තව විටෙක මළවුන්ට - පවා පන දෙන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිසා හා ගැහැණිය සතු හොඳ නම යනු ඔවුන්ගේ ආත්මයන්ට සමීපතම ආභරණයන්ය. යමෙකු මාගේ පසුම්බිය සොරා ගත්තේ ද, ඔහු සොරාගෙන ඇත්තේ නොවැදගත් දෙයකි.එය මාගෙත්,ඔහුගෙත්, තවත් දහස් ගණනකගෙත් වහලකු බවට පත් වූ දෙයකි. නමුත් යමෙකු මාගේ හොඳ නම සොරකම් කළේ නම්, එය ඔහුව ධනවත් නොකරනවා පමණක් නොව සැබැවින්ම මා දිළින්දෙකු බවට පත් කරයි..
    විළියම් ෂේක්ස්පියර්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමද බන් ජිවිතේ

    හොදින් ඉන්නව බන් කොහොමද උබට වැඩ වැඩි ගතියක් තියනවා සහෝ මත අඩිය කිරියට අවේ නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uEWN8Gl.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්තපීඩිත දුක්ඛිත, සමාජයේ එක් පැතිකඩක විවරණයකි, එසේම ලංකේය ජන සමාජයේ සෑබෑ සමාජ යතාර්තය මින් විවරණය වේ. දේමාපියන් දරුවන් තුළින් වන බලාපොරොත්තු බිදීමක් සේම දරුවන් දෙමාපියන් ගෙන් වෙන්කළ විවෘත අර්තිකයේ කුරිරු බලපෑමද මින් මැනවින් ගම්‍යමාන වී ඇත. සිතන්න සිතන්න සමාජයේ් පැතිකඩ රාශියක මනා කැඩපතක් ලෙස ඇගයීමට මෙය හැකියැකියැයි මගේ නිගමනය යි.


    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
    දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
    ලේළිය කැටුව මපුතු ද වෙන්විය රහසේ
    මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

    දූලගෙ තාත්තා ඈත දුර බලාගෙන
    කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වකගසාගෙන
    මං ඉන්නවා නෙත කඳුළැලි දරාගෙන

    දරුවන් ඇඳුම් ඇඟළුම් ගෙන සිඹින්නෙමි
    මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
    මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි
    ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

    ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
    ගායනය : විශාරද නන්දා මාලිනී ගෝකුල
    තනුව : විශාරද නන්දා මාලිනී ගෝකුල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D මේකයි සින් එක. දැන් මේ වෙන් වින්නැහිය වෙනවා කියල අපි කිව්වනේ මචං. මේ ආණ්ඩුවේ වැරදි තිබ්බ කියල කීයටවත් ගිය ආණ්ඩුව හොද වෙන්නේ නැහැ. මේකේ වැරදි දැකල උද පනින උන්ට මතක නැහැ මහින්ද කරපුවම තමයි මුනුත් කරන්නේ කියල.

    බයියන්ට හිතාගන්න බහ. මිනිහෙක් හැම අන්දුවකම වැරදි දකින්නේ කොහොමද කියල. මොකද උන් දන්නේ විරුද්ද පැත්තට අවලාද කියනන් විතරයි. එතින් උන්ට අදහගන්න බහ අපි මහින්දගේ වගේම මේකෙත් වැරදි කියනකොට.

    හව්ල් ආණ්ඩුව පිස්සු කෙලිනවා කියල අපි කොච්චර කිඉවද. මම කියන්නේ ආයිත් මහින්ද එන්න හොඅ හයිඑස් ගොට එන්නේ ඕනි. එත්කොට අයිත බුල කෙලින්කොට මිනිසුන්ට ත්රෙයි කොච්චර මාරු උනත් ගන්න තියන හරිම තීරණය මොකද්ද කියල

    මම මේ ත්‍රෙඩ් එක ඇතුලේ පොලිටික්ස් කතා කරනන් කැමති අංහ වැඩිය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    amaradewa1.jpg


    මරදේව නොදකිනා සීමාව -චින්තන ධර්මදාස

    ඩබ්.ඩී. අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද. එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලු අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.

    කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා ඩබ්. ඩී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම දක්වා ගමන ඇත්තටම අසීරු වගේම දීර්ඝ එකක්. අමරදේවගේ හැකියාව මුලින්ම හඳුනාගන්නෙ සුනිල් ශාන්ත. සුනිල් ශාන්තට තිබුණු අදීන සහ මතවාදිමය ගුණය අමරදේවට පිහිටන්නෙ නැහැ. ඉන්දියානු රාගධාරී සංගීතය සමඟ අපේ ජන සංගීතය සම්බන්ධ කිරීමේ පර්යේෂණාත්මක මෙහෙවරක් අමරදේව අතින් සිදුවුණා කියල බොහෝ දෙනෙක් වරනගන කතාව පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. අමරදේව අතින් ලංකාවෙ සංගීතය ඉන්දීය රාගධාරී සංගීතයට යටවෙනවා. එමගින් අධිපති සංගීත කතිකාවක් ගොඩනැගෙනවා. තමන් යම් විෂයක් තුල ලැබු පරිචය හරහා තමන්ගේ මූලයන් හඳුනාගනිමින් ඒවා ගැන සංවිධිත නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අමරදේව අතින් සිද්ද වෙන්නෙ අනුකාරක ප‍්‍රවේශයක් ගැනීම කියලයි මං විශ්වාස කරන්නෙ.



    ප‍්‍රධානවම සංගීතඥයෙක් හෝ කලාකරුවෙක් සතුව තිබිය යුතු ස්වකීය දාර්ශනිකත්වය අමරදේවගේ ව්‍යාපෘතිය තුල අහිමියි. උදාහරණයක් විදිහට පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් තමන්ගේ අත්දැකීම් සහ අදහස් එක්ක රැඩිකල් පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලට යනවා. සුනිල් ශාන්තගේ ගත්තත් එම සංගීත භාවිතාවෙ දේශපාලනයක් තියෙනවා. උදාහරණයක් විදිහට වරෙක ඉන්දීය සංගීත විශාරදයෙක් වෙතින් ගුවන් විදුලියෙ සංගීත වර්ගීකරණයක් කරන්න සූදානම් වීම නිසා සුනිල් ශාන්ත ගුවන් විදුලියෙ තමන් කරමින් සිටි රැකියාවෙන් පවා ඉවත් වෙනවා. එහෙම වුනේ සරල මමත්ව හේතුවක් නිසා නෙමෙයි. ලාංකේය සරල ගීතය ගැන විවරණයක් කිරීමට ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතකරුවෙකුට නොහැකියි කියන තාර්කික ස්ථාවරය මතයි. නමුත් අමරදේවගේ ජීවිතය තුල ඒවගෙ පෙනී සිටීම් නැහැ.

    අමරදේව මං දකින විදිහට ඉතා පළල් මිනිස්සු ඇසුරු කරන්න වාසනා ගුණය තිබුණු හොඳ හඩක් හිමි කෙනෙක්. මහගමසේකර, සුනිල් ශාන්ත, සරච්චන්ද්‍ර වැනි විශාල පරාසයක් තිබුණු අයගේ හෙවනැල්ල නිසා අමරදේව උවමනාවට වඩා ලොකුවට පේන්න ගන්නවා. ඇල්බට් කියන නම ප‍්‍රසිද්ධියට බාධාවක් කියල අමරදේව කියන නම පවා දෙන්නෙ සරච්චන්ද්‍ර. ලංකාවෙ සංස්කෘතික අවකාශයෙ පවතින ගතිකයන් එක්ක මේක සිද්ද වුණු හැටි තේරුම් ගන්න ලේසියි. මතවාදිමය අතින් හෝ නිර්මාණාත්මක අතින් ස්වාධීන නොවන, වෙනස් අදහස් නොදරන අයට පහසුවෙන්ම මේ අවකාශයේ ස්ථාපිත වෙන්නත් ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම යම් සම්ප‍්‍රදායක් රකින, ක‍්‍රමයකට අනුගත අයට මේ ගමන ඉක්මන්. අපේ අනිත් බොහොමයක් ක්‍ෂේත‍්‍රවලදි වගේම පොඩි තැනක ඉඳන් අමාරුවෙන් ඉහළ නැගි බොහෝ අයට හිමි මෙම ගුණාංගයෙන් අමරදේවත් පොහොසත්.



    ඔහු අතින් පර්යේෂණාත්මක සිදුවුණා කියල වියත්තු උදාහරණ කොට දක්වන බොහෝ නිර්මාණත් ඇත්තටම ප‍්‍රශ්නකාරීයි. උදාහරණයක් විදිහට රන් දහඩිය බිංදු බිංදු ගීතය බයිලා සංගීතය යොදා ගනිමින් කළ නිර්මාණාත්මක වෑයමක් විදිහට හඳුන්වන ගොඩක් අයගෙන් අහන්න සිද්ද වෙන්නෙ ඇත්තටම අපිට මේ ගීතයෙ බයිලා සංගීතය ඇහෙනවද කියන එකයි. හුදු ශාස්ත‍්‍රීය ආකාරයකින් ඉන්දියානු රාගධාරී සංගීතය ඇතුලෙ බයිලා ගීතය මරාදානවා ඇරෙන්න යම් සංගීතයකට හිමි ආත්මීය ගුණය අමරදේව අඳුරගෙන නොහිටි බවයි මේ ගැලපීම ඇතුලෙ ප‍්‍රකට කාරණය වෙන්නෙ. අමරදේවට අනුව නිර්මාණයකට බලපාන ප‍්‍රධාන කාරණා තියෙන්නෙ දෙකයි. එකක් ප‍්‍රතිභාව. තවත් විදියකින් කියුවොත් ගිය ආත්මභවයක ඉදන් අරගෙන එන නිර්මාණ හැකියාව. අනික සතත අභ්‍යාසය හෙවත් නිරන්තර පුහුණුව. මට අනුව මේ දෙක පිහිටියා වු කිසිකෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න නම් බෑ. ගිය ආත්මභවයක ඉඳන් පොදි බැඳගෙන එන පැරණි හැකියා පොදියක් නැවත නිතර නිතර අභ්‍යාස කිරීමෙන් ඉපදෙන නිර්මාණය කොයි වගේ වෙන්න පුළුවන්ද.

    විශේෂයෙන්ම මෙම ඇදහීම ඇතුලෙ තියෙනවා අමරදේවගෙ ආත්මය. එයා නිර්මාණයක් දකින විඳින ආකාරය. පැරණි පවතින ක‍්‍රමයක් තුලම ගිලීයන නිර්මාණ හැකියාවකට වැඩි යමක් මේ ඇදහිල්ල ඇතුලෙ හැදෙන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්. අමරදේවට හැකියාවක් නොතිබුණා හෝ ඔහු විසින් යම් කාර්යයක් සිද්ධ නොකළා හෝ කියනවා නෙමෙයි. විශේෂයෙන් ඔහුගේ ගීත ගණනාවක්ම මගේ ප‍්‍රියතම සිංදු අතර තියෙනවා. නමුත් ඔහු මහා සංගීතකරුවෙක් හැටියට දකින්න තරම් මං ඉක්මන් වෙන්නෙ නෑ. ඔහුට නිර්මාණාත්මක හැකියාවක් තිබුණත් දැක්මක්, නව අර්ථයක් අහිමි කෙනෙක් පවතින සීමාව ගැන අමරදේව කියන්නෙ හොඳ නිර්ණායකයක්. ජීවිත කාලයක් සංගීතය වෙනුවෙන් කැප කළ සුන්දර හඬක් හිමි සොඳුරු මිනිසෙක් හැටියට අමරදේව ගැන මට තියෙන්නෙ ආදරයක්. එම මිනිසා ඇසුරෙන් ආරක්ෂා කරන්න යන ශාස්ත‍්‍රීය, සුවච-කීකරු නිර්මාණකරණ ප‍්‍රවේශය සහ එයින් යටපත් වන වඩා පුළුල් දැක්මකින් යුත් නිර්භීත කලා ව්‍යායාමයන් නිසා කිව යුත්ත විවෘතව කියන්න සිද්දවෙනවා. අමරදේවයන් කියන්නෙ හැකියාවෙන් පිරිපුන් නමුත් දැක්මක් අහිමි ලාංකේය සරල ගී කලාවේ පුරෝගාමියෙක් විතරයි. මෙයින් කිසිසේත්ම අමරදේවයන්ට සහ ඔහුගේ සංගීතය අදහන ශ‍්‍රාවකයන්ට අපහාස කිරීම අරමුණු නොකරන වගද නැවත ලියා තබමි.

    මූලාශ්‍රය කල්ට්


     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D මේකයි සින් එක. දැන් මේ වෙන් වින්නැහිය වෙනවා කියල අපි කිව්වනේ මචං. මේ ආණ්ඩුවේ වැරදි තිබ්බ කියල කීයටවත් ගිය ආණ්ඩුව හොද වෙන්නේ නැහැ. මේකේ වැරදි දැකල උද පනින උන්ට මතක නැහැ මහින්ද කරපුවම තමයි මුනුත් කරන්නේ කියල.

    බයියන්ට හිතාගන්න බහ. මිනිහෙක් හැම අන්දුවකම වැරදි දකින්නේ කොහොමද කියල. මොකද උන් දන්නේ විරුද්ද පැත්තට අවලාද කියනන් විතරයි. එතින් උන්ට අදහගන්න බහ අපි මහින්දගේ වගේම මේකෙත් වැරදි කියනකොට.

    හව්ල් ආණ්ඩුව පිස්සු කෙලිනවා කියල අපි කොච්චර කිඉවද. මම කියන්නේ ආයිත් මහින්ද එන්න හොඅ හයිඑස් ගොට එන්නේ ඕනි. එත්කොට අයිත බුල කෙලින්කොට මිනිසුන්ට ත්රෙයි කොච්චර මාරු උනත් ගන්න තියන හරිම තීරණය මොකද්ද කියල

    මම මේ ත්‍රෙඩ් එක ඇතුලේ පොලිටික්ස් කතා කරනන් කැමති අංහ වැඩිය.

    මහින්ද ඊළඟ අවුරුදු 8ට බලයට පත් වෙන්න තිබුණෙ බන් ... එහෙම උනානම් මිනින්සුන්ට කර කියාගන්න දෙයක් නැති උනාම විකල්ප බලයක් ගොඩනඟන්න එකතු වෙනව ... දැන් ඉතින් ආයෙ ඒ වගෙ දෙයක් ගැන හිතන්න බෑ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ඊළඟ අවුරුදු 8ට බලයට පත් වෙන්න තිබුණෙ බන් ... එහෙම උනානම් මිනින්සුන්ට කර කියාගන්න දෙයක් නැති උනාම විකල්ප බලයක් ගොඩනඟන්න එකතු වෙනව ... දැන් ඉතින් ආයෙ ඒ වගෙ දෙයක් ගැන හිතන්න බෑ

    අවා නම් අපිටත් මැරෙන්නයි වෙන්නේ බන්. මහින්ද පරාද උන එක හොදයි, නැත්තම් එක එකා ශේප් එකේ උස්සයි. ඒ බය නම් තිබ්බ අවන්කවමමටත්:yes:. දැන් අයිත මහින්ද එන්න ඕනි ඒ මහින්ද හොද නිසා නෙමයි. මිනිසුන්ට කසපාර පුකට වදින්න ඕනි. එතකොට ත්රෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උස්සාපු එකක්.. smile emoticon
    ලංකාවේ සමාගමක් සහ ජපන් සමාගමක් අතර සුහදත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ශිකව බෝට්ටු ( Rowing ) තරගාවලියක් පැවැත්වීමට තීරනය කල අතර, එක් බෝට්ටුවක සමාජිකයන් අට දෙනෙකු බැගින් විය ...
    කන්ඩායම් දෙකම දීර්ඝ පුහුණුවකින් පසු තරඟය පවත්වන දින වන විට පූර්ණ සූදානමකින් පසු විය..
    එහෙත් ජපන් කන්ඩායම කීලෝමීටරක දුරක් ඉදිරියෙන් සිටිමින් තරඟය පහසුවෙන් ජයගත්තේය..
    පරාජය හමුවේ ලංකාවෙ කන්ඩායම දැඩි මානසික පසුබෑමකින් පසු විය..
    ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා ගත් සමාගමේ පරිපාලනය , කන්ඩායමේ අඩු පාඩු සොයා බැලීමට නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරින..
    දීර්ඝ කරුනු සලකාබැලීමකින් පසු ඔවුන් නිරීක්ෂණය කලේ ජපන් බෝට්ටුවේ එක් අනදෙන්නෙකු සහ හබල් ගසන්නන් සත් දෙනෙකු සිටින අතර ලංකා කන්ඩායමේ එක් හබල් ගසන්නෙකු සහ අන දෙන්නන් සත් දෙනෙකු සිටින බවය ..
    මෙම ප්‍රශ්නය තවදුරටත් නිරාකරනය කරගෙන පිලියම් සොයා ගැනීම සඳහා උපදෙස් ( consultant ) ආයතනයකට බාර කෙරිණි ..
    මාස,කිහිපයක දීර්ඝ නිරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ වාර්තාවේ අවසාන නිගමනය වුයේ ලංකා කන්ඩායමේ හබල් ගසන්නන්ගේ ප්‍රමානය අඩු බවත් , අන දෙන්නන්ගේ ප්‍රමානය වැඩි බවත්ය ..
    මෙම වාර්තාව පදනම් කර ගනිමින් කන්ඩායමේ ක්ෂණික වෙනස් කම් ඇති කිරීමට සමාගම තීරණය කලේය..
    අලුත් කන්ඩායම අන දෙන්නන්ගේ ප්‍රමානය අඩු කිරීමට තීරණය කරමින් , අන දෙන්නන් සතර දෙනෙකුත්, අනදෙන්නන් සුපවයිසර් කිරීමට දෙදෙනෙකුත් , සුපවයිසර් නීරීක්ෂනයට එක් කෙනෙකුත් හබල් ගැසීමට එක් කෙනෙකුත් ලෙස සංශෝධනය කෙරින.. හබල් ගසන්නාගේ ආත්ම ශක්තිය වර්ධනය සදහා ප්‍රවීන පොරුශ වර්ධනය උපදේශකයකු සහය ලබා ගැනින..
    අවුරුද්දකට පසු පැවැත්වූ තරඟයෙන් ජපානය කිලෝමීටර් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරඟය ජය ගැනිනි..
    කිපුනු පාලන අධිකාරිය විසින් වහාම බලපැවැත්වෙන පරිදි දුර්වල ප්‍රතිපල මත හබල් ගසන්නා සේවයෙන් පහ කෙරිණි ..
    කෙසේ වෙතත් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සමාගම අනෙක් සත් දෙනාට බෝනස් මුදලක් ලබා දිනි..
    නැවතත් උපදේශන ආයතනය විසින් පරාජයට හේතුව අධ්‍යනය කරමින් කියා සිටියේ තරඟයේ පාවිච්චි කරන ලද උපක්‍රම හොඳ බවත් , කැපවීමත් තීබු බවත් , නමුත් බොට්ටුව සැදීමේදි යොදාගත් අමු ද්‍රව්‍ය මීට වඩා දියුනු කල යුතු බවත්ය ...
    ලංකා සමාගම මේ වන විට යුහුසුළුව කැපවීමකින් අලුත් බොට්ටුවක් නිර්මාණය කරමින් සිටී...!!!!!!
    @Priyantha J...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්ලැරන්ස් වගේ දක්ෂ ශිල්පියෙක් නැවත කිසිදිනෙක බිහි වෙන්නේ නැතිවා වගේ දැනෙන්නේ මට විතරමද?? ගායනය, සංගීත සංස්කරණය වගේම වාදනයටත් එක වගේම දක්ෂ වූ ඔහු ජනප්‍රිය සංගීතය නියම හික්මීමකින් යුතුව මහජනයා අතරට ගෙන ගිය ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. රුපියල් ශත වලට ආත්මය විකිණූ සමහර ඊනියා සංගීත කරුවන් මෙන් නොවී නියම සංගීතඥයෙක් ගේ යුතුකම ඔහු ඉටු කළා කීවොත් නිවැරදියි.


    මේ ගීතය කවදත් මගේ හද රැඳුනක් ...
    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා
    පොත් මිටියක් ගෙන ළමැද තබා
    කෙටි පියවර මැන තනිව මගේ
    පාසල වෙත යන ගමන ඇගේ
    මතකින් නොමැකී තවම තිබේ
    රන් සමනළයින් ඉගිළෙනු දැක මට...
    සිතුවිලි පොදි බැඳ මහද රැඳී
    සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
    කවදද මගෙ සෙවණට එන්නේ
    රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා
    එනවා එනවා එනවා
    ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kaleka sita කාලෙක සිට මැවූ සිහින බීදී ගියාදෝ Upali Thewarapperuma


    කාලෙක සිට මැවු සිහින
    බිඳි ගියාදෝ......
    ඈත රටක ගියාට පසු
    අමතක වේදෝ......
    කොතෙක් කලක්
    බලා ඉන්නදෝ.....
    කලෙකින් මට
    නොලීවෙ ඇයිදෝ.......
    පෙර නොඇසු මිහිරි ගීතයක්......


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mannaram Piti Welle (Kundumanee) - මන්නාරම් පිටි වැල්ලේ(කුණ්ඩුමනී)

    මන්නාරම් පිටි වැල්ලේ
    මදටිය වැල් ඔංචිල්ලේ
    කොණ්ඩෙ කඩං
    හඳට අඬං සිංදු කියන්නී...
    කුණ්ඩුමනී... කුණ්ඩුමනී...

    නැහැයෙ කරාබුව දෙකනේ
    කඩුක්කන් දමා සියොළඟ
    මොට්ටක්කිළියෙන් හැඩ කොට
    වසා ඉඟ නමා
    උලුඳු කොටා තල වේලා
    තල් පත මත ගිනි අවුවේ ලා...
    කුණ්ඩුමනී...

    සෙම්බු තාලි උකුළෙ හොවා
    ආඬි ළිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස්
    පොල් ගහලා නළලේ අළු ගා...
    කුණ්ඩුමනී...

    ගොම ඉහලා හැදූ ගෙබිම
    පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක්
    දොරකොඩ සිටුවා තබලා
    කොම්බු කතම් මෘදංග නද
    මුළු ගමටම හඬවා දීලා...
    කුණ්ඩුමනී...

    සණ්ඩු කරල බැණුම් අහල
    හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහ රාජා ආ කල ගෙට
    තිරික්කළෙන් බැසලා
    කුණ්ඩුමනී යන පෙරහැර
    බලා හිඳීමි කීකරු වීලා...
    කුණ්ඩුමනී...


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ෆ්‍රෙඩී සිල්වා


     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    John Denver :love:
    Annie's song ekath saahena lassanai :)


    You fill up my senses like a night in the forest
    like the mountains in springtime, like a walk in the rain
    like a storm in the desert, like a sleepy blue ocean
    You fill up my senses, come fill me again

    Come let me love you, let me give my life to you
    let me drown in your laughter, let me die in your arms
    let me lay down beside you, let me always be with you
    Come let me love you, come love me again

    You fill up my senses like a night in the forest
    like the mountains in springtime, like a walk in the rain
    like a storm in the desert, like a sleepy blue ocean
    You fill up my senses, come fill me again



     
    • Like
    Reactions: maxboysl