නැසියනොහැකි මිනිසා
කියුබානු විප්ලවයේ නායකයා සහ කියුබාවේ හිටපු ජනපති ෆිඩෙල් කැස්ත්‍රෝ පසුගිය 25 දින අභාවප්‍රාප්ත විය.1959 වර්ෂයේ සිට 2008 දක්වා කාලය තුල කියුබාවේ නායකයා ලෙස කටයුතු කල කැස්ත්‍රෝ එරට අගමැති සහ ජනාධිපති යන ධූර දරා තිබේ.වසර 90ක ආයු කාලය තුල ඔහුව ඝාතනය කිරීමට අවස්ථා 638කදී උත්සාහ දරා තිබෙන බව කියවේ.ඔහුගේ මරණය නිවේදනය කල සහෝදරයා වන දැනට එරට ජනාධිපති ලෙස කටයුතු කරන රාහුල් කැස්ත්‍රෝය.ඒ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේය.
"ලොකු දුකක්ද සමග මම මෙහි පෙනී සිටින්නේ කියුබානු විප්ලවයේ ප්‍රධාන අණදෙන්නා වූ ෆිඩෙල් කැස්ත්‍රෝ 2016 නොවැම්බර් මස 25දා පස්වරු 10.29ට මියගිය බව අපගේ ජනතාවට සහ ලතින් ඇමෙරිකාව සහ ලෝකය පුරා සිටින අපගේ මිතුරන්ට දැන්වීම සඳහාය." යනුවෙන් රාහුල් කැස්ත්‍රෝ නිවේදනය කරන ලදි.
ෆිඩෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ 2016 දෙසැම්බර් මස 4 දා සැන්ටා ඉෆජෙනියා සුසාන භූමියේ තැන්පත් කරන කියුබානු රජය නිවේදනය කලේ පසුගිය සෙනසුරාදා දිනයේය.මෘත දේහය මහජන ප්‍රදර්ශනයට තැබීම නොවැම්බර් මස 28 දායින් ඇරඹෙන්නේ හවානා නගරයේ ජෝසේ මාටි ස්මාරකයේදීය.29දා එය අගනගරයේ විප්ලවයේ චතුරස්‍රයට ගෙන එනු ඇත.ඊළඟ දිනයේදී ඔහුගේ භෂ්මාවශේෂ රැගත් රථ පෙළපාලිය ,1959 වසරේදී බැටිස්ටා පාලනය පෙරළා දැමීමෙන් පසුව ෆිඩෙල් කැස්ත්‍රෝ ඇතුලු පිරිස ගමන් කල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබේ.
රජය විසින් දින නමයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ නොවැම්බර් මාසයේ 26-දෙසැම්බර් මාසයේ 4 අතර කාලයයි.පොදු සහ හමුදා ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කිරීමට සහ පොදු ක්‍රියාකාරකම්,අනෙකුත් විනෝදාශ්වාදය දනවන වැඩසටහන් එම කාලයේදී අවලංගු කෙරෙනු ඇත.
කියුබාවේ ඔරියන්ටේ පළාතේ බියරන් නම් ගම්මානයේ විශාල සීනි කර්මාන්තශාලාවක් හිමි පවුලක උපන් ෆිඩෙල් කැස්ත්‍රෝ 1945 වර්ෂයේදී හවානා විශ්වවිද්‍යාලයට ඇතුලත්විය.එහිදී ඔහු නීති උපාධියක් ලබාගත්තේය.1953 වර්ෂයේදී ඔහුගේ නායකත්වයෙන් මොන්කාඩ බැරැක්කවලට ප්‍රහාරයක් එල්ල කරන ලදි.එහිදී අත් අඩංගුවට පත්වූ ඔහු දිගු කාලයක් බන්ධානාගාර ගත කරන්නට නියම විය.නමුත් කැස්ත්‍රෝගෙන් තමන්ට තර්ජනයක් ඇතිනොවේවි යන විශ්වාසය මත බැටිස්ටා පාලනය විසින් ඔහු ඇතුලු අත් අඩංගුවට ගත් විප්ලවාදීන් නිදහස් කරන ලදි.1956 දෙසැම්බර් මාසයේ ෆිඩෙල්,ඔහුගේ සහෝදරයා වන රාහුල් සහ ආර්ජන්ටිනා ජාතික වෛද්‍යවරයෙක් වූ අර්නෙස්ට් චේ ගුවේරා සමග එක්ව බැටිස්ටා පාලනයට එරෙහිව විප්ලවය ආරම්භ කලේය.1959 වර්ෂයේදී ඔවුන්ගේ ගරිල්ලා සටන්වල ප්‍රතිඵලයක් ලෙස බැටිස්ටා පාලනය පෙරළා දැමීමට හැකිවිය.1959 පෙබරවාරි මාසයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ කියුබාවේ 16 වන අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන ලදි.1965 වර්ෂයේදී ඔහු කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් බවට පත්විය.තවද එතැන් පටන් එරට එක් පක්ෂයක් පමණක් ඇති සමාජවාදී ජනරජයක් බවට පරිවර්තනය කෙරිණි.1976 සිට 2008 දක්වා කාලයේදී ඔහු රාජ්‍ය කවුන්සිලයේ ප්‍රධානියා,කියුබානු ඇමතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානියා සහ ප්‍රධාන අණදෙන්නා ලෙසද කටයුතු කලේය.2008 පෙබරවාරි 19 දා එනම් ඔහුගේ ධූර කාලය අවසන් වීමට දින 5කට පෙර ඊළඟ ධූර කාලයේ වැඩභාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි.ෆිඩෙල්,2011 අප්‍රේල් මස 19 දා කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් තනතුරෙන් නිල වශයෙන් ඉල්ලා අස්විය.සියලු බලතල ඔහුගේ සහෝදරයාට පවරන ලදි.
Executive Action: 634 Ways to Kill Fidel Castro (Secret War) - ෆිඩෙල් කැස්ත්‍රෝ ඝාතන කිරීමට දැරූ උත්සාහයන් ගැන කියවෙන ග්‍රන්ථයක්
2011 දෙසැම්බර් මාසයේදී ෆිඩෙල් කැස්ත්‍රෝගේ නම ගිනස් වාර්තා පොතට ඇතුලත්වූයේ වැඩිම ඝාතන ප්‍රත්‍යත්නයක් සංඛ්‍යාවකින් දිවිගලවා ගත් පුද්ගලයා ලෙසයි.එය අවස්ථා 638ක් ලෙස සඳහන්ව තිබේ.ඉන් අවස්ථා 167ක් සඳහා සහභාගීවූ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නඩු විභාග සඳහා ඉදිරිපත් කරන ලදි.ඉන් සමහරුන් වෙනත් රටවලට පිටුවහල් කරන ලදි.වාර්තාවන පරිදි මෙම ඝාතන සැලසුම් රැසක්ම එක්සත් ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් ක්‍රියාත්මක කල ඒවාය.අයිසන්හවර්,කෙනඩි,ජොන්සන්,නිකසන්,කාටර්,රේගන්,බුෂ්,ක්ලින්ටන් ආදී ඇමෙරිකානු ජනපතිවරුන්ගේ ධූර කාලයන් තුලදී අවස්ථා 600කට වැඩි ගණනකදී මෙම ඝාතන සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.වරක් ඔවුන් කැස්ත්‍රෝ වඩාත් ප්‍රිය කරන කාන්තාවක් යොදාගෙන වස ශරීරගත කරන්නට උත්සාහ කර තිබේ.විෂ ගැන්වූ පිහිනුම් ඇඳුම් ලබාදීමෙන්,පුපුරා යන දුම්වැටි ලබාදීමෙන් ඔහුව මරා දැමීමට සැලසුම් කර තිබුණද ඒවා අසාර්ථක විය.ෆිඩෙල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසුව රට හැරගිය කියුබානුවන් සමග එක්ව ඇමෙරිකාව 1961දී ආක්‍රමණයක් සිදුකලද එයද අසාර්ථක විය.ශීතල යුද්ධයේ උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්වෙන කියුබානු මිසයිල අර්බුදය සමයේ එරට නායක ලෙස කටයුතු කලේද ඔහුය.ඔහුගේ පාලන කාලය තුල අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් යෙදවූ නිසා කියුබාව මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටින රටක් බවට පත්ව තිබේ.සෝවියට් දේශය බිද වැටීම කියුබාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන්නට සමත්වුවද ඔවුන් තවමත් දෙපයින් නැගී සිටියි.
කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිඩෙල් කැස්ත්‍රෝ සමග සිටින අනෙකුත් සටන්කරුවන්,1957.
ෆිඩෙල් කැස්ත්‍රෝ ඇතුලු කැරලිකරුවන් පිරිස,1957.
ෆිඩෙල් කැස්ත්‍රෝ බැල්කනියක සිට සිය සගයින් අමතමින්..
වොෂින්ටන් නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ ඇමෙරිකාවේ හිටපු ජනපති රිචඩ් නික්සන්(එවකට උප ජනපති) හමුවූ අවස්ථාව,1959 අප්‍රේල් 19.
කැස්ත්‍රෝ,ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ ප්‍රතිමාව අසල සිටින අයුරු.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවේදී දීර්ඝතම කතාව(පැය 4යි මිනිත්තු 29) කලේ ෆිඩෙල් කැස්ත්‍රෝය.1960 සැප්තැම්බර් 26.
කියුබාවේ දී අගමැතිවරයා වශයෙන් කතාවක් පවත්වමින්(කියුබාවේදී ඔහු පැය 7යි මිනිත්තු 10ක් දිග කතාවක් පවත්වා තිබේ),1964 ජූලි 26.
1961 ජූනි 23දා කියුබාවේ අගනුවරදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ යුරී ගගාරීන්.
සෝවියට් ජනපති නිකිටා කුෂ්චෙව් සමග ජෝර්ජියාවේ සංචාරය කරන කැස්ත්‍රෝ,1963.
ගගාරීන් අභ්‍යාවකාශගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට ගිය කැස්ත්‍රෝ සහ සෝවියට් ජනපති ලියොනිඩ් බ්‍රෂ්නෙව්,1972.
සෝවියට් ජනපති බොරිෂ් යෙල්ට්සින් සමග පාගමනකට එක්වූ ෆිඩෙල් කැස්ත්‍රෝ,1986,රුසියාවේ මොස්කව්.
1989 අප්‍රේල් 3දා කියුබාවේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ සෝවියට් ජනපති මිහායිල් ගෝර්බචෙව්.
විප්ලවයේ දිනය සමරන ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ද.අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා.1991 ජූලි 27.
හවානා ගුවන් තොටුපොලේදී රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් පිළිගන්නට පැමිණි කැස්ත්‍රෝ.2000 දෙසැම්බර්.
ෆ්‍රැන්සිස් පාප්තුමා හමුවූ කැස්ත්‍රෝ,2015 සැප්තැම්බර් 20,කියුබාවේ හවානා.
රුසියානු ඕතොඩොක්ස් පල්ලියේ ප්‍රධානියෙක් කැස්ත්‍රෝගේ නිවසේදී ඔහුව හමුවූ අවස්ථාවක්,2016.
ප්‍රංශ ජනපති ෆැන්කොයිස් හොලන්ඩේ හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාවක්,2015.
චීන ජනපති ෂින් ජින්පින්ග් හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාව,2014 ජූලි.
වෙනිසිවුලාවේ ජනපති නිකොලස් මඩුරෝ හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ සමග ,2016 අගෝස්තු.
වියට්නාම ජනපති ට්‍රාන් ඩි කුවාන්ග්,ෆිඩෙල් කැස්ත්‍රෝ මුණ ගැසුණු අවසන් රාජ්‍ය නායකයාය,2016 නොවැම්බර් 15.
කියුබානු විප්ලවයේ අසහාය නායක ෆිඩෙල් කැස්ත්‍රෝගේ රුව සහිත පෝස්ටරයක් කියුබාවේ හවානා නගරයේ බිත්තියක අලවා තිබෙන අයුරු,2016.අගෝස්තු 13.
Source:southfront.org
-HarshaLulzSec-

රාහුල් කැස්ත්‍රෝගේ නිවේදනයේ සඳහන් පරිදි ෆිඩෙල් කැස්ත්‍රෝගේ මෘත දේහය ආදාහනය කෙරෙනු ඇත.
ෆිඩෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ 2016 දෙසැම්බර් මස 4 දා සැන්ටා ඉෆජෙනියා සුසාන භූමියේ තැන්පත් කරන කියුබානු රජය නිවේදනය කලේ පසුගිය සෙනසුරාදා දිනයේය.මෘත දේහය මහජන ප්‍රදර්ශනයට තැබීම නොවැම්බර් මස 28 දායින් ඇරඹෙන්නේ හවානා නගරයේ ජෝසේ මාටි ස්මාරකයේදීය.29දා එය අගනගරයේ විප්ලවයේ චතුරස්‍රයට ගෙන එනු ඇත.ඊළඟ දිනයේදී ඔහුගේ භෂ්මාවශේෂ රැගත් රථ පෙළපාලිය ,1959 වසරේදී බැටිස්ටා පාලනය පෙරළා දැමීමෙන් පසුව ෆිඩෙල් කැස්ත්‍රෝ ඇතුලු පිරිස ගමන් කල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබේ.
රජය විසින් දින නමයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ නොවැම්බර් මාසයේ 26-දෙසැම්බර් මාසයේ 4 අතර කාලයයි.පොදු සහ හමුදා ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කිරීමට සහ පොදු ක්‍රියාකාරකම්,අනෙකුත් විනෝදාශ්වාදය දනවන වැඩසටහන් එම කාලයේදී අවලංගු කෙරෙනු ඇත.
මෙම මරණය සම්බන්ධව ලොව පුරා රාජ්‍ය නායකයින් සිය ශෝකය පළ කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
මෙම අග්‍රගණ්‍ය රාජ්‍යතාන්ත්‍රිකයා නූතන ලෝක ඉතිහාසයේ නියම සංකේතයකි. - රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන්.
බාහිර ආධිපත්‍යය ඉවත් කිරීම සම්බන්ධව කියුබානුවන්ගේ අභිමානය ඔහුය - ප්‍රංශ ජනපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ

කලාපය සිටින කියුබාවේ හොඳම මිතුරා වන වෙනිසිවුලාවේ ජනපති නිකොලස් මැඩොරෝ ඔහුගේ ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත - ඔහුගේ උරුමය සහ නිදහසේ ධඡය ඉදිරියට ගෙන යාම අප දිගටම කල යුතුය.
චීන ජනතාවට යහපත්,සැබෑ මිත්‍රයෙක් අහිමිවුනා.කැස්ත්‍රෝ නම් මිතුරා දිගු කල් ජීවත් වේවි.ඔහු අපේ කාලයේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්,ඉතිහාසය සහ ජනතාවට ඔහුව මතක් වේවි. - චීන ජනපති ෂින් ජින්පින්ග්
වියට්නාම ජනපති ට්‍රාන් ඩයි කුවෑන්ග් යනු කැස්ත්‍රෝව මුණ ගැසුණු අවසන් රාජ්‍ය නායකයාය.හමුව සිදුවූයේ නොවැම්බර් මස 16දාය."ෆිඩෙල් යනු වියට්නාම ජනතාවට ශ්‍රේෂ්ඨ මිතුරෙකි,සමීපතම සහෝදරයෙකි.ඔහු සැබෑ ජාතිකවාදී ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කල පිරිසිදු සංකේතයකි."
ෆිඩෙල් කැස්ත්‍රෝගේ ළමා කාලයේ ඡායාරූපයක්
කියුබාවේ ඔරියන්ටේ පළාතේ බියරන් නම් ගම්මානයේ විශාල සීනි කර්මාන්තශාලාවක් හිමි පවුලක උපන් ෆිඩෙල් කැස්ත්‍රෝ 1945 වර්ෂයේදී හවානා විශ්වවිද්‍යාලයට ඇතුලත්විය.එහිදී ඔහු නීති උපාධියක් ලබාගත්තේය.1953 වර්ෂයේදී ඔහුගේ නායකත්වයෙන් මොන්කාඩ බැරැක්කවලට ප්‍රහාරයක් එල්ල කරන ලදි.එහිදී අත් අඩංගුවට පත්වූ ඔහු දිගු කාලයක් බන්ධානාගාර ගත කරන්නට නියම විය.නමුත් කැස්ත්‍රෝගෙන් තමන්ට තර්ජනයක් ඇතිනොවේවි යන විශ්වාසය මත බැටිස්ටා පාලනය විසින් ඔහු ඇතුලු අත් අඩංගුවට ගත් විප්ලවාදීන් නිදහස් කරන ලදි.1956 දෙසැම්බර් මාසයේ ෆිඩෙල්,ඔහුගේ සහෝදරයා වන රාහුල් සහ ආර්ජන්ටිනා ජාතික වෛද්‍යවරයෙක් වූ අර්නෙස්ට් චේ ගුවේරා සමග එක්ව බැටිස්ටා පාලනයට එරෙහිව විප්ලවය ආරම්භ කලේය.1959 වර්ෂයේදී ඔවුන්ගේ ගරිල්ලා සටන්වල ප්‍රතිඵලයක් ලෙස බැටිස්ටා පාලනය පෙරළා දැමීමට හැකිවිය.1959 පෙබරවාරි මාසයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ කියුබාවේ 16 වන අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන ලදි.1965 වර්ෂයේදී ඔහු කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් බවට පත්විය.තවද එතැන් පටන් එරට එක් පක්ෂයක් පමණක් ඇති සමාජවාදී ජනරජයක් බවට පරිවර්තනය කෙරිණි.1976 සිට 2008 දක්වා කාලයේදී ඔහු රාජ්‍ය කවුන්සිලයේ ප්‍රධානියා,කියුබානු ඇමතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානියා සහ ප්‍රධාන අණදෙන්නා ලෙසද කටයුතු කලේය.2008 පෙබරවාරි 19 දා එනම් ඔහුගේ ධූර කාලය අවසන් වීමට දින 5කට පෙර ඊළඟ ධූර කාලයේ වැඩභාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි.ෆිඩෙල්,2011 අප්‍රේල් මස 19 දා කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් තනතුරෙන් නිල වශයෙන් ඉල්ලා අස්විය.සියලු බලතල ඔහුගේ සහෝදරයාට පවරන ලදි.
Executive Action: 634 Ways to Kill Fidel Castro (Secret War) - ෆිඩෙල් කැස්ත්‍රෝ ඝාතන කිරීමට දැරූ උත්සාහයන් ගැන කියවෙන ග්‍රන්ථයක්
2011 දෙසැම්බර් මාසයේදී ෆිඩෙල් කැස්ත්‍රෝගේ නම ගිනස් වාර්තා පොතට ඇතුලත්වූයේ වැඩිම ඝාතන ප්‍රත්‍යත්නයක් සංඛ්‍යාවකින් දිවිගලවා ගත් පුද්ගලයා ලෙසයි.එය අවස්ථා 638ක් ලෙස සඳහන්ව තිබේ.ඉන් අවස්ථා 167ක් සඳහා සහභාගීවූ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නඩු විභාග සඳහා ඉදිරිපත් කරන ලදි.ඉන් සමහරුන් වෙනත් රටවලට පිටුවහල් කරන ලදි.වාර්තාවන පරිදි මෙම ඝාතන සැලසුම් රැසක්ම එක්සත් ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් ක්‍රියාත්මක කල ඒවාය.අයිසන්හවර්,කෙනඩි,ජොන්සන්,නිකසන්,කාටර්,රේගන්,බුෂ්,ක්ලින්ටන් ආදී ඇමෙරිකානු ජනපතිවරුන්ගේ ධූර කාලයන් තුලදී අවස්ථා 600කට වැඩි ගණනකදී මෙම ඝාතන සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.වරක් ඔවුන් කැස්ත්‍රෝ වඩාත් ප්‍රිය කරන කාන්තාවක් යොදාගෙන වස ශරීරගත කරන්නට උත්සාහ කර තිබේ.විෂ ගැන්වූ පිහිනුම් ඇඳුම් ලබාදීමෙන්,පුපුරා යන දුම්වැටි ලබාදීමෙන් ඔහුව මරා දැමීමට සැලසුම් කර තිබුණද ඒවා අසාර්ථක විය.ෆිඩෙල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසුව රට හැරගිය කියුබානුවන් සමග එක්ව ඇමෙරිකාව 1961දී ආක්‍රමණයක් සිදුකලද එයද අසාර්ථක විය.ශීතල යුද්ධයේ උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්වෙන කියුබානු මිසයිල අර්බුදය සමයේ එරට නායක ලෙස කටයුතු කලේද ඔහුය.ඔහුගේ පාලන කාලය තුල අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් යෙදවූ නිසා කියුබාව මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටින රටක් බවට පත්ව තිබේ.සෝවියට් දේශය බිද වැටීම කියුබාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන්නට සමත්වුවද ඔවුන් තවමත් දෙපයින් නැගී සිටියි.
2006 වර්ෂයේදී නිකුත් කල චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කල 638 Ways to Kill Castro නම් වාර්තා චිත්‍රපටය.
1959 අප්‍රේල් මාසයේදී නිව්යෝක් නගරයේ පැමිණි අවස්ථාවේදී තමන් ඝාතනය කිරීමේ තැතක් සම්බන්ධව පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පෙන්වන කැස්ත්‍රෝ
යුනිස්කෝ සංවිධානය විසින් ජෝසේ මාර්ටි සම්මානය වෙනිසුවුලාවේ හිටපු ජනපති හිගෝ චාවේස් හට ලබාදුන් අවස්ථාව අමතන ෆිඩෙල් කැස්ත්‍රෝ,2006 පෙබරවාරි 3දා,කියුබාවේ හවානා.දෙවන එළිසබෙත් රැජින,තායිලන්තයේ භූමිබෝල් රජුට පසුව වැඩිම කාලයක් රටක නායකත්වය හෙබවූ පුද්ගලයා වන්නේ ෆිඩෙල් කැස්ත්‍රෝය.
ෆිඩෙල් කැස්ත්‍රෝ සිගරැට්ටුවක් දල්වන අවස්ථාවේ ඔහු අසල සිටින ආර්ජන්ටිනා ජාතික චේ ගුවේරා(1928-1967),ගරිල්ල සටනේ මුල් දිනවල,කියුබාවේ සියෙරා මිස්ට්‍රේ කඳුකරයේදී ,1956 දී පමණ ගන්නා ලද ඡායාරූපයකි.
කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිඩෙල් කැස්ත්‍රෝ සමග සිටින අනෙකුත් සටන්කරුවන්,1957.
ෆිඩෙල් කැස්ත්‍රෝ ඇතුලු කැරලිකරුවන් පිරිස,1957.
ෆිඩෙල් කැස්ත්‍රෝ බැල්කනියක සිට සිය සගයින් අමතමින්..
වොෂින්ටන් නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ ඇමෙරිකාවේ හිටපු ජනපති රිචඩ් නික්සන්(එවකට උප ජනපති) හමුවූ අවස්ථාව,1959 අප්‍රේල් 19.
කැස්ත්‍රෝ,ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ ප්‍රතිමාව අසල සිටින අයුරු.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවේදී දීර්ඝතම කතාව(පැය 4යි මිනිත්තු 29) කලේ ෆිඩෙල් කැස්ත්‍රෝය.1960 සැප්තැම්බර් 26.
කියුබාවේ දී අගමැතිවරයා වශයෙන් කතාවක් පවත්වමින්(කියුබාවේදී ඔහු පැය 7යි මිනිත්තු 10ක් දිග කතාවක් පවත්වා තිබේ),1964 ජූලි 26.
1961 ජූනි 23දා කියුබාවේ අගනුවරදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ යුරී ගගාරීන්.
සෝවියට් ජනපති නිකිටා කුෂ්චෙව් සමග ජෝර්ජියාවේ සංචාරය කරන කැස්ත්‍රෝ,1963.
ගගාරීන් අභ්‍යාවකාශගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට ගිය කැස්ත්‍රෝ සහ සෝවියට් ජනපති ලියොනිඩ් බ්‍රෂ්නෙව්,1972.
සෝවියට් ජනපති බොරිෂ් යෙල්ට්සින් සමග පාගමනකට එක්වූ ෆිඩෙල් කැස්ත්‍රෝ,1986,රුසියාවේ මොස්කව්.
1989 අප්‍රේල් 3දා කියුබාවේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ සෝවියට් ජනපති මිහායිල් ගෝර්බචෙව්.
විප්ලවයේ දිනය සමරන ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ද.අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා.1991 ජූලි 27.
හවානා ගුවන් තොටුපොලේදී රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් පිළිගන්නට පැමිණි කැස්ත්‍රෝ.2000 දෙසැම්බර්.
ෆ්‍රැන්සිස් පාප්තුමා හමුවූ කැස්ත්‍රෝ,2015 සැප්තැම්බර් 20,කියුබාවේ හවානා.
රුසියානු ඕතොඩොක්ස් පල්ලියේ ප්‍රධානියෙක් කැස්ත්‍රෝගේ නිවසේදී ඔහුව හමුවූ අවස්ථාවක්,2016.
ප්‍රංශ ජනපති ෆැන්කොයිස් හොලන්ඩේ හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාවක්,2015.
චීන ජනපති ෂින් ජින්පින්ග් හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාව,2014 ජූලි.
වෙනිසිවුලාවේ ජනපති නිකොලස් මඩුරෝ හවානා නගරයේදී ෆිඩෙල් කැස්ත්‍රෝ සමග ,2016 අගෝස්තු.
වියට්නාම ජනපති ට්‍රාන් ඩි කුවාන්ග්,ෆිඩෙල් කැස්ත්‍රෝ මුණ ගැසුණු අවසන් රාජ්‍ය නායකයාය,2016 නොවැම්බර් 15.
කියුබානු විප්ලවයේ අසහාය නායක ෆිඩෙල් කැස්ත්‍රෝගේ රුව සහිත පෝස්ටරයක් කියුබාවේ හවානා නගරයේ බිත්තියක අලවා තිබෙන අයුරු,2016.අගෝස්තු 13.
එක්සත් ජනපදයේ කුමන්ත්‍රණ,ආර්ථික සම්බාධක මධ්‍යයේ කියුබාව මෙතරම් දුරක් රැගෙන ඒමට හැකිවීම පුදුම සහගතය.ඉරාකයට,ලිබියාවට සහ සිරියාවට අත්වු ඉරණම කියුබාවට අත්නොවන්නට ෆිඩෙල් කැස්ත්‍රෝ ඉඩතැබුවේ නැත.
ෆිඩෙල් කැස්ත්‍රෝගේ අවසන් කතාවලින් එකක්
“Soon, I will be turning 90 years old. I never imagined it and it has not been the fruit of any labor. It was purely a whim by destiny. Soon I will be like everybody else, everybody will get their turn, but ideas of the Cuban Communists will stay as proof that on this planet, if you work with diligence and dignity, you can produce material and cultural values, which people need, and we must to work hard to get them,”
- 2016 අප්‍රේල්Source:southfront.org
-HarshaLulzSec-
Last edited: