නෑදෑයෝ නැතිම තරමට හොඳයි

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ ඊයෙ පෙරේදා දවසක වැඩ ඇරිලා එන ගමන් ටවුන් එකේදි අපේ අල්ලපු ගමේ දුරින් ආශ්‍රය කරන ඇන්ටිකෙනෙක් හම්බවුනා. ගෙවල්වල යන්න කරන්නෙ එහෙම නෑ. ඔය ගෑනි උදේක දැක්කොත් වගතුගක් නෑ. :baffled: කාරෙකෙන් බහිද්දී මූනටම හම්බවුනා මම හිතන්නේ අවුරුදු තුන හතරකින් මූනට මූන හම්බවුනාමයි. කාරෙකෙන් බහිද්දී මේකිගේ මූන නිකන් අඳුරුවුනා! අම්මෝ හීල්ලුවා හීල්ලිල්ලක්! කොහෙද වැඩ කරන්නේ! කාරෙක කීයද! ළගඳිද ගත්තේ! පුතාට දැන් පඩිය කීයක් විතර හම්බවෙනවද? හැමදාම කාරෙකේද යන්නේ! අහන ප්‍රශ්ණද බන් මේවා! :dull: මාර කරුමෙකට මන් සෙට්වුනේ! :sorry: මගේ වෙලාවට call එකක් ආවා! යන්නන් කියලා යන්තන් ශේප්වුනා! මේකිගේ පුතා accountant කෙනෙක් දුවත් මොකද්දෝ හොඳ රජයේ රස්සාවක් කරන්නේ ඒත් තියෙන ඊරිසියාව! නෑදෑ හැතිකරේ ඔක්කෝම එකයි! ඒ දවස්වල මන් AL වලට Bio තෝරගත්ත වෙලේ කින්ඩියට මෙයා බයෝද කරන්නේ කියලා අහපු දෙතුන් දෙනෙක් හිටියා! :frown: සමහරු හිටියා බයෝ කරනවා කිව්වම ඔයාගේ මොනවද OL result කියලා ඇහුවා! උන්ට හිතාගන්න බැරුව! :lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්න එවුන් ගොඩක් ඉන්නවා උන්ට නෑදෑ ආශ්‍රයක් ඇත්තෙම නෑ.මගුලට මරණෙට විතරයි ඇයි හොඳයි කම් පවත්තන්නේ. උන් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ කිහිපදෙනෙක් හිටියම හොඳටම ඇති කියලා.
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    සමහරක් නෑයන්ට කැමති නෑ තමයි,,,,,, උන් ටික කාලයක් යනකොට අම්මට තාත්තටත් කැමති නෑ..................
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නෑදෑයෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ බන්.. පුදුම ඉරිසියාවක් තියෙන්නේ...
     
    • Like
    Reactions: Lokupappa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    :lol: :lol: :lol:

    "නෑදෑයො අපිට හරියනවට කැමතියි. නමුත් එයාලට වඩා අඩුවෙන්"
    Godak aya mehemai, idala hitala ekeknek ennawa mehema nowena.
    :yes: :yes: :yes: :yes: :cool:
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ මට මෙහෙම දැනිලා නෑනේ. සමහර විට නෑදෑයෝ එහෙම හිතනවා ඇති. I just don’t care.
     
    • Haha
    Reactions: Lokupappa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් අපි වාහනේ ගත්තම ගෙදරටම ඇවිල්ලා කිව්වනේ අපරාදේ වාහනයක් වුනත් යකඩ ගොඩක්නේ. බැංකුවේ තිබ්බ නම් සල්ලි වලට පොලිය හරි වැටෙනවා. ඔහොම බයිලා ගහලා අන්තිමේ එහාට ගෙනාව වීල් එකක්. මම හිතන්නේ ඒක යකඩ නෙමෙයි ප්ලාස්ටික් වෙන්ටෑ. :dull: