ඔන්න දැන් පොංපියෝ එනවා. ඉස්සර යුද්ධෙ කාලෙත් ඔය වගේ උන් මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙලා ගියානේ. සෝල්හයිම්ලා, මිලිබෑන්ඩ්ලා. සිංහලුන්ට මතක ඇති මයෙ හිතේ. යුද්ධෙ අතරමඟ කුරුවල් කරලා පිරිබාව බේරගන්න දඟලපු දැඟලිල්ල මතක් කරගනිල්ලා. ඒ වෙලාවේ ඇමරිකන් යුධ නැව් ලංකාවේ මුහුදු සීමාවටම ඇවිල්ලා තිබ්බා. ඒත් මහින්ද ජනාධිපතිතුමා ඔය එකෙකුටවත් නැමෙන්න ගියේ නෑ. සෝල්හයිම් ලංකාවේ කොච්චර රස්තියාදු ගැහුවද කිවුවොත් ඒ කාලේ අපේ කොල්ලෝ කුරුට්ටෝ පාරවල් ගානේ, හංදි ගානේ රස්තියාදු වෙනවට කිවුවේ පාරවල් ගානේ "සෝල්හයිම් වෙනවා" කියල 
දැන් තවත් ජාත්‍යන්තර රස්තියාදු කාරයෙක් ඇවිල්ලා අපිට සද්දේ දාන්න. ඒත් මම නම් හිතන්නෑ අපේ ජනාධිපතිතුමා දෙකට නැමෙයි කියලා. පොංපියොගේ නමත් ජාත්‍යාන්තර රස්තියාදුකාරයන්ගේ නාමලේකනයට එකතුවෙයි අන්තිමට.
මීට පස්සේ රස්තියාදු ගහන කොල්ලන්ට මහඋන් මෙහෙම කියයි
"යකු, නිකං පොංපියෙක් නොවී හිටු!"