නිදන් වස්තු සොයා real adventure

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
නිදන් වස්තු සොයා real adventure

උපුටා ගැනීමකි

මළදුගල කන්දේ නිධන් කතා

DSCF0162-01.JPG


මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්.බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා.

මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.

මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.

මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.

ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.

ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්.

මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම් මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.

DSCF0412.JPG


90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.

බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.

මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.

කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි. මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.

ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.

නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.

මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.

ඉතිරි කොටස බලාපොරොතු වෙන්න