නිදහස් අධ්‍යාපනයේ පියා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නිදහස් අධ්‍යාපනයේ පියා

    14650621_10153934683360592_7235943786044060034_n.jpg
    චේ ගැන පෝ‌ස්ට් දුටුවෙමි. සැමරැම් උත්සව පා පැදි සවාරි දුටුවෙමි. ඔහු ලංකාවට හෝ‌ මෙහි මිනිසුන්ට කල දෙයක් මා නම් අසා නැත.
    පසුගිය 13 වනදා නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මහතා ගේ 132 වැනි ජන්ම දිනය යෙදී තිබුනි. සැමරුම් නැත. පෝ‌ස්ට් නැත. නිදහස් අධ්‍යාපනයේ අයිතිකරැවන් වී සිටින අන්තරේට අදාලම නැත.
    කැම්පස් වල චේ ගෙ රෑපය ඇ‌තිමුත් කන්නන්ගර රෑපය නැත.
    ඔහු නිදහස් අධ්‍යාපන පනත හදුන්වා දෙන විට ජවිපෙ,එජාප හො‌ ශ්‍රිලනිප බිහි වී වත් නැත.

    බන්ඩාරනායකලා,සේනානායකකල, රාජපක්ෂල, ඉල්මහ විරැවන් සමරන රටේ මෙතුමා ගැන පුවතක් වත් පල නො‌වීම කණගාටුදායකය.
    එතුමා මෙය නො‌කරන්නට අද බහුතරයක් අයට චේ සමරන්න තියා චේ වචනයවත් කියවීමට හැකියාවක් නැති වන්නට තිබිනි.
    ලංකාව වටේ ඇ‌ති අනිත් රටවල සාක්ශරතාවය බැලීම පමනක් මා කියන දේ තේරැම් ගැනීමට ඉවහල් වනු ඇ‌ත.



    11208656_1279042435501280_6928417542974953450_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට වැදිල තියෙන්නෙ කන්නංගර මහත්තයගෙ සාපෙ තමා :( :(
    මෙතුමා නැහීගෙන නිදහස් අධ්‍යාපනේ බිහිකල්ල දුන්න අපේ මිනිස්සු එක ඡන්දයයි මෙතුමව ඇපත් නැතුව ගෙදර යැව්ව ඒ සාපෙන් තමා රටටම හෙන ගැහිල තියෙන්නෙ :( :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අපිට වැදිල තියෙන්නෙ කන්නංගර මහත්තයගෙ සාපෙ තමා :( :(
    මෙතුමා නැහීගෙන නිදහස් අධ්‍යාපනේ බිහිකල්ල දුන්න අපේ මිනිස්සු එක ඡන්දයයි මෙතුමව ඇපත් නැතුව ගෙදර යැව්ව ඒ සාපෙන් තමා රටටම හෙන ගැහිල තියෙන්නෙ :( :(

    ඉතිං ඒ සාපෙ තමා බන් මෙ රටෙ කැරකෙන්නෙ උඹ කිව්වා වගෙ. ඉස්සර නිදහස් අධ‍යාපනෙ පොතට විතරක් සීමා උනෙ නැහැ. මන් අහලා තියෙනවා ඒ කාලෙ පිරිමින්ට වඩු වැඩ, අනෙකුත් කර්මාන්ත සහ ගැහැණුන්ට මැහුම් ගෙතුම් වගෙ එව්වත් කියලා දුන්නා කියලා.
    අද බලපන් අපෙන් තනිකරම බිහිවෙන්නෙ පොතෙ බයියො නෙමෙද කියලා .දෙයක් හරියට කරගන්න එක්කො ටෙක්නිකල් කොලෙජ් කියලා එකකට යන්න ඔනෙ එහෙමත් නැත්තම් වෙනත් කොර්ස් එකක් කරන්න ඔනෙ ,ඉස්කොලෙ කාලෙ පොත් පුරවන එකයි විභාග ලියන එකයි විතරයි කරලා තියෙන්නෙ.
    අපෙ රටෙ කාලකණ්ණි මිනිස්සු ගැන කතාකරලා වැඩක් නැහැ. උන් කවද්ද හරි මිනිහෙක් පාර්ලිමෙන්තු යැව්වෙ. උන්ට කාලකණ්ණි ක්‍රමෙ සැපයි.