නිදහස් දිනය පෙබ 04 ද මැයි 22 ද ?
ශ්‍රීලංකාවට ඇත්තටම බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණේ කවදාද ??
1948 පෙබරවාරි 04 ද නැත්නම් 1972 මැයි 22 ද ?
1948 දී අප රටට තිබුණේ ලංකාව නැතහොත් Ceylon යන නමයි(Dominion State) http://en.wikipedia.org/wiki/Dominion. එහිදී රට බ්‍රිතාන්‍ය කිරීටයේ රජු නාමිකව රටේ රජු ලෙස පිළි ගන්නා ලදි. එවකට 6 වන ජෝජ් රජු සහ එම කොඩියට හිස නමා උත්සව ආරම්භ කිරීම රටේ සම්ප්රදාය විය .
1948 දී ජාතික ධජය
1948 දී නිදහස ලැබෙන විට හෙන්රි මොන්ක් මේසන් මූවර් අග්‍රාණ්ඩුකාර ලෙස ක්‍රියා කරමින් සිටි අතර පසුව විලියම් ගොපල්ලව මහතා එම ධුරයට පත් විය. මෙම අග්‍රාණ්ඩුකාර වරයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා වෙනුවෙන් උත්සව සඳහා පෙනීසිටි අතර අධිරාජ්‍යයා ලංකාවට පැමිණි විට ඔහු එම ධූරයෙන් තාවකාලිකව ඉවත් විය.
1948 සිට 1952 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ඩී.එස්. සේනානායක මහතා අගමැති විය .එහෙත් 1970 දී බලයට පැමිණි සිරිමාවෝ ප්රමුඛ රංය විසින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලදි. ඒ අනුව එතෙක් බ්‍රිතාන්‍ය කිරීටය හා පැවති සබඳතා වෙනස් විය . නාමික වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයේ රජු තව දුරටත් රටෙහි නායකයා නොවීය. ඒ අනුව ඩොමිනියන් තත්ත්වය ඉවත් විය . 1972 මැයි 22 දින සම්මත කර ගන්නා ලද බැවින් එම දිනය නිදහස් දිනය ලෙස සලකන ලදි.
ඇත්ත වශයෙන්ම නිදහස් දිනය විය යුත්තේ පෙබරවාරි 04 ද නැතහොත් මැයි 22 ද යන්න තීරණය කල යුත්තේ ඔබයි.....
http://www.sundaytimes.lk/120520/News/nws_29.html
විවාදයට විවෘතයි !

Last edited: