නිදහස් දිනය පෙබ 04 ද මැයි 22 ද ?

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නිදහස් දිනය පෙබ 04 ද මැයි 22 ද ?

    ශ්‍රීලංකාවට ඇත්තටම බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණේ කවදාද ??

    1948 පෙබරවාරි 04 ද නැත්නම් 1972 මැයි 22 ද ?

    1948 දී අප රටට තිබුණේ ලංකාව නැතහොත් Ceylon යන නමයි(Dominion State) http://en.wikipedia.org/wiki/Dominion. එහිදී රට බ්‍රිතාන්‍ය කිරීට‍යේ රජු නාමිකව රටේ රජු ලෙස පිළි ගන්නා ලදි. එවකට 6 වන ජෝජ් රජු සහ එම කොඩියට හිස නමා උත්සව ආරම්භ කිරීම රටේ සම්ප්‍රදාය විය .

    100px-Flag_of_Ceylon_%281948-1951%29.svg.png
    1948 දී ජාතික ධජය

    1948 දී නිදහස ලැබෙන විට හෙන්රි මොන්ක් මේසන් මූවර් අග්‍රාණ්ඩුකාර ලෙස ක්‍රියා කරමින් සිටි අතර පසුව විලියම් ‍ගොපල්ලව මහතා එම ධුරයට පත් විය. මෙම අග්‍රාණ්ඩුකාර වරයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා වෙනුවෙන් උත්සව සඳහා පෙනීසිටි අතර අධිරාජ්‍යයා ලංකාවට පැමිණි විට ඔහු එම ධූරයෙන් තාවකාලිකව ඉවත් විය.

    1948 සිට 1952 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ඩී.එස්. සේනානායක මහතා අගමැති විය .එහෙත් 1970 දී බලයට පැමිණි සිරිමාවෝ ප්‍රමුඛ රංය විසින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලදි. ඒ අනුව එතෙක් බ්‍රිතාන්‍ය කිරීටය හා පැවති සබඳතා වෙනස් විය . නාමික වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයේ රජු තව දුරටත් ර‍ටෙහි නායකයා නොවීය. ඒ අනුව ඩොමිනියන් තත්ත්වය ඉවත් විය . 1972 මැයි 22 දින සම්මත කර ගන්නා ලද බැවින් එම දිනය නිදහස් දිනය ලෙස සලකන ලදි.

    ඇත්ත වශයෙන්ම නිදහස් දිනය විය යුත්තේ පෙබරවාරි 04 ද නැතහොත් මැයි 22 ද යන්න තීරණය කල යුත්තේ ඔබයි.....

    http://www.sundaytimes.lk/120520/News/nws_29.html


    විවාදයට විවෘතයි !

     
    Last edited:
    • Like
    Reactions: adflavion

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නිදහස් දිනය නම් කිරීමේදී සලකා ඇත්තේ එවකට සිටි සුදු නිලධාරියකු වූ සර්. අයිවර් ජෙනින්ග්ස්ගේ භාර්යාවගේ උපන් දිනය බව මම පුවත්පතකින් කියවා ඇත.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආශ්චර්ය්‍යයට බැරි දේ යහපාලනෙන් කිරීම......................

    ඉන්දියාවේ ජනරජ දිනයට ලොව ලොකුම බලවතා වන...
    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහතාව ඉන්දියාව ගෙන්නාගෙන ඉන්දියන් ජනරජ දිනය මහත් අභිමානයෙන් සැමරුවා..
    ඉතිං බලහල්ලා යහපාලන ආණ්ඩුවේ අපිත් නිකන් ඇරියේ නැත...
    ලෝකෙට පෙන්නත් ඵක්ක...
    ආසියාවේ මහ බලවතා උන ඉන්දියාවේ අගමැති මෝදිව ගෙනත් අපේ 67වන නිදහස් දිනය අද අපිත් සැමරුවා මහත් අභිමානයෙන් කාටද ආඩම්බර....
     
    • Like
    Reactions: cybernalin

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඩොමිනියන් තත්වයෙන් මිදුන දව්ස. ඔකට දවල නිඩහස කියනවා