නිදහස් විය යුතු ‘ජරා – මරණ’ දුක
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන්, මේ ලෝක සත්වයාට වෙනත් කිසිම කිසි කෙනෙකුගෙන් අසා දැනගන්නට බැරි ලෝකය පිළිබඳ අවබෝධය, ලෝකය පිළිබඳ දැනුම, සත්‍යය, දැනගන්ට පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි බුදු කෙනෙක් පහළ වීමෙන් අපට ලැබෙන මහා ලාභය. අපි කවදාවත් අහල නැති, වෙනත් කෙනෙකුගෙන් අසා දැන ගන්නට බැරි, අපේ ජීවිතයේ සැඟවිලා තිබෙන දේ අපට දැන ගන්නට ලැබෙන්නේ, බුදු රජාණන් වහන්සේගෙන්.
අපි මේ ලෝකයේ මොන දේ ඉගෙන ගත්තත්, මොන තරම් හැකියා තිබුණත්, මේ ලෝකයේ නොපෙනෙන දේවල්, අපිට දැනගන්න බැරි දේවල් තමයි බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගෙන, අපට කියා දෙන්නේ. බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් තමා අපට කියා දෙන්නේ, අති දීර්ඝ සංසාරයක් පුරා නොයෙකුත් දුක් විඳිමින් ආපු ගමනක් අපට තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමකින් තොරව මේ ලෝක සත්වයාට තමන්ගේ ජීවිතයේ සැඟවිලා තිබෙන ඇත්ත දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.
ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනු මොහොතේදී, උන් වහන්සේ සිත යොමු කරනවා අතීත ජීවිත විමසා බලන්නට. ඉතිං උන්වහන්සේට අවබෝධ වෙනවා, පටන් ගැන්මක් හොයන්ට බැරි තරම් අති දීර්ඝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනක් තිබෙනවා කියලා. ඒ විදිහට අවබෝධ කරගෙන ප්‍රකාශ කරන තෙක්, අපිට මේ ලෝකයේ සැඟවිලා තිබුණ ඒ සත්‍යය දැනගන්නට ක්‍රමයක් තිබුණේ නෑ.
ඒ වගේම තමයි, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේදී, උන්වහන්සේ විමසා බැලූවා,.....
To read the full article, pls Visit::::http://wp.me/p2rbwC-nW