නිධානය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝඨා යනු ශිරන්ති නම් නිධානය ගොඩ දා ගැනීම සඳහා දුන් බිල්ලක්ද?

68511769_2576797129052103_6531980464998055936_o.jpg




පොහොට්‍ටු ‍ සම්මේලනයේ වේදිකාව තනා තිබුනේ මැදමුලන වලව්වේ ස්වරූපයටය. රාජපක්ෂ පවුලේ දේශපාලන බලය කිසිදු අවස්ථාවක බන්දේසියක තබා අනුප්‍රාප්තිකයාට පිරිනමා නැත. ඉතිහාසය තුල අනුප්‍රාප්තිකයා විසින් බලය ලබා ගත්තේ ඔහු විසින් දියත් කරන ලද මාරාන්තික අරගලයක් තුලිනි. කොන්දගල රාජපක්ෂලාගෙන් මැදමුලන රාජපක්ෂලා බලය ගත් ආකාරය මීට උදාහරණ ලෙස ගත හැක. කොන්දගල නිවසින් බලය ඩැහැ ගැනීමට මහින්දලා මිනී මැරූහ , සාපරාධී අපහාස කළහ , හිරේ විලංගුවේ වැ‍ටුනහ. ප්‍රජා අයිතිය නැති කර ගත්හ. ඓතිහාසික බලු පොරයක් වන රාජපක්ෂ පවුලේ බල අරගලය..

ගෝටාබය ජනපති කැම්පේන් එක ආරම්භ කලේ 2016 මුල් භාගයේදීය. රාජපක්ෂලා අතර වැඩිම ඉල්ලුමක් තිබුනේ ගෝටාබයටය. නමුත් මහින්ද එය නොදැක්කා සේ සිටියේය. ගෝටාබයගේ කැම්පේන් එකට මහින්ද කිසිදු අවස්ථාවක අශිර්වාද නොකලේය. නමුත් මහින්ද පෙරලූ බාල්දි , කියපු කට කැඩුනු කථා එමටය . එසේ වුනා කියා ගෝටා ද සටන අතහැරියේ නැත. ගෝටා ගේමට ආවා කියා මහින්ද සැලුනේ ද නැත. අගෝ 11 සිදුවූයේ බලය අරඹයා වු මැදමුලන සටනේ දී මහින්ද පියවරක් පසුපසට ගැනීමය. ගෝටා පියවරක් ඉදිරියට තැබීමය. නමුත් සටන ඉදිරියටත් ක්‍රියාත්මකය.
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ..

ගෝටා ජනපති කැම්පේන් එක පටන් ගත් මුල් අවධියේදී මහින්ද ඊට ආශිර්වාද නොකලේ මූද හත් ගව්වක් තියා අමුඩ ගැසීම ඵල රහිත නිසා යැයි කෙනෙකුට තර්ක කල හැකිය. මහින්ද නිසි වේලාව පැමි‌ණෙන තෙක් සිටියා යැයි ද කිව හැකිය. 2020 මැතිවරණයට තව මාස හතරකටත් වඩා ඇත. නාම යෝජනා කැඳවීමට ද තව මාස ගණනාවක් ඇත . සිරිසේන ජනපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේ 2014 නොවැ 14 දිනය. එනම් ජනපතිවරණයට දින 55 කට පෙරය. 1989 දී ප්‍රේමදාස 2005 දී මහින්ද අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත් කලේද ජනපතිවරණයට දින 55-60 කාල පරතරයක් තබමිනි. එසේනම් හතර වටේ නඩු තිබෙන ගෝටා අපේක්ෂකයා ලෙස පත් කිරීම කල් වැඩි නොවේද?
කප්පරක් නඩු වැටී ඇති ගෝටාගේ අනාගතය..

ගෝටාබය එරෙහිව මෙරට අධිකරණ වල පමනක් නොව පිටරට අධිකරණ වලද නඩු ගොනු වී ඇත . ගෝටාබයට එරෙහිව ගොනු වී ඇති සොහොන් නඩුවෙහි ඔප්පු කිරීමට දෙයක් නැත. මක්නිසාදයත් රජයේ මුදල් භාවිතා කොට සොහොන තැනූ බව ගෝටාබයම පිලිගෙන ඇති නිසා ය. රජයේ මුදල් සතයක් හොරකම් කළ ද කෝටියක් හොරකම් කළ ද දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම නිශ්චිත ය. මුදල් හොරකම් කොට අසුවුවහොත් 'සොරි' කියා ගෙවා දැමිය හැකි ක්‍රමවේදයක් නොමැත. නීතියේ ප්‍රතිපාදන අනුව නම් ගෝටාබයට ගැලවුමක් නැත. ඇස් වැසූ නීතියේ කන්‍යාවියට චූදිතයා කළ වරද සහ ඊට අදාල සාක්ෂි මිස ඔහුගේ දේශප්‍රේමය අදාල ද නැත.
ශිරන්තිගේ නිධානය සහ ගෝටා බිල්ල...

පසුගියදා මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට වූ ගාමිණි සෙනරත් එරෙහිව විශේෂ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් විය. ලිට්‍රෝ සමාගමේ රු මිලියන 500 ක් අවභාවිතා කිරීම යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහු නොදොස් වී නිදහස් විය. ඒ අනුව අධිකරණය ස්වාධීන යයි රාජපක්ෂවාදීන් පවා පිලිගත්හ. ගෝටාබයගේ සොහොන් නඩුව කල්දමා ඇත්තේ ඔක් මස පළමු වැනිදා තෙක් පමනි. එනම් එතැන් පටන් නඩුව යලි විභාගයට ගත හැක . නාම යෝජනා භාරගන්නා දිනය වන විට මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ඕනෑ තරම් කල් ඇත. එසේ වුව හොත් ගෝටාගේ හිස් තැන පුරවන්නේ කවුද ? ‌ගෝටා යනු ‌ නාමල් වෙනුවෙන් ශිරන්ති නමැති නිධානය ගොඩ දැමීම සඳහා දුන් බිල්ලක්ද? ‌
 
  • Like
Reactions: virajkavn

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eka wage ballo ekka inadala dan Gotata banala wadak na Sajith damme nathnam gota dinanawa ude idan raa wenakam bannath. Sajith aniwa kiyana one ANura kumarawai vijitha herath wai Ella maranawa kiyala unp eka kawata. unge lanu kala 10000k dunna anthime wadak karanna salli na .salary gewa gewa hitiya:yes::yes: harak gen wada gannawa misak upades ganna narakai. unp eka kela karagatte ethana unta poster gahanna stage gahanna dela ewata kama bima salli dena eka wenai.:D:yes::yes::D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    දැන් සමාජයේ තියෙන ඝෝටාට සම්භන්ධ ප්‍රබල කරුණු කීපයක් ගැන මං දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..
    1) මේ 225ම එපා :- මේක මං හිතන්නේ මංගල පල කරපු දෙයක්.. මොකද අපි දන්නවා රනිල්ට බෑ , මහින්ද හොරා , වගේ points සමාජයේ පතිරුවෙත් මංගල. මොකද UNP එකට ප්‍රභාකරන් ඉල්ලුවත් වැටෙන චන්ද ලක්ෂ 20,30ක් තියෙනවා.. මේ 225ම එපා seen එක නිසා හුගක් සිංහල චන්ද වැටෙන එක නවතිනවා. එතකොට මුස්ලිම් දෙමල චන්ද තව ලක්ෂ 30ක් විතර හදාගත්තම UNP දිනුම්.එක තමා මෙච්චර මිනිස්සු එපා කියද්දීත් මුස්ලිම් ඇමතිලාව ආයි පත් කලේ.සිංහල චන්ද ඕනේ නම් උන් ඔය වගේ දෙයක් කරන්නේ නෑ .

    2) ඝෝටගේ වටේ ඉන්න එවුන් හොද නෑ :- පළවෙන් කාරණය, මේක ජනාධිපතිවරණයක්, මේකෙදි එක්කෙනයි, වටේ ඉන්න අකමැති නම් ඒක පාර්ලිමේන්තු මැතිවරනේදී තීරණය කරන්න. 2015ත් මහින්දව පරාද කරනවට වඩා මිනිස්සුන්ට ඕන උනේ වටේ ඉන්න එවුන්ට return එකක් දෙන්න.එකේ ප්‍රතිපල තාම අපි දකිනවනේ.:D අනික ඔය කියන කසඩ දේශපාලකයන් හැම අපේක්ෂකයා වටේ ම ඉන්නවා.දැන් කියන්න එපා නාගා එහෙම නෑ කියලා .:D මොකද නාගට තාම දේශපාලන පක්ෂයක් නෑ .දැන් ලියාපදිංචි කරන්නත් බෑ .එහෙනම් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙන්න ඕනේ.එතකොට ඉතින් ආයි මේ ප්‍රශ්නෙම තමා .

    3)පවුල් පාලනය නවත්තන ඕනේ :sorry: :- ඇයි පවුල් පාලනය එපා කියන්නේ. ඇමරිකාවේ බුෂ්ලා දෙන්නෙක් පාලනය කලා . ඒ මිනිස්සු පවුල් පාලනයක් එපා කිව්වද? හිලරි ක්ලින්ටන් දේශපාලනේට ආවා . මිනිස්සු පවුල් පාලනයක් ගැන කිව්වා ද? පුද්ගලයා දක්ෂයෙක් නම්, තමන්ගේ කෙනෙක් දේශපාලනේ කරපු එක කොහොමද නුසුදුසු කමක් වෙන්නේ?

    4)ඝෝටා දරදඩු වැඩි :- මන් නම් කියන්නේ ඒක තමා ඝෝටාට තියෙන ලොකුම සුදුසුකම.රාජ්‍ය ආයතනයක finger print machine එකක් set කරන්න බෑ උද්ඝෝෂණ. දඩ ගහන්න බෑ bus strike . මේවා නවත්තන්න නම් කොන්ද පණ තියෙන එකෙක් එන්න ඕනේ. පිටකොටුවේ තියෙන අනවසර කඩ අයින් කරලා ඝෝටා පෙන්නලා තියෙනවා මිනිහා චන්ද බලන් වැඩ කරන එකෙක් නෙමේ කියලා .

    5)අපි පොදු විකල්පේ :P :- පොදු විකල්පේ කියන්නේ කවුද? නාගා,රොහාන්, JVP . මෙතනින් JVP එර අනිත් එවුන් එකෙක් ගැන වත් අපේ ගමේ එවුන් දන්නේ නෑ . මොකද උන් දේශපාලනේ කරන්නේ FB එකේ විතරක් නිසා. තාම හරි පක්ෂයක් නෑ , ගමකට ගිහිල්ලා නෑ , ඇත්තටම බැලුවම මෙයාල චන්දෙ ඉල්ලනවද කියන එකත් තාම confirm නෑ . :P:P එතකොට JVP එක. JVP එකේ අපේක්ෂකයා විදියට බොහෝදුරට එන්නේ හිටපු විගනකධිපති :D:D. මනුස්සයාගේ කියන්න තරං වැරද්දක් දැනට නෑ . හැබැයි JVP එකේ චන්ද පදනම තියෙන්නේ ලක්ෂ 6ක් වගේ.තව අලුත් චන්ද ලක්ෂ 4ක් හැදුනත් ලක්ෂ 10ට වඩා ගන්න බෑ . ඒවත් බොහෝදුරට සිංහල චන්ද. එහෙම වුනොත් ඒක බලපාන්නේ සිංහල චන්ද මත පදනම් වුනු අපේක්ෂකයාට. ඒ කියන්නේ ඝෝටාට. එහෙම උනොත් ආයි රනිල් අගමැති :P:P:P.

    .:D:D:D

    dfd
     

    Similar threads