නින්දක්_නැති_මිනිහෙක්..

නින්දක්_නැති_මිනිහෙක්..

මේ මගේ පළමු වැදගැම්මකට ඇති ත්‍රෙඩ් එකයි...:lol::lol:

Thai Ngoc උපන්නේ වියට්නාමයේ. දැන් එයාට වයස අවුරුදු 70ක් වෙනවා. 1973 අවුරුද්දේ එක දවසක එයාට හොදටම උන ගැනුනා.
එදා ඉදන් අද දක්වා එයා නිදාගෙන නැහැ. ඒ කිව්වේ මෙයා අවුරුදු 33කට වැඩි කාලයක් ජිවත් වෙලා තියෙන්නේ නිදාගන්නේ නැතිව එක දිගට ඇහැරිලා.
එයා මේ සම්බන්ධයෙන් පළකරන්නේ මේ වගේ අදහසක්.. "මම දන්නේ නැහැ නිදී මැරීම නිසා මගේ සෞක්‍යයට බලපෑමක් වෙනවද නැද්ද කියලා. එත් මගේ ගොවිපලේ කටයුතු අනිත් අය වගේ සාමාන්‍ය විදියට කරගෙන යන්න තරම් තාම මට හයිය තියනවා" එහෙත් නින්ද නොයාම ඔහුට දැනෙන්නේ හරියට තමුන් වතුර නැති ගහක් වගේ කියලත් ඔහු කියනවා.
Thai Ngoc ගැන එයාගේ අසල්වැසියෙක් කිව්වේ ඔහු හැමදාම කිලො50ක්(සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා කිලෝ 100ක් කියලා) බර ඌරු කෑම ගෝනි 2ක්(සමහර තැන්වල මේවා පොහොර ගෝනි කියල තියනවා) කි.මි 4ක් දුර ඔසවාගෙන යන බවයි.
එයාගේ නෝනා කියන්නේ ඉස්සර එයා හොදට නිදාගත්තා උනාට දැන් නම් අරක්කු ටිකකටවත් එයාව නිදිකරවන්න බෑ කියලයි.


HaiNgoc.jpg

thai_ngoc2.jpg
 
Last edited: