නිම්නාගෙ ඉතිහාසය | Book review

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,739
    9,067
    113
    AED061F8-366A-40BB-80D3-13B12E6B7A2D.jpeg

    මම මේ අවුරුද්දෙ කියවපු සිංහල නවකතා අතරින් හොඳම නවකතාව වගේම මේ වෙනකල් කියවලා තියෙන සිංහල නවකතා අතරින් මුල් ස්ථාන කිහිපය අතර තියන්න පුළුවන් පොතක් තමයි කෞශල්‍ය කුමාරසිංහ ගෙ 'නිම්නාගේ ඉතිහාසය' කියල කියන්නෙ. නවකතාවක් වුණත් මේක ලංකාවෙ පරම්පරා හතරක සිතුම් පැතුම්, ජීවන රටා වෙනස් වූ ආකාරය ගැන ලියපු පර්යේෂණ ස්වභාවයේ කෘතියක් කියල කියන එකත් නිවැරදියි කියල මට හිතෙනවා.

    කතාව පටන් ගන්නේ නිම්නා කියන 1989 නොවැම්බර් 9 වෙනිදා ඉපදුණ තරුණියකගෙ ෆේස්බුක් ගිණුම හිටි හැටියේ deactivate වීම හරහා. මේ දවස (නොවැම්බර් 9) විශේෂයි. ඒ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සිද්ධ වෙන්නෙ එදා නිසා.

    ඉතින් එහෙම පරම්පරාවක කෙනෙක් විදිහට ඉපදුණ නිම්නාගේ ජීවිතය ගලාගෙන යන්නෙ කොහොම ද? ඒ පරම්පරාව තමන්ට පෙර පරම්පරාවන්ගෙන් වෙනස් වෙන්නෙ සහ සමාන වෙන්නෙ කොහොම ද කියන කතාව වගේම ඒකට හේතු වුණ සමාජයීය කාරණා පොතේ දිග ඇරෙනවා. නිම්නාගේ කතාව 80 දශකෙ අග භාගයේ සහ 90 දශකයේ ඉපදුණ අයගෙ කතාව වෙන්නෙ ඒ විදිහට.

    කියවාගෙන යනකොට අපිට අපි වටේ ඉන්න චරිත මතක් වෙන්න ගන්නවා. සමහර වෙලාවට 'දෙයියනේ අපිත් මෙහෙම දේවල් කියල තියෙනව/කරල තියෙනව නේද?' කියල හිතෙන්න ගන්නවා.

    කෞශල්‍ය ගෙ රචනා ශෛලියේ මම කැමතිම දේ තමා කතාව කියන්න ඔහු යොදාගන්න නැවුම් සංකේතයි සරල නමුත් sexy කියල කියන්න පුළුවන් භාෂාව හැසිරවීම යි. ඔහුගෙ පළවෙනි පොත 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' වගේම ඔහුගෙ ගීත රචනා 'සුන්දර මැජික්කාරි,' 'කවුළු පියන්පත් වහන්න' වගේ ගීත රචනාවලත් මේ ලක්ෂණය දැකගන්න පුළුවන්. නිම්නාගෙ කතාවදි දළ කුමාරයාගෙ කතාව, බාබෙල් කොත, නිම්නාගේ උඩු තොලට ඉහලින් ඇති උපන් ලපය සංකේතයක් විදිහට කතාව පුරාම දිවෙනවා. නිම්නා කියන චරිතෙම ඇය අයිතිවෙන පරම්පරාවේ ස්වභාවය ගැන සංකේතයක්.

    විශේෂම කාරණය නිම්නාගේ ඉතිහාසය කියන්නෙ 'ගෑණු කතාවක්.' කතුවරයා පිරිමියෙක් වුණත් නිම්නා, එයාගෙ ලොකු අත්තම්මා, පුංචි අත්තම්මා, අම්මා, විශ්මි, තාරා, පණ්ඩුක ගෙ නංගි මේ හැම ගැහැණු චරිතය ගැනම පිරිමි ඇසකින් බලන්නෙ නැතුව ගැහැණු ඇසකින් බලලා කතාව ගොතන්න කතුවරයා දරා තියෙන උත්සාහය අති සාර්ථකයි. ගැහැණු මෙහෙමයි කියල බොහෝමයක් පිරිමි හිතන බහුබූත නැතුව ඇත්තටම ගැහැණු හිතන පතන ආකාරය නාඩියට අල්ලන්න කෞශල්‍ය සමත් වෙලා තියෙනවා.

    'ලිංගිකත්වය' කියන්නෙ නිම්නාගේ ඉතිහාසයේ ඉතාම වැදගත් සාධකයක්. කලින් කිව්වනේ මේක ඇත්තටම නිම්නාගේ විතරක් නෙවෙයි නගරවල සහ නගරාසන්නව ජීවත්වෙන අපේ පරම්පරාවෙ (millennials) කතාව කියල. අපි නොදැන හිටියට ලිංගික අනන්‍යතාවය නිසා අපේ ජීවිත මොන තරම් වෙනස්වෙනව ද කියන එක පොතේ ලස්සනට කියැවිලා තියෙනවා. ලිංගිකත්වය කතාවට ගැලපෙන්න, අඩුත් නැතුව වැඩිත් නැතිව යොදාගන්න කෞශල්‍ය සමත් වෙලා තියෙනවා.

    තමන්ගෙ ලිංගික දිශානතිය අඳුනගන්න බැරිව අතරමං වෙන ගැහැණු, උත්සාහ කරල තමන්ගෙ ලිංගික දිශානතිය අඳුනගන්න ගැහැණු සහ ඒ නිසාම නොසෑහෙන වන්දියක් ගෙවන්න වුණ ගැහැණු, ජීවිතේට පිරිමියෙක් ආවම තමන්ව අහිමි කරගන්න ගැහැණු, ලිංගිකත්වය නිසා ඇතිවෙන හිස්තැන් ආගමින් වහගන්න ගැහැණු නිම්නාගේ කතාව කියවද්දි අපට හමුවෙනවා.

    ඒ වගේම අපේ ආච්චිලා සීයලාගෙ පරම්පරාව නිදහසේ භුක්ති විඳපු ලිංගිකත්වය වර්තමානයේ දකින්න ලැබෙන conservative තත්වයට ක්‍රමිකව ආවෙ කොහොමද කියන එක පොතේ ලස්සනට විස්තර වෙනවා.

    අපේ පරම්පරාවෙ කතාවක් කියනකොට දේශපාලනය කියන සාධකය අමතක කරල ඒක කරන්න බැහැනෙ. ඉතින් සමසමාජ කාළෙ ඉඳන් 83 කළු ජූලිය, 88/89 භීෂණ කාලය, යුද්ධය, පශ්චාත් යුධ සමය, ජාතිවාදී කෝලාහළ ආදී හැමදේම කතාවට අවශ්‍ය පදමින් එකතු කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. කතාව කියවගෙන යනකොට අපි දන්න ප්‍රසිද්ධ චරිත ඔබට මතක් වේවි ;)

    කතාවෙ මුල හරිය ටිකක් විසිරුණ ස්වභාවයක් ගන්නවා. ඒ පිටු ටික ඉවසීමෙන් pass කරලා ඉදිරියට යනකොට අර විසිරුණ ගතිය නැතිවෙලා ඉතාම ක්‍රමානුකූලව කතාව ගලාගෙන යනවා. එතෙන්ට එන්න කියවන්න වුණ පිටු ගාණ අඩු වුණානම් තවත් හොඳයි කියන එක මගේ පෞද්ගලික මතය.

    පොතේ කවරය අති විශිෂ්ඨයි. පිටු 663 ක කතාවක් රූප හතරකින් සහ ලපයකින් කැටි කරල ඉදිරිපත් කරන්න කවර නිර්මාණකරුවා සමත් වෙලා තියෙනවා. දිනිඳු සිරිවර්ධන, ඒ ව්‍යායාමයට ඔබට ස්තුතියි.

    ඉතින් typical සිංහල නවකතාවකින් මිදිලා අලුත් කියැවීමේ අත්දැකීමක් ලබා දුන්නට කෞශල්‍ය ට ගොඩක් ස්තුතියි. ඒ වගේම නිම්නාගේ ඉතිහාසය 'මග ඇරගන්න එපා' වර්ගයේ නවකතාවක් විදිහට පාඨකයාට නිර්දේශ කරන්නත් කැමතියි.

    පළමු මුද්‍රණය - අහස ප්‍රකාශන
    නව මුද්‍රණය - විදර්ශන

    ~ මෙත්මලී දිසානායක ~
     
    • Like
    Reactions: NRTG and Champ HB

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    View attachment 96550

    සහන් කසීරල මෙත්මලීලාට අනුව විදර්ශන පොත් තමයි පොත්.
     
    • Like
    Reactions: Champ HB

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,067
    113
    සහන් කසීරල මෙත්මලීලාට අනුව විදර්ශන පොත් තමයි පොත්.
    "විදර්ශන පොත්" කියන්නෙ එක මනුස්සයෙක් ලියන දේවල් නෙමේනෙ, පබ්ලිෂින්ග් හවුස් එකක්නෙ. මට තේරෙන්නෙ නෑ ඔයාගෙ මේ ඇරියස් කවර් කිරිල්ල.
    කෙසේවෙතත් මම දැකලනම් නෑ ඒ දෙන්නා "විදර්ශන පොතක්" (?) උන පමණින් උඩ දානව.
     
    • Like
    Reactions: Champ HB

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    "විදර්ශන පොත්" කියන්නෙ එක මනුස්සයෙක් ලියන දේවල් නෙමේනෙ, පබ්ලිෂින්ග් හවුස් එකක්නෙ. මට තේරෙන්නෙ නෑ ඔයාගෙ මේ ඇරියස් කවර් කිරිල්ල.
    කෙසේවෙතත් මම දැකලනම් නෑ ඒ දෙන්නා "විදර්ශන පොතක්" (?) උන පමණින් උඩ දානව.
    ලෝකෙ හරිම කුරිරුයි. කුජීතයි. දෙන්නටම ඔහොම චරිත සහතික සහ පබ්ලිකේෂන් එක ගැන testimonials දෙන්න පුළුවන් වීම නිසා ඔබ ගැනත් මේ වෑයමත් ගැන මීට වඩා කතා කරන්නේ නෑ. මොකද මම හොඳින් දන්නා කෙනෙක් පොත ගැන කීව කතාව වෙනස්. හැබැයි එහෙම කියලා නොකියවා ඉන්නෙත් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලෝකෙ හරිම කුරිරුයි. කුජීතයි. දෙන්නටම ඔහොම චරිත සහතික සහ පබ්ලිකේෂන් එක ගැන testimonials දෙන්න පුළුවන් වීම නිසා ඔබ ගැනත් මේ වෑයමත් ගැන මීට වඩා කතා කරන්නේ නෑ. මොකද මම හොඳින් දන්නා කෙනෙක් පොත ගැන කීව කතාව වෙනස්. හැබැයි එහෙම කියලා නොකියවා ඉන්නෙත් නෑ.
    කියවලා බලලා කියපන් කියවන්න තරම් වටිනවද කියලා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,067
    113
    ලෝකෙ හරිම කුරිරුයි. කුජීතයි. දෙන්නටම ඔහොම චරිත සහතික සහ පබ්ලිකේෂන් එක ගැන testimonials දෙන්න පුළුවන් වීම නිසා ඔබ ගැනත් මේ වෑයමත් ගැන මීට වඩා කතා කරන්නේ නෑ. මොකද මම හොඳින් දන්නා කෙනෙක් පොත ගැන කීව කතාව වෙනස්. හැබැයි එහෙම කියලා නොකියවා ඉන්නෙත් නෑ.

    මෙත්මලියි සහන් මගෙ ලඟ මිත්‍රයො දෙදෙනෙක් නෙමේ. පොත් සම්බන්ධයෙන් හැමවෙලේම එකඟ නොවුනත් මෙත්මලී මගේ සෙන්සිබිලිටියට ළඟින් යන කෙනෙක් බව හිතෙනව. මගේ පෝස්ට් එකේ ප්‍රස්තුතය වෙන්නෙ කෞෂල්‍ය කුමාරසිංහගෙ (මම හිතන විදිහටනම් ඉතාම සාර්ථක) සාහිත්‍ය වෑයම ගැන මිනිස්සුන්ට දැන්වීම, බොහෝ අය මේවගේ සිංහල පොත් තියෙනව කියල දන්නෙත් නෑ. ඉතින් ඒවගෙ තැනක වෘත්තිමය පොත් විචාරකයොත් නොවෙන සාමාන්‍ය මනුස්සයො දෙන්නෙක්වයි, පබ්ලිෂින්ග් හවුස් එකකුයි ගාවගෙන හිතේ තියෙන යම් දෙයක් (whatever the fuck it is) මුදාහැරීම හාස්‍යජනකයි, ඒවගේම අම්බානෙක ක්‍රින්ජ්.

    පෝස්ට් එක‍යි විදර්ශණ පොත් එක්කයි ලොකු සම්බන්දයක් නම් නෑ...ඒත් ඒ ගැනත් ඔයා යම් දෙයක් කිව්ව නිසා මෙහෙම කියන්නම්. මම පෞද්ගලිකව ප්‍රිය කරන පබ්ලිෂර් ල වෙන්නෙ Penguin Classics, Everyman Library සහ ඒ වගේ අය. ඒ ඇයි කියල හිතල බැලුවොත් ඒ අයගෙ ප්‍රින්ට් එකේ තියෙන නිමාව, දෝෂ අඩු වීම, කීර්තිමත් සාහිත්‍යදරයොන්ගෙ පොත් පළකරල තිබීම සහ ඔවුන් එක්ක හොඳ සම්බන්දතාවයක් තිබීම සහ ඕවරෝල් ප්‍රඩක්ට් එකේ යම්කිසි ආට්සි බවක් තිබීම කියන කාරනා සැපිරීම නිසා බව පේනව. ශාස්ත්‍රීය පොත් නම් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, Elsevier, Routledge, Wiley අයටත් මේකතාව අදාලයි. ඉතින් ඒ හා සමානව ලංකාවෙ ප්‍රබන්ධ සාහිත්‍යය ගැන විදර්ශන බ්‍රෑන්ඩ් එක ගැනත් පැහැදීමක් තියෙනව. මිනිස්සු ඒකට කෑමති වීම ඉතාම තාර්කික දෙයක්.

    මම ඔයගෙ රෙස්පොන්ස් එක දැක්කම අන්දමන්ද උනා...හේතුව ඔයාගෙ ගැටලුව තියෙන්නෙ විදර්ශණලත් එක්කද, සහන් මෙත්මලී එක්කද නැත්තන් කෞශ්ල්‍යගෙ පොත එක්කද කියල. ඔය තරම් අනාරක්ෂත මානසික ව්‍යාකූල කමක් එක්ක ගැටෙන්න නුවමනයි මට.
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අන්න ඒකයි Penguin classics, Elsevier කියවන ඔබේ අදහස් ගොඩගේ,ගුණසේන, දයාවංශ ජයකොඩි කියවන අපි වගේ බයියන්ගේ අදහස් එක්ක ගැලපෙන්නේ නැහැ. සොරි හිත රිදුන නම්.
    අපි නම් විජය ප්‍රකාශනවලින් කියවන්න පටන්ගත්ත නිසා පිටකොටුවේ බෙල්ට් ජාවාරම්, මරදානේ පාලම යට මාකටිං වගේ දේවල් ගැන තමයි දැනුවත්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,067
    113
    අන්න ඒකයි Penguin classics, Elsevier කියවන ඔබේ අදහස් ගොඩගේ,ගුණසේන, දයාවංශ ජයකොඩි කියවන අපි වගේ බයියන්ගේ අදහස් එක්ක ගැලපෙන්නේ නැහැ. සොරි හිත රිදුන නම්.
    අපි නම් විජය ප්‍රකාශනවලින් කියවන්න පටන්ගත්ත නිසා පිටකොටුවේ බෙල්ට් ජාවාරම්, මරදානේ පාලම යට මාකටිං වගේ දේවල් ගැන තමයි දැනුවත්.

    ඊය බං...උඹට ඔයතරම් insecurties තියනව කියල දැනන් හිටියෙ නෑ. මේ රිප්ලයි එක ලියල තියෙන විදිහ බලපන්, මාරම ව්‍යාධියක ලක්ෂණ පේනව. මම මුකුත් කිව්වෙත් නෑ, උඹමනෙ poor me සීන් එකෙන් නාහෙන් අඬන්නෙ.

    මචං ඉන්ටනැෂනල් පබ්ලිෂර්ලව ගත්තෙ උදාහරණෙකට විතරයි, පොයින්ට් එක ලේසියෙන් හදන්න පුලුවන් නිසා. ඒ කාලෙ පොත්වලින් ගුණසේන, ද. ජයකොඩි, රජයේ ප්‍රකාශන ආයතනය වගේ ඒවගෙ තත්වෙ ගැන අපි හැමෝම දන්නව, ඒවයෙම එල්ලිලා හිටිය කියල උඹ ස්පෙෂල් වෙන්නෙ නෑ.

    එනිවේ "බයියා" කියන වචනෙ මෙතන ඈඳගැනීමෙන් උඹේ මුල් අදහස බොහෝ දුරට ඩික්ටේට් වෙන්නෙ පොලිටිකල් පදනමකින් බව පැහැදිලියි.
     
    Last edited: