අදුරු රුදු සෙවනැල්ල
අත හැරී පාවෙලා....
ධවල එලි වෑහෙනා...
නිම්නයක තනි වෙලා...
සංවේදනා පවා
දුර ඈත ඉගිලිලා.....
ඇරයුමක් කරනවද...
අවසානෙ පැමිණිලා.....
සුලග සේ හමා ගිය..
දිවියෙ කෙටි කාලයට....
නැවතුමක් ලැබදෙන්න...
සිතී ඇත දෛවයට....
ඇද ගමින් මා මනස...
සිහි කරයි හීනියට.....
තවත් මා අවැසි නැත..
මේ නිසල දේහයට.....
වසන්තය ගෙනා නෙත්..
කදුළු කැට පුරවලා....
අවසානෙ දැකගන්න
ඇය පවා පැමිණිලා......
තවත් නැත ඇගෙ ලොවට..
තහන්චිය පැටවිලා..
නිදහසේ ඉගිලියන්..
මල් හීය ඇත බලා......
කදුළු සලනා දෙනෙත්
පිසලන්න පැමිණිලා....
අවැසි මුත් වරම් නැත...
යලි එන්න පියඹලා...
දනන් අතරින් සොයා...
ප්‍රිය මිතුරු කැළ බලා....
අවසරයි මට කියා.....
නික්ම යමි සැගවිලා... !
අත හැරී පාවෙලා....
ධවල එලි වෑහෙනා...
නිම්නයක තනි වෙලා...
සංවේදනා පවා
දුර ඈත ඉගිලිලා.....
ඇරයුමක් කරනවද...
අවසානෙ පැමිණිලා.....
සුලග සේ හමා ගිය..
දිවියෙ කෙටි කාලයට....
නැවතුමක් ලැබදෙන්න...
සිතී ඇත දෛවයට....
ඇද ගමින් මා මනස...
සිහි කරයි හීනියට.....
තවත් මා අවැසි නැත..
මේ නිසල දේහයට.....
වසන්තය ගෙනා නෙත්..
කදුළු කැට පුරවලා....
අවසානෙ දැකගන්න
ඇය පවා පැමිණිලා......
තවත් නැත ඇගෙ ලොවට..
තහන්චිය පැටවිලා..
නිදහසේ ඉගිලියන්..
මල් හීය ඇත බලා......
කදුළු සලනා දෙනෙත්
පිසලන්න පැමිණිලා....
අවැසි මුත් වරම් නැත...
යලි එන්න පියඹලා...
දනන් අතරින් සොයා...
ප්‍රිය මිතුරු කැළ බලා....
අවසරයි මට කියා.....
නික්ම යමි සැගවිලා... !






මෙතන බැරි නං පීඑම් එකක් දාපන්