නියම පාඩමක්

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය.
පාසල් සිසුන් මෙන්ම තරුණ පිරිස් ද විශාල සංඛ්‍යාවක් බසයේ සිටගෙන සිටි අතර ‘‘මේ අම්මට කවුරුහරි සීට් එකක් දෙන්න’’ යැයි කීප විටක්ම පැවසූ කොන්දොස්තර තැනගේ හඬද වාඩිවී සිටි කිසිවකුට හෝ නොඇසුනා සේය.
මේ අතරේ සිටගෙන සිටි එක් පාසල් සිසුවකුගේ නෙත ගැටුණේ පාර දෙපස පසුවන සෑම බෝ වෘක්ෂයක්, බුද්ධ ප‍්‍රථිමා හා පන්සලක් ගානේ නැගිටිමින් යළි වාඩිවන කාන්තාවකි.
සිසුවාට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ දර්ශනය දුටු විටය.
‘‘අම්මේ අන්න අර සීට් එකේ ඉන්න කෙනා ඉස්සරහා බහිනවා. අම්ම එතෙන්ට යන්න. එයා නැගිට්ට ගමන්ම ටක් ගාලා වාඩිවෙන්න. නැත්තම් වෙන කවුරු හරි වාඩිවෙයි.’’ ඔහු වයස්ගත කාන්තාවට පැවසුවේය.
සිටගෙන සිටීමෙන් දැඩි සේ හෙම්බත්ව සිටි මහලූ කාන්තාව ද සිසුවා කී පරිදි වහා එතැනට ගියාය. සිසුවා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඊළගට හමුවූ පන්සලක් පසුවෙද්දී පෙරකී මගී කාන්තාව සම්පූර්ණයෙන්ම අසුනින් නැගිට්ටේ එතැනට උපහාර දැක්වීමටය.
ලද ඇසිල්ලෙන් ප‍්‍රයෝජන ගත් මහලූ කාන්තාව වහා අසුනින් වාඩි වූයේ සිසුවගේ උපදෙස් අකුරටම පිළිපදිමිනි.
‘‘මම බහින්නේ නෑ. තව දුර යනවා. මගේ සීට් එක මට දෙන්න’’ මගී කාන්තාව ඇයට පැවසුවාය.
‘‘පන්සල් බෝ ගස් ළඟ නැගිට නැගිට වාඩි වෙනවට වඩා පිනක් ඔය අම්මට සීට් එක දුන්න එකෙන් ලැබෙනවා’’ යැයි සිසුවාගේ යහළුවකු දුන් පිළිතුර හමුවේ එම තැනැත්තිය කරබාගෙන සිටගෙන සිටියේ බසයේ සිටගෙන සිටි සෙසු පිරිසගේ උපහාසාත්මක සිනා හඬ මධ්‍යයේය.

උපුටා ගත්තේ ලංකාදීපයෙන්...