වෙන්නෙ කොහොමද? ඇත්තටම මේ කියන්න යන දේවල් ඕන පිරිමියෙකුට වලංගු මූලික සිද්ධාන්තමය අදහස් කීපයක්. ගොඩක් අයගේ චරිත දිහා බලද්දි ඒ අයටවත් නොතේරෙන නමුත් පිට අයට තේරෙන බොහෝ පහල මට්ටමේ පෞරුෂමය ගති ලක්ෂණ තියෙන්න පුළුවන් (මට උණත් අදාලයි). මේ නිසා තමන් වටේ ඉන්න බහුතරය නොව, තමාට ආදරය කරන අය දාල යන්න ඒ දේවල් හේතු කරගන්න හොඳ නෑ. මෙතනදි මම අදහස් කරන්නෙ අනුන් නිසා තමන්ගේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගැනීම නොව ඊයෙට වඩා අද හොඳ වර්ෂන් එකක් වීමයි.
සාමාන්‍යයෙන් මම දවසකට මගේ එක චරිත ලක්ෂණය ගානේ හැමෝම ආස සහ මට මාව දැක්කම ආස හිතෙන විදිහට වෙනස් කරගන්නෙ කොහොමද කියල හොයාගෙන යනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වර්තමානෙ සැබෑ ලෝකයේ මාව ප්‍රිය කරන පුද්ගලයන්ගෙ වර්ධනයක් තියෙනවා. මම මේ කියන්නෙ මම ෆලෝ කරපු තියරි කීපයක් වාක්‍ය බවට පත් කරලා.
1. තමන්ගේ ශරීරයට ගරු කරමු. හොඳ පෝෂදායී ආහාර සහ බීම වර්ග ගමු. ව්‍යායාම කරමු. පිරිසිදුව පිලිවෙලට ඉමු. කොණ්ඩය, රැවුල සහ ඇගේ සියලුම රෝම මනා ලෙස අඩු වැඩි වශයෙන් තබා ගනිමු. ප්‍රියමනාප පෙනුමක් පවත්වා ගමු.
2. තමන්ගේ ආත්මයට ගරු කරමු. තමාට අවංක වෙමු. ධනාත්මක ඵල ලැබෙන දේ පමණක් කරමු. හරි විදිහට ජීවත් වෙමු. කිසි කෙනෙක්ට තමන්ට හෝ තමන්ගෙ පවුලෙ අයට ඇගිල්ලක්වත් දික් නොකර ඉන්න.
3. විවිධ මාධ්‍ය ඔස්සේ දැනුම ලබා ගමු. දිනපතා යාවත්කාලීන වෙමු. අලුත් අදහස් දරමු. ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කිරීමට උත්සහ කරමු.
4. කිසිම වැඩකට "නෑ" සහ "බෑ" නොකිය "උත්සහ කරමු" කියල පාවිච්චි කරමු. පටන් ගන්න වැඩ අවසානය තෙක්ම ඒකාකාරීව කරගෙන ගොස් අවසන් කරමු.
5. වචන පාවිච්චියේදී මනුස්සයා හා තැන අනුව වෙනස්කම් කරමින් සංවාදයේ යෙදෙමු.
6. මේ ලෝකෙ "හොද" සහ "නරක" කියල මිනිස්සු නෑ. අපිට යම් මනුස්සයෙක් අපේ සිතැගි වලට ගැලපෙන විදිහට සහ ඒ මනුස්සයාගේ ක්‍රියා කලාපය අනුව තමා හොඳ නරක තීරණය වෙන්නෙ. ඒක සාපේක්ෂයි. ඒ නිසා හොඳ අයට හොඳටත් සහ නරක අයගෙ වචන සහ ක්‍රියා බැහැර කරලත් ජීවත් වෙමු.
7. හැමතිස්සෙම සිනාමුසු මුහුණින් ඉමු. මිනිස්සුන්ට තමන්ගෙ සීමාවෙ ඉඳගෙන උදව් කරමු. මාන්නය අතඅරිමු (කවුරුත් ඔළුව උදුම්මගත්ත මිනිස්සුන්ට ආස නෑ)
8. අභියෝගයක් ආවම ඒකට මුහුණ දෙමු. උදව් උපකාර ලබා ගමු.
9. පිරිමි කම හැමතිස්සෙම පෙන්නන්න කියල රණ්ඩු දබර නොකරමු. ඊට වඩා හොඳ දේවල් වලින් තමන් නියම පිරිමියෙක් කියලා මිනිස්සුන්ට දැනෙන්න අරින්න පුළුවන්. ඒක ඔප්පු කරන්න කවදාවත් මහන්සි වෙන්න එපා.
10. කේන්තිය පාලනය කරමු. කේන්තිය නිසා වෙන්න පුළුවන් හානි ගැන හොයල ඉගෙනගමු. සංවේදී වෙමු
11. මිනිස්සුන්ව පල්ලෙහාට දාල, අපහාස කරලා කතා නොකර ඉමු. මොකද දවසක මේ වැඩේ අපිට කැරකිලා එන්නත් පුළුවන්. රැකියාවේ තත්වය හා ධනය ඉහල යෑම මත තමන්ගෙ නිහතමානී කමද වැඩි විය යුතුයි
12. වයසින් බාල පරපුර දැඩි ලෙස ආරක්ෂා කරමු. නිසි මාර්ගයේ යැවීමට උපකාර කරමු. වැඩිමහල් අයට ගරු කරමු. වැඩිහිටි උපදෙස් වලින් කාලෝචිත සහ ඵල සහිත දේ පමණක් ගනිමු.
13. නිදහසේ ජීවත් වෙමු. තව කෙනෙක්ගෙ නිදහස නැති නොකර ඉමු.
14. ආසාවන් පස්සෙ යමු. හැබැයි වැරදි ආසාවන් නෙවේ. හරි ආසාවන්. අනාගතය ලස්සන කරගන්න පුළුවන් ආසාවන්.
15. සංවාදයකදි වැඩිපුර අනෙකාට ඇහුම්කම් දෙමු. නොදන්නා තර්ක ඉදිරිපත් නොකර ඉමු. සෑම විටම තමා 100%ක් නිවැරදිමයි සිතා කටයුතු නොකරමු.
16. පෙම්වතා හෝ පෙම්වතිය හෝ තමාට ආදරය කරන ඕනෑම කෙනෙකු තමාගේ ජීවිතයේ වැදගත් කොටසක් කරගමු. පුද්ගලයා තමාට දක්වන වැදගත්බාවය අඩු වන්නේ නම් ඔහු/ඇය ජීවිතයෙන් සතුටින් බැහැර කර ඉදිරියට යමු. නමුත් ඔහු/ඇය ඉතිරි කර යන අත්දැකීම් මතකයේ තබා ගමු.
17. විනෝදකාමී, සෘජු ප්රතිපත්තිදාරී, නිර්භය සහ නිර්ලෝභී චරිතයක් වෙමු.
18. ආඩවැඩියාව පිටුදකිමු. ඒකෙන් වෙන්නෙ අපිව අනික් මිනිස්සුන්ට තවත් එපා වෙන එක. හැම තිස්සෙම උද්දීපනයෙන් යුතුව වැඩ කරමු. තමන්ට තමන් වගේ හොද මෝටිවේටර් කෙනෙක් නෑ තවත්
මම ෆලෝ කරපු දහස් ගාණක දේවල් වලින් කියාගන්න උවමණා උණ කීපයක් තමා මේ. අපේ ජීවිතය වෙනස් කරගන්න අපි තවමත් පරක්කු නෑ. මේ තමා ඒකට හොඳම කාලය.