නියම පිරිමියෙක්

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    වෙන්නෙ කොහොමද? ඇත්තටම මේ කියන්න යන දේවල් ඕන පිරිමියෙකුට වලංගු මූලික සිද්ධාන්තමය අදහස් කීපයක්. ගොඩක් අයගේ චරිත දිහා බලද්දි ඒ අයටවත් නොතේරෙන නමුත් පිට අයට තේරෙන බොහෝ පහල මට්ටමේ පෞරුෂමය ගති ලක්ෂණ තියෙන්න පුළුවන් (මට උණත් අදාලයි). මේ නිසා තමන් වටේ ඉන්න බහුතරය නොව, තමාට ආදරය කරන අය දාල යන්න ඒ දේවල් හේතු කරගන්න හොඳ නෑ. මෙතනදි මම අදහස් කරන්නෙ අනුන් නිසා තමන්ගේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගැනීම නොව ඊයෙට වඩා අද හොඳ වර්ෂන් එකක් වීමයි.

    සාමාන්‍යයෙන් මම දවසකට මගේ එක චරිත ලක්ෂණය ගානේ හැමෝම ආස සහ මට මාව දැක්කම ආස හිතෙන විදිහට වෙනස් කරගන්නෙ කොහොමද කියල හොයාගෙන යනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වර්තමානෙ සැබෑ ලෝකයේ මාව ප්‍රිය කරන පුද්ගලයන්ගෙ වර්ධනයක් තියෙනවා. මම මේ කියන්නෙ මම ෆලෝ කරපු තියරි කීපයක් වාක්‍ය බවට පත් කරලා.

    1. තමන්ගේ ශරීරයට ගරු කරමු. හොඳ පෝෂදායී ආහාර සහ බීම වර්ග ගමු. ව්‍යායාම කරමු. පිරිසිදුව පිලිවෙලට ඉමු. කොණ්ඩය, රැවුල සහ ඇගේ සියලුම රෝම මනා ලෙස අඩු වැඩි වශයෙන් තබා ගනිමු. ප්‍රියමනාප පෙනුමක් පවත්වා ගමු.
    2. තමන්ගේ ආත්මයට ගරු කරමු. තමාට අවංක වෙමු. ධනාත්මක ඵල ලැබෙන දේ පමණක් කරමු. හරි විදිහට ජීවත් වෙමු. කිසි කෙනෙක්ට තමන්ට හෝ තමන්ගෙ පවුලෙ අයට ඇගිල්ලක්වත් දික් නොකර ඉන්න.
    3. විවිධ මාධ්‍ය ඔස්සේ දැනුම ලබා ගමු. දිනපතා යාවත්කාලීන වෙමු. අලුත් අදහස් දරමු. ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කිරීමට උත්සහ කරමු.
    4. කිසිම වැඩකට "නෑ" සහ "බෑ" නොකිය "උත්සහ කරමු" කියල පාවිච්චි කරමු. පටන් ගන්න වැඩ අවසානය තෙක්ම ඒකාකාරීව කරගෙන ගොස් අවසන් කරමු.
    5. වචන පාවිච්චියේදී මනුස්සයා හා තැන අනුව වෙනස්කම් කරමින් සංවා‍දයේ යෙදෙමු.
    6. මේ ලෝකෙ "හොද" සහ "නරක" කියල මිනිස්සු නෑ. අපිට යම් මනුස්සයෙක් අපේ සිතැගි වලට ගැලපෙන විදිහට සහ ඒ මනුස්සයාගේ ක්‍රියා කලාපය අනුව තමා හොඳ නරක තීරණය වෙන්නෙ. ඒක සාපේක්ෂයි. ඒ නිසා හොඳ අයට හොඳටත් සහ නරක අයගෙ වචන සහ ක්‍රියා බැහැර කරලත් ජීවත් වෙමු.
    7. හැමතිස්සෙම සිනාමුසු මුහුණින් ඉමු. මිනිස්සුන්ට තමන්ගෙ සීමාවෙ ඉඳගෙන උදව් කරමු. මාන්නය අතඅරිමු (කවුරුත් ඔළුව උදුම්මගත්ත මිනිස්සුන්ට ආස නෑ)
    8. අභියෝගයක් ආවම ඒකට මුහුණ දෙමු. උදව් උපකාර ලබා ගමු.
    9. පිරිමි කම හැමතිස්සෙම පෙන්නන්න කියල රණ්ඩු දබර නොකරමු. ඊට වඩා හොඳ දේවල් වලින් තමන් නියම පිරිමියෙක් කියලා මිනිස්සුන්ට දැනෙන්න අරින්න පුළුවන්. ඒක ඔප්පු කරන්න කවදාවත් මහන්සි වෙන්න එපා.
    10. කේන්තිය පාලනය කරමු. කේන්තිය නිසා වෙන්න පුළුවන් හානි ගැන හොයල ඉගෙනගමු. සංවේදී වෙමු
    11. මිනිස්සුන්ව පල්ලෙහාට දාල, අපහාස කරලා කතා නොකර ඉමු. මොකද දවසක මේ වැඩේ අපිට කැරකිලා එන්නත් පුළුවන්. රැකියාවේ තත්වය හා ධනය ඉහල යෑම මත තමන්ගෙ නිහතමානී කමද වැඩි විය යුතුයි
    12. වයසින් බාල පරපුර දැඩි ලෙස ආරක්ෂා කරමු. නිසි මාර්ගයේ යැවීමට උපකාර කරමු. වැඩිමහල් අයට ගරු කරමු. වැඩිහිටි උපදෙස් වලින් කාලෝචිත සහ ඵල සහිත දේ පමණක් ගනිමු.
    13. නිදහසේ ජීවත් වෙමු. තව කෙනෙක්ගෙ නිදහස නැති නොකර ඉමු.
    14. ආසාවන් පස්සෙ යමු. හැබැයි වැරදි ආසාවන් නෙවේ. හරි ආසාවන්. අනාගතය ලස්සන කරගන්න පුළුවන් ආසාවන්.
    15. සංවාදයකදි වැඩිපුර අනෙකාට ඇහුම්කම් දෙමු. නොදන්නා තර්ක ඉදිරිපත් නොකර ඉමු. සෑම විටම තමා 100%ක් නිවැරදිමයි සිතා කටයුතු නොකරමු.
    16. පෙම්වතා හෝ පෙම්වතිය හෝ තමාට ආදරය කරන ඕනෑම කෙනෙකු තමාගේ ජීවිතයේ වැදගත් කොටසක් කරගමු. පුද්ගලයා තමාට දක්වන වැදගත්බාවය අඩු වන්නේ නම් ඔහු/ඇය ජීවිතයෙන් සතුටින් බැහැර කර ඉදිරියට යමු. නමුත් ඔහු/ඇය ඉතිරි කර යන අත්දැකීම් මතකයේ තබා ගමු.
    17. විනෝදකාමී, සෘජු ප්‍රතිපත්තිදාරී, නිර්භය සහ නිර්ලෝභී චරිතයක් වෙමු.
    18. ආඩවැඩියාව පිටුදකිමු. ඒකෙන් වෙන්නෙ අපිව අනික් මිනිස්සුන්ට තවත් එපා වෙන එක. හැම තිස්සෙම උද්දීපනයෙන් යුතුව වැඩ කරමු. තමන්ට තමන් වගේ හොද මෝටිවේටර් කෙනෙක් නෑ තවත්

    මම ෆලෝ කරපු දහස් ගාණක දේවල් වලින් කියාගන්න උවමණා උණ කීපයක් තමා මේ. අපේ ජීවිතය වෙනස් කරගන්න අපි තවමත් පරක්කු නෑ. මේ තමා ඒකට හොඳම කාලය. :yes:
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    lingaye diga palala paridiya adala wenne nadda
    නෑ මචං. උඹට හරියට මොකක් හරි වැඩක් උඹේ ක්ලයන් සතුටු වෙන විදිහට කරන්න පුළුවන් නං, ඒ වැඩේට පාවිච්චි වෙන ටූල් වල උස පලල දිග ලොකුවට උවමනා නෑ. හැකියාවයි එතනදි ලැබෙන ප්ලෙෂර් එකයි වැදගත්.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83

    Godak dewal aulak na.. eth gedara gani waliyak dammoth okkoma kammuthui..:p
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    11. මිනිස්සුන්ව පල්ලෙහාට දාල, අපහාස කරලා කතා නොකර ඉමු. මොකද දවසක මේ වැඩේ අපිට කැරකිලා එන්නත් පුළුවන්. රැකියාවේ තත්වය හා ධනය ඉහල යෑම මත තමන්ගෙ නිහතමානී කමද වැඩි විය යුතුයි

    ගොඩක් එවුන්ට මේක තේරෙනවා අඩුයි
    කැරකිලා එන එක නම් එනවා නැති වෙන්නම
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    එකගයි .. ඊයෙ මගෙ කෙල්ල මට කියපු දෙයක් නිසා මට මල පැන්න .. ඒත් කොහමහරි ඒක ගැන කෙල්ලටවත් නොතේරෙන්න එයත් එක්ක කතා නොකර හිටිය .. කොටින්ම කීවොත් බාවනා කලා .. දෙකක් කියල එයාගෙ සිත රිදවන්න ඕනමයි කියල ඔලුව පට්ට විදියට ප්‍රෙශර් උනේ .. ඒත් මම කොහම හරි තදින් පාලනය කරගෙන කෙල්ලත් එක්ක කතා නොකරම නින්දට ගියා .. උදේ කතා කලෙත් නෑ .. කෙල්ල කෝල් කරනකොට ආන්ස්වර් නොකරම හිටියා .. අන්තිමේදි මම ආන්ස්වර් කලාම හොටු පෙරාගන අඩනව ගණන් ගන්නෙ නෑ කියල .. මම එතනදි සතුටු උනා මම ඊයෙ මල පැනපු වෙලාවෙ කියෙව්වානම් මම කොයිතරම් පදිරි වෙනවද කියල කෙල්ල ඉදිරියේ
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Meaning ?
    ආවඩැවියාව:

    හැම දේටම නහෙන් අඩන/ දෙයක් නොලැබුනාම ඒක නොලැබිච්ච එක ගැන කියව කියව ඉන්න/ හැමදේකම ඇද දකින සහ දැකපු ඇද කියවන එක / හැමදේම සීරියස් අරං ඩෙගා නටන/

    මේ වගේ දේවල් මචං කොල්ලෙක්ට තිබ්බොත් ඒ කොල්ලගෙ වටේ උන්ට ඌව එපා වෙනවා. දැන් මට බලහං මේක ඇතුලෙ කියවන ඒවා. මම ඒ ගැන කියව කියව පෝස්ට් දාන්නෙ නැහැ. කොටින්ම මට කවුරු මොනව කිව්වත් අප්සට් යන්නෑ. මොකද උන් ඒකෙන් ආතල් එකක් ගන්නවා. උන් ආතල් එකක් ගන්න හැටි දැකල මට ඊට වඩා ආතල් එකක් ලැබෙනවා. :baffled:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241204524_2988281661448980_1884847826440145489_n.jpg
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    එකගයි .. ඊයෙ මගෙ කෙල්ල මට කියපු දෙයක් නිසා මට මල පැන්න .. ඒත් කොහමහරි ඒක ගැන කෙල්ලටවත් නොතේරෙන්න එයත් එක්ක කතා නොකර හිටිය .. කොටින්ම කීවොත් බාවනා කලා .. දෙකක් කියල එයාගෙ සිත රිදවන්න ඕනමයි කියල ඔලුව පට්ට විදියට ප්‍රෙශර් උනේ .. ඒත් මම කොහම හරි තදින් පාලනය කරගෙන කෙල්ලත් එක්ක කතා නොකරම නින්දට ගියා .. උදේ කතා කලෙත් නෑ .. කෙල්ල කෝල් කරනකොට ආන්ස්වර් නොකරම හිටියා .. අන්තිමේදි මම ආන්ස්වර් කලාම හොටු පෙරාගන අඩනව ගණන් ගන්නෙ නෑ කියල .. මම එතනදි සතුටු උනා මම ඊයෙ මල පැනපු වෙලාවෙ කියෙව්වානම් මම කොයිතරම් පදිරි වෙනවද කියල කෙල්ල ඉදිරියේ
    ආඩවැඩියාව පිටුදකිමු මචං
     
    • Haha
    • Like
    Reactions: Mosess and Jeewa 95