Police Joke?
දැන්වීම් වල දුරකතන අංක දැම්මොත් හිරකාරයො කෝල් කරල කප්පම් ඉල්ලයි
අන්තර්ජාල බැංකු කටයුතු කිරීමේදී හා වෙළද දැන්වීම් වල තම ස්ථාවර දුරකතන අංකය පළ කිරීමේදීපරිස්සම් වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද මාධ්‍ය
හමුවකදී ජනතාවට දැනුම් දුන්නා.
වෙළද දැන්වීම් වල ස්ථාවර දුරකතන අංකය ලබා දීමේ හොද ප්‍රතිඵල වගේම නරක ප්‍රතිඵලත් ලැබිය හැකි බව මතක් කර දුන් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් කිව්වේ අදාල වෙළද දැන්වීමේ ගනුදෙනුව අවසන් වූ පසුව සල්ලි තිබෙන බව දැන ගන්නා මේ අපරාධ කල්ලි අදාල දුරකතන අංකයට කතා කර කප්පම් ඉල්ලීම සිදු කල හැකි බවයි.
හොදම කතාව නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කප්පම් ඉල්ලන කල්ලි ගොඩේ බන්ධනාගාර හිරකරුවන්වත් සදහන් කිරීමයි. විශේෂ පොලිස් ආරක්ෂාවක් ඇතිව සිටින මේ හිරකරුවන්ට දුරකතන කොහින්ද? පොලිසීයේ උපකාරයත් මේ අපරාධ වලට ලැබෙනවාද? පසුගිය දවසක බන්ධනාගාර වල තිබී හමුවූ දුරකතන 6600 ක් ගැන නිව්ස් එකක් අපි ඔබට කිව්වා. හිරකරුවන් අපරාධ වලට සම්බන්ධ කර නොගැනීමේ වැඩපිළිවෙලකට යනවා මිස මහ ජනතාවගේ එදිනෙදා කටයුතු බයෙන් සැකෙන් ගෙවන වාතාවරණයක් හදන්නේ ඇයි යන්න දැන් තිබෙන ප්‍රශ්නයක්.