නියෝජ්‍ය පොලිස්පති
මංකොල්ලකාර විහාරාමාධිපති සංඝ මැරයා සමග නි.පොලිස්පතිගේ 'රමණ රාජකාරිය': සේයාරූ සාක්කි මෙන්න: සංඝ මැරයාට ශාසනෙන් දඩුවම් නෑ: නි.පොලිස්පතිට නීතියෙන් දඩුවම් නෑ---------
(ලංකා ඊ නිව්ස් -2013.අප්‍රේල්.21, ප.ව.10.30) ශ්‍රී ලංකාවේ කොතැනක හෝ දූෂනයක්, අපරාධයක්, අවනීතියක් සිදුවන්නේ නම් එතැන දේශපාලූවෙක් හෝ පූජක වෙස් ගත් ආගමික වංචාකාරයෙක් හෝ ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයෙක් හෝ ඉහත තිදෙනාම හෝ ඊට ගෑවී සිටීම මෑත කාලයේ ලංකාවේ දකින්නට තිඛෙන අනිවාර්ය ලක්ෂණයක් වී තිබේ.
පාතාලයට රැකවරණ දීම, අවි කුලියට දීම, කොල්ලකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම, රුපියල් 5000 හොර නෝට්ටු ලඟ තබා ගැනීම සහ අසභ්‍ය වීඩියෝ පට 150 ක් ලඟ තබා ගැනීම ආදී අපරාධ රැසක් වෙනුවෙන් ගාල්ල, බණ්ඩාරිගම සුන්නදාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නම් අයිආර්සී සංඝ මැරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔහු සමග සම්බන්ධ කම් පැවැත්වූ ආරක්ෂක ලොක්කෝ සුවසේ සිටිති.
• ඉහත කී ලෙසටම ආගමට මුවාවී දුරාචාරයේ යෙදුනු සුමිත්ත සංඝ මැරයා සමග දැනට විශ්‍රාම සුවයෙන් පසුවන එවකට ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිද සම්බන්ධකම් පවත්වා තිබේ. එම සම්බන්ධතා හෙළිකෙරෙන සේයාරූ කිහිපයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා හොර අඹුවන් ලෙස තබාගෙන සිටින කාන්තා පොලිස් නිලධාරිනියන් 'රමණ රාජකාරි' සඳහා රැගෙන ගොස් ඇත්තේ හෝටල් වෙත නොව සුමිත්ත මැරයාගේ පන්සලට ය. එවැනි අවස්ථාවන් හිදී සුමිත්ත සංඝ මැරයා මත්පැන් වලින් සංග්‍රහ කර ඇති අතර බයිට් ලෙස ඔම්ලට් ද සාදා දී තිබේ. අහිංසක බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් තම ඥාතීන්ට පිං පිණිස පන්සලට පූජා කර ඇති පිඟන් වල 'රමණ රාජකාරි' සඳහා පැමිණි පොලිස් නිලධාරියාට 'බයිට් පූජා' කර ඇති අයුරු මෙහි දැක්වෙන පළමු සේයාරුවේ දැක්වේ.
• නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් තම නිල ඇඳුම පන්සලේ බෝල කූඩුවේ එල්ලා 'රමණ රාජකාරි' කරද්දී ලබා ගත් නිල ඇඳුමේ පින්තූරයක් දෙවන සේයාරුවේ දැක්වේ.
• තුන්වන සේයාරුවේ දැක්වෙන්නේ නියෝජ්‍ය පොලිස්පති සමග 'රමණ රාජකාරි' වෙනුවෙන් පන්සලට පැමිණි පොලිස් කාන්තාවක් ලබා ගත් විවේකයේදී සුමිත්තගේ ලැප්ටොප් පරිඝනකයෙන් 'ෆේස් බුක්' අඩවියේ සක්මන් කරමින් සිටි අවස්ථාවකි.
• හතර වන සේයාරුවෙන් දැක්වෙන්නේ සුමිත්ත සංඝ මැරයාගේ කොල්ල කරුවන්ට පොලිස් වෙස් ගෙන කොල්ල කෑමේ යෙදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි විසින් ලබා දුන් පොලිස් නිල ඇඳුමක් කොල්ල කරුවෙකුට අන්දා හැඩ බලන අවස්ථාවකි. සුමිත්ත සංඝ මැරයාද පොලිස් වෙස් ගත් කොල්ල කරුවා සමග සේයාරුවට මුහුණ දී සිටී.
මෙතරම් වැරදි කර දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මේ සංඝ මැරයාට නායක හිමිවරුන් දුන්නේ පුංචි දඩුවමකි. එනම් ඔහුගේ අධිකරණ සංඝ නායක කම අත්හිටැවීම පමණි. මොහු චීවරයක් ලාගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නේ සමස්ථ සංඝ පරපුරටම නින්දා කරමිනි. නායක හිමිවරුන්ට ශාසනාලයක් තිබේනම් මෙවැනි දූෂිතයන්ගේ සිවුරු ගලවා, තට්ටයේ තාර ගා, පස්ස පැත්තට පයින් ගසා ශාසනයෙන් එළවා දැමිය යුතුය.
එමෙන්ම මෙතරම් වැරදි කර ඇති නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට දඩුවම් ලබා දීම තබා චෝදනාවක් හෝ ඉදිරිපත් කර නැත. මේ මංකොල්ල කෑම් සඳහා නිල ඇඳුම් ලබා දී, ගිනි අවි ලබා දී, පොලිසියේ ආරක්ෂාවද ලබා දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිය. මෙවැනි බරපතල වැරදි රැසකින් මොහුට ලිස්සා යෑමට ලිස්සා යෑමට ඉඩ දී ඇතිවා පමණක් නොව, ඔහු ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වී ඒමට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකුව සිටියදී අල්ලස් චෝදනාවක් තිබුනද එයද විභාගයට නොගෙනම නිස්කාන්සුවේ විශ්‍රාම ලැබීමට ඉඩ සලසා දුන්නේ වත්මන් පොලිස්පතිවරයා ය. තවමත් ඔහු නිරුපද්‍රිත ය. චෝදනා නැත. සුවසේ විශ්‍රාම සුව විඳී. හෙට අනිද්දා ජනාධිපති උපදේශකයෙකු හෝ ආරක්ෂක අමාත්‍යාංශ උපදේශකයෙකු වීමට ද බැරි නැත.
මේවා සත්‍ය වශයෙන්ම සැබෑ බෞද්ධයන්ගේ හද කම්පා කරවයි. මේවා සත්‍ය වශයෙන්ම නීති ගරුක පුරවැසියන්ගේ හද කම්පා කරවයි.